IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

ලහිරු හර්ෂණ
 
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට්ටුවට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් නඩු විනිසුරුවරුන් නව දෙනකු හෝ 11 දෙනකුගෙන් සමන්විත සම්පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හරහා විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

 
හෙට පාර්ලිමේන්තුවේ දී කතානායරකවා විසින් අලුත් අගමැතිවරයකු පත් කරනු ඇතැයි ඇතැමුන් බලාගෙන සිටිය ද අගමැති හා ඇමැතිවරුන් පත් කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනපතිට පමණක් බවත් ඇමැතිවරයා කීවේය.
 
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
 
මැති අමැතිවරු රැසක් ඊට එක්ව සිටිති.
 
ඇමැති දිනේෂ් ගුණවර්ධන - 
 
‘‘පාර්ලිමේන්තුව දේශපාලන ආණ්ඩු පෙරලියකට පසුගිය 26 වැනි දා භාජනය වූ බව අපි කළින්ම ප්‍රකාශ කළා. එවකට තිබුණු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධානයේ ගිවිසුම අවසන් වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව  වසන් වුණා. එවැනි ගිවිසුමක අවසානයේ දී ආණ්ඩුව විසිරී යනවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමත්‍යවරයා ලෙස පත් කර අමාත්‍ය මණ්ඩලය පත් කළා. මේ අතර ජනාධිපතිත් අගමැතිත් අමාත්‍යමණ්ඩලයත් සාකච්ඡා කිරීමෙන් පසු මෙරට ඡන්ද දායකයන්ට උත්තරීතර පාර්ලිමේන්තුවක් අලුතින් පත් කිරීම සඳහා මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. ජනවාරි 05 මහ මැතිවරණ පවත්වන්න නිවේදනය නිනුත් කළා. පාර්ලිමේතුවක් විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි. ඒ අනුව ඒ බලතල පාවිච්චිකරමින් රටේ ජතාවට අලුත් පාර්ලිමේන්තුවක් පත් කර රටේ ජනතාවට වඩා ශුබවාදී කිරීමට පාලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා.
 
මේ අතරතුර  පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීමේ නිවේදනය පැවැත්වීමේ ජනාධිපතිතුමාගේ ගැසට් නිවේදනය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගිහින් එය අවලංගු කරන ලෙස ඉල්ලා සිටියා. අද ශ්‍රේෂ්ඨාධිකරණය  එය තාවකාලික අත්හිටුවීමක් පමණක් කරලා තියෙනවා.  

ඡායාරූප - ලහිරු හර්ෂණ



අදහස් (12)

ගැසට්ටුවේ නඩු විභාගයට පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉල්ලයි

Appuhami Tuesday, 13 November 2018 04:34 PM

මෙයාලා පව් කියලත් හිතෙනවා..

:       0       0

SENEVIRATNE Tuesday, 13 November 2018 04:39 PM

එතකොට තමුන්ගේ සාක්කුවේ ඉන්න විනිසුරුවන් සෙට් එක අඳබාල තීන්දුවකින් 6/5 එකක් අරන් තක්කඩි තීන්දුව නිවැරදිබව කියවෙන තීන්දුවක් ලබාගන්න පුළුවන්. මේ වගේ තක්කඩි රෑනක් නම් මම ජීවිතේටම දැකලා නැහැ. අප්පිරියි

:       0       0

Rata Perata Tuesday, 13 November 2018 04:43 PM

කම්බාහොරු රැල...

:       0       0

ahula Tuesday, 13 November 2018 04:48 PM

70% ක් අන්ත දුප්පත් ජනතාවක් ඉන්න රටක තමයි... මේ සෙල්ලම් දාන්නේ මේ දෙගොල්ලම ජනතාවේ රීරි මනස හූරා කාලා ඉවරයි... එහෙත් අරුමේ කියන්නේ මේක තේරුම් ගන්න දුක් විඳින මිනිස්සුන්ට බැහැ... මිනිස්සු හිතන් ඉන්නේ මෙහෙම තමයි රටක් තිබෙන්න ඕනෑකියලා අද ලෝකයටම මෙගාකරුවන්, කම්කරුවන්, පිරිසිදු කරන්නියන් සපයන රටක්... ලෝකේ මිනිස්සු හිතන් ඉන්නේ මේ අයගේ රටවල ඊට වඩා හොඳ රස්සාවක් කරන්න මිනිස්සු නැහැ කියලා ඔන්න රටේ අභිමානය ගෙනත් තියෙන තැන...

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:56 PM

නරකද මුලුරටේම ජනතාවට විනිශ්චය කරන්න ඉඩ දුන්නාම.... එජාප කට්ටිය පනබයයි ජනතා අධිකරණයට... දන්නවා ලැබෙන තීන්දුව...

:       0       0

Nishantha Tuesday, 13 November 2018 05:09 PM

කෙටිම කාලයක් බලයේ හිටිය කැබිනට්..

:       0       0

lal Tuesday, 13 November 2018 05:15 PM

මුන් බුදිද නැත්නම් හැටිද ?

:       0       0

Rishan Tuesday, 13 November 2018 05:27 PM

ලස්සන මූණු ටිකක්!!! හොඳටම මැලවිලා...

:       0       0

True citizen Tuesday, 13 November 2018 05:38 PM

ඔක්කොම මූණවල් මැලවිලා...

:       0       0

දම්මික පෙරේරා Tuesday, 13 November 2018 05:50 PM

ගුටිකාලා එලවනකම්ම දඟලපල්ලා..! අමාරුවෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනේ ෂෝට් කට් වලින් බලය ලබාගන්න බැරි බව දැන්වත් අවබෝධ කර ගනිල්ලා... තවත් මෝඩ වැඩ නොකර, බල ලෝභය අයින් කරලා, රටේ ආර්ථිකය ගොඩගන්න උදව් කිරීමයි පුරවැසියෙක් සතු වගකීම...

:       0       0

Annon69 Tuesday, 13 November 2018 06:39 PM

උගතා නැතිතැන මෝඩයත් පණ්ඩිතයෙකි.

:       0       0

V.warnakulasuriya Tuesday, 13 November 2018 06:58 PM

"පාර්ලිමේන්තුව විසිරවිය හැක්කේ ජනාධිපතිවරයාට පමණි." කවර අවස්ථාවකද යන්නත් පැහැදිළි කළා නම් මැනවි. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත පාලනයක අගමැති පත්කරන ක්‍රමයද විස්තර කළේ නම් අපි දැනුවත් වෙමු. මොකද දැන් තියෙන තත්ත්වය අනුව කුලිකරුවෙක් යොදා ජනාධිපතිව මරන්න යනවාය කියා සැළසුමක් සකස් ⁣කළොත් පාර්ලිමේන්තුව විසිරවනු ඇත. අගමැතිවරු මාරුකරනු ඇත. ජනාධිපතිතුමාට අනුව මන්ත්‍රීවරු විකිණෙනු ඇත. මැතිවරණ කොමසාරිස්තුමාට නිතරම දෙන්න. බිලියන හතරක් පහක් වේල කන්න නැතිව ඉන්න ජනතාවට දායක වෙන්නට සිදුවෙනවා ඇත. වරද ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදීවීමට යාමයි. රජ කෙනෙකුගේ පාලනයක් නම් අපට කියන්නට දෙයක් නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 470 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1848 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1428 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 801 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1971 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 96 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site