IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගුවන් ටිකට්පත් වංචාවකින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අමාරුවේ

(බිඟුන් මේනක ගමගේ)
 
ගුවන් ටිකට්පත් වෙන් කළ සමාගම විසින්ම ඒවා අවලංගු කර යළි මුදල් ලබා ගැනීමේ සිදුවීමක් හේතුවෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.
 
ගුවන් ටිකට් ටිකට්පත් වෙන් කරන නියෝජිත සමාගමක් තමන් විකිණූ ගුවන් ටිකට් පත් අවලංගු කර එම මුදල් යළි ලබා ගෙන ඇතැයි ද එහි හිමිකරු එමඟින් රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික මුදලක් වංචා කර ඇතැයි ද ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් 'ලංකාදීපය'ට පැවසූහ.
 
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මෙම සමාගම හරහා ඔන්ලයින් ක්‍රමයට ගුවන් ටිකට්පත් වෙන්කර ගෙන ඇතැයි ද ගුවන් ගමනට නියමිත දිනයේ දී ගුවන් තොටුපළට ගොස් විමසීමේදී අදාල ටිකට් ටිකට් පත් අවලංගුකර එම මුදල් සමාගම විසින්ම යළි ලබා ගෙන ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
 
පසුව එම සමාගම පිහිටි කාර්යාලයට ගොස් ඒ ගැන විමසීමට උත්සාහ කළ ද එහි හිමිකරු පලාගොස් ඇති බව දැනගන්නට ලැබුණේ යැයි ද ඔවුහු කීහ.
 
ඒ අනුව තමන් ඉතාලි පොලීසියට මේ ගැන පැමිණිලි කළේ යැයිද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඉදිරියේදී දැනුවත් කරන්නේ යැයි ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.



අදහස් (4)

ගුවන් ටිකට්පත් වංචාවකින් ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් අමාරුවේ

පිටිගල මිලානෝ Monday, 16 December 2019 10:32 AM

ඉතාලියේ ඉන්න මෝඩයින්ට මේවා හොඳ පාඩම්. අන්තර්ජාලයෙන් ලාභයට තමන්ට රිසි ගුවන්සේවාවකින් ටිකට්පත් මිලදී ගන්න පහසුකම් තිබියදීත් මේ මී ගවයින් යන්නෙම ලියාපදිංචි අංකයක් වත් නැති ‘දුවනගිරි’ ඒජන්සි වලට. ඉතාලියේ ගොඩක් අය දන්නේ කොම්පියුටරයෙන් චිත්‍රපට නරඹන්න මිසක් අනික් ප්‍රයෝජනවත් දේවල් කරන්න නොවේ.

:       209       317

samarasinghe Monday, 16 December 2019 02:21 PM

පිටිගල ඉතාලියේද ඉන්නේ? ටිකට් එකක් ඔන්ලයින් ගන්න බැහැනේ.... මොකද වෙනත් කොන්දේසි තියෙන්නේ එම ටිකට් වල ඒවා අපේ රටට හෝ වෙනත් විදේශිකයෙක් තම මව්රටට යනවිට අදාල කරගන්න බැහැ. ටිකක් හොයලා බලන්නකෝ... අනික හැමෝම දුවනගිරි ඒජන්සි නෙමෙයි කියලත් ඔයා දන්නවනේ.. ඔයාගේ පිළිතුර ලංකාවේ ගෝත්‍රික පිළිතුරක් මිසක් ශිෂ්ඨ සම්පන්න ලෝකෙට අදාල වෙන්නේ නැහැ...

:       327       96

පිටිගල මිලානෝ Monday, 16 December 2019 02:52 PM

සමරසිංහ මහතාගේ පිළිතුරෙන්ම පැහැදිලි වෙනවා ඔහුත් ඉතාලියේ මම ඉහත කී කොටසටම අයිති කෙනෙක් කියලා. අන්තර්ජාලයෙන් ටිකට් පතක් මිලදී ගන්නා විට සාමාන්‍යයෙන් උපරිම බර කිලෝ විසිතුනක් ලෙස සඳහන් වුණත් අදාළ ගුවන් සේවාව ශ්‍රී ලාංකිකයින්ට කිලෝ තිහක් හෝ හතළිහක් දෙනු ලබන කාලසීමාවක නම් ඔබ ගමන් කරන්නේ, ඔබ කළ යුත්තේ අදාළ ගුවන්සේවාවට ඔබගේ ටිකට් අංකය දුරකථනයෙන් දී බර ප්‍රමාණය වෙනස් කර ගැනීමයි. අහෝ සමරසිංහ නොදුටු මොක්පුර...!!!

:       0       0

WICKY FLORNCE Monday, 16 December 2019 03:18 PM

මම නම් ගුවන් ටිකට් පත ගන්නේ ඉතාලි ඒජන්සියකින්, පොඩි ගාණක් වැඩිවෙන්න පුළුවන්.. නමුත් හිතට බයක් නෑ... සම්පූර්ණ වගකීම තියනවා. ඒ වගේම හදිසියේ දින වෙනස්කර ගැනීමකදී වුවද ලංකාවේදී ගුවන් සමාගම් කාර්යාලයෙන් කිසිම ගැටළුවක් නැතිව කරගන්න පුළුවන් වීම.. මේ ප්‍රශ්නය නිතර නිතර ඇහෙන දෙයක්... අපේ අය හැමදාමත් කරන්නේ සුළු ලාභයක් තකා දැන දැන අමාරුවේ වැටීම පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 84 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 195 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 903 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 104 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 290 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 269 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site