IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


'ගුවන් මගීන්ට සිදුවන අපහසුතා ඉවසීමෙන් දරාගන්න'

(ටී.කේ.ජී.කපිල )

පාස්කු දා ප්‍රහාරයත් සමඟ කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත් එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් සැලසීම අපහසු වී ඇති බැවින්, ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් තොටුපළ සභාපතිවරයා, ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය බුද්ධි අංශ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළත් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ දැනුම අනුව නව ආරක්ෂක වැඩපිළිවෙළ සම්පාදනය කර ඇති බවත් කීය.

මෙහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම සිදු කෙරෙන අතර, දෙවනුව ගුවන් මගීන්ගේ පහසුකම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවද පැවසීය.

එහිදී මුලින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ පියවර රැසක් ගත් අතර  ඒ නිසා ගුවන් මගීන්ට අපහසුතා ඇති වන බව තමා පිළිගන්නා බවද පැවසීය.

දෙවනුව ගුවන් යානා ප්‍රමාද වීම් සහ අවලංගු වීම් නොමැති වන ආකාරයට දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අප කටයුතු කළා. මේ සඳහා ගුවන් තොටුපළ සේවකයින් කැපවීමෙන් තම සහයෝගය ලබා දුන්නා. ගුවන් තොටුපළට පිවිසීමේ දී  අමතර ආරක්ෂක කටයුතු  නිසා ඇතිවිය හැකි ප්‍රමාද වීම් අවම කිරීම සඳහා තම ගුවන් යානය පිටත්වීමට පැය 4 කට ගුවන් තොටුපළ වෙත මගීන්ට පැමිණ සිටින ලෙසද කළමනාකරණ ප්‍රධානීවරයා දැනුම් දුන්නේය .

මෙසේ ගුවන් තොටුපළ වෙත පිවිසෙන තනි තනි පුද්ගලයන් සහ කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් වෙන වෙනම මං තීරු ඔස්සේ රැගෙන විත් පරීක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී මගීන්ගේ ගමන් මලු සහ භාණ්ඩ පරීක්ෂා කිරීම සදහා අවශ්‍ය  එක්ස් - කිරණ යන්ත්‍ර දිනක් වැනි කෙටි කාලයක් තුළ පිටත්වීමේ පර්යන්තයෙන් පිටත සවි කිරීමට කටයුතු කළ ගුවන් තොටුපළ ඉංජිනේරු අංශයේ සේවක පිරිස් වෙත කළමකාර ප්‍රධානීවරයා සිය ප්‍රසංශාව ප්‍රකාශ කළේය .

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග, එම සමාගමේ උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව විජේරත්න, ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි, කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් සේනක ප්‍රනාන්දු පුල්ලේ සහ ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ යන මහත්වරු ද සහභාගී වී සිටියහ.



අදහස් (3)

'ගුවන් මගීන්ට සිදුවන අපහසුතා ඉවසීමෙන් දරාගන්න'

nandana Friday, 10 May 2019 11:41 AM

කටුනායක ගුවන් තොටුපල මගීන් සඳහා පහසුකම් ඉතා අඩු ගුවන් තොටුපලක් (සෑමදෙයකටම දිග පෝලිම් වල සිටීම, වැසිකිලි පහසුකම් අඩු, ආපනශාලා අඩු...). මා සිතන්නේ මත්තල වැනි අලුත් ගුවන් තොටුපළවල් සාදන්නට ප්‍රථම, කටුනායක පර්යන්ත ගොඩනැගිලි වැඩිදියුණු කළා නම් හොඳ බවයි.

:       0       167

gemunu baduge Friday, 10 May 2019 11:57 AM

ආරක්ෂක වැඩ පිළිවෙල හොඳයි. ඒ වුණාට මගීන්ට ඇතුළට යන්න ප්‍රවාහන සේවයක් තිබුණානං ගොඩක් හොඳයි. ලංකාවට පැමිණෙන මගීන් ට්‍රොලි තල්ලු කරගෙන එලියටම යන්න ඕනෑ. එ්ක කලිනුත් එහෙමයි. මේ පාරවත් නිවැරදි කරන්න... ස්තුතියි.

:       0       17

bandula Friday, 10 May 2019 12:34 PM

ලංකාව ඇතුළු ලෝකයේ සෑම ගුවන් තොටුපලකම බොහෝවිට ගුවන්යානා සමාගම්වලින් අයකරන ගාස්තු එක සමානයි. නමුත් බටහිර රටවල සේවක වැටුප ඉහළ මට්ටමක පවත්වාගෙන යන අතර පොදු පහසුකම්ද ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ලංකාවේ සේවක වැටුපද අඩු අතර පොදු පහසුකම් වලටද වියදම් කරන්නේද නැත. අයකරන මුදල් හොර පාරේ යන බව ඉතා පැහැදිලිය.

:       0       28

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 760 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 952 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 543 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1466 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site