IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදා නියමුවා ඉන්දියාවට පැමිණෙයි

වගාහ්හිදීය, ඉන්දියාව (ඒ.එෆ්.පී)

පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අද (1) රාත්‍රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය. 

සාමයට අත දිගු කිරීමක් ලෙසින් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (28) පැවැසීය.

ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන ලද්දේ ඒ අනුවය. කෙසේ නමුත් වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් දේශසීමාව පසු කරමින් ඉන්දියාවට පැමිණියේ අපේක්ෂා කළ වේලාවට පැය කිහිපයකට පසුවය.

පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද (1) පස්වරුවේ ඉන්දීය බලධාරීන් වෙත බාර දෙන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි එරට පාර්ලිමේන්තුව අමතමින් අද (1) පෙරවරුවේ පැවැසීය.

කෙසේ නමුත් රාත්‍රී 8 පසුවන තුරුත් ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දීය බලධාරීන් වෙත බාර දී නොතිබිණි. වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ ලාහෝර් නගරයට නැගෙනහිරින් පිහිටි වගාහ් දේශසීමාවේදී ය. එය වාර්තා කිරීමට දෙරටේම මාධ්‍යවේදීන් පැමිණ සිටි දෙරටේම විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීම ප්‍රමාද වීමත් සමඟ එහි පැමිණ සිටි ජනතාව කෙමෙන් කෙමෙන් අඩුවිය. 

මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් දෙරටේම බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව  විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුගිය 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංඝණය කරමින්, පාකිස්තානයට පැමිණ පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාව පෙබරවාරි 27 වැනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කළේය.

ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කරන්න වූ ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය. උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී, එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි. පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ එම ප්‍රහාරක යානයේ නියමුවා වූ අභිනන්දන් වර්තාමන් ය. අභිනන්දන් වසර 16 ක පළපුරුද්දක් ඇති ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවකු යැයි ද ඔහු දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියකු යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.  

ඉන්දීය ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු තම අත්අඩංගුවේ පසුවන බව පාකිස්තාන යානා ඉන්දීය ප්‍රහාරක යානාවලට පහර දුන් අවස්ථාවේදී පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ඝෆූර් ප්‍රකාශ කළේය. ගුවන් නියමුවන් දෙදෙනාම යහතින් පසුවන බව පැවැසුවත් ප්‍රසිද්ධියට පත්වූයේ භිනන්දන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පමණි. උඩු ගුවනේ සිදු වූ ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව ඉන්දියාව ප්‍රකාශ කළත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.  

055

 



අදහස් (8)

ගුවන් හමුදා නියමුවා ඉන්දියාවට පැමිණෙයි

Laksitha paris Friday, 01 March 2019 07:43 PM

මම පාකිස්තාන්...

:       70       106

Amila Saturday, 02 March 2019 02:32 AM

ඉන්දියාවට සිදුවූ වසම ලැජ්ජාව.

:       53       277

anura Saturday, 02 March 2019 09:29 AM

අපිට පරිප්පු දැම්මා වගේ පාකිස්ථානයට බෝම්බ දාන්න ගිහින් අවුල් වගේ..

:       0       192

Sama Saturday, 02 March 2019 09:30 AM

මෝදි පරාද වුණා...

:       0       59

pakisthan Saturday, 02 March 2019 09:30 AM

පිට පරිප්පු අවශ්‍ය නැත... පරිප්පු දැමීම සපුරා තහනම්

:       0       32

smn Saturday, 02 March 2019 02:02 PM

මේ නිසා ඊළඟ මහමැතිවරණයේ දී මෝදිට අත් වෙන්නේ අන්ත පරාජයක්.

:       0       86

පිටිගල මිලානෝ Saturday, 02 March 2019 02:30 PM

අපිට දාපු පරිප්පු ඉන්දියාව දැන් අනාගෙන කනවා.

:       0       148

Mahee Sunday, 03 March 2019 01:46 AM

මේ ගුවන් නියමුවා ඉතාම වටිනා කතාවක් කරනවා. ඉන්දීය මාධ්‍ය විසින් ඉතා කුඩා දෙයක් මහා ඉහලින් උලුප්පා දක්වල සත්‍යය විකෘති කළා කියලා. පකිස්තාන හමුදා තමන්ට විශිෂ්ට ආකාරයෙන් සැලකු බවත් ඔහු කියනවා. සත්‍යය විකෘති කිරීමෙන් රටවල් ගිනිතියන්න මාධ්‍යවටලට පුළුවන් බව නොවේද ඒ කියවෙන්නේ? ඉන්දියානු මාධ්‍ය හරි කැමතිවෙයි පකිස්තාන හමුදා තමන්ට වද දුන්න කියලා ඔහු කිව්වා නම්. නමුත් සත්‍යය නිර්භයව කියා සිටි ගුවන් නියමු අභිනන්දන් වර්තමාන්ට මගේ උපහාරය!

:       0       83

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 130 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 166 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 294 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 88 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 279 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 539 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 202 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1496 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site