IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ගලහ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

(විනීතා එම් ගමගේ)

ගම්පොල ඡන්ද කොට්ඨාසයේ, ගලහ, ගුරුකැලේවත්තේ, මිල්ලව වතුයායට පැමිණි පිරිසක් එම වතුයායේ පිහිටි නිවසකට පෙට්‍රල් බෝම්බ ගසා ඡන්දය දීමට නොයන්නැයි තර්ජනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇත.

අංක තහඩු ආවරණය කළ ජීප් රථයකින් මෙම මැර පිරිස පැමිණ ඇති බවත් ඔවුන් එක් නිවසකට ප්‍රෙටල් බෝම්බ ගසා ඇති අතර තවත් නිවසකට පෙට්‍රල් බෝම්බ ගැසීමට තැත් කර ඇති බව තම සංවිධානයයේ නිරීක්ෂකයන් හරහා තහවුරු කර ගත් බවත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.

එම සිද්ධිය පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසු මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා සහ පොලිසිය වෙත දැන් වූ බවත් පූර්ව මැතිවරණ සමයේ යම් ප්‍රචණ්ඩත්වයක් පැවැති අවදානම් පෙදෙසක් ලෙස හඳුනාගෙන සිටි බැවින් එම ප්‍රදේශය පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැති බවත් ඡන්ද දායකයන් බිය ගැන්වීම සඳහා මෙය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ගජනායක මහතා පැවසීය.

 

 



අදහස් (16)

ගලහ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Amila Friday, 15 November 2019 12:59 PM

මෝඩවැඩ කවුරු කරත්... දැන් බලන්න මහින්දලා රනිල්ලා කොච්චර පක්ෂ දෙකක වුණත් බොක්කෙන්ම හොඳ යාලුවෝ... දෙන්නට දෙන්නා උදව් කරන් ඉන්නවා... මෝඩ මිනිස්සු තමයි හරක් වගේ ගහගන්නේ..

:       18       281

sajith Friday, 15 November 2019 01:23 PM

UNP අය කවද්ද සාධාරණ ඡන්දයක් තිබ්බේ?

:       3113       1540

sirimalFriday, 15 November 2019 03:04 PM

ඒ කාලේ වේදිකා පවා ගිනිතියලා රටපුරා භීෂණයක් වපුරපු එක මතකද දන්නේ නැහැ. මෙච්චර දවසක් කිසි කලබලයක් නැති එක පෙනෙන්නේම නැතුවා වගෙයි නේද?

:       614       993

යාපාSaturday, 16 November 2019 01:11 AM

ඔව් ඒ කාලේ බලෙන් බලය පාවිච්චි කරලා ඡන්ද පෙට්ටි මාරුකරලා හොර ඡන්ද දාලා, භීෂණය වපුරපු යුගය, ඒ විතරක් නොව පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීද හොර ඡන්ද දැමීමට කළ උත්සාහය අපිට හොඳට මතකයි.

:       0       0

අසේල Friday, 15 November 2019 02:42 PM

ඔබතුමා කොහොමද ඒක එජාපයේ වැඩක් කියලා කියන්නේ, මේ තියෙන නිදහස ඔය විදිහට පාවිච්චි කරන්න එපා.

:       631       1117

sirimal Friday, 15 November 2019 03:05 PM

පළවෙනි ඡන්ද ප්‍රතිඵලය දැන්මම ලැබිලා වගෙයි. මේ ගොල්ලෝ දිනුවොත් කොහොමට හිටීද?

:       1       374

ChandiFriday, 15 November 2019 03:42 PM

දිනුවොත් නෙවෙයි මල්ලි දිනනවා. ආයෙත් නම් එජාප ආණ්ඩුවක් නම් දැකගන්න අමාරු වෙයි. මොවුන් රට විනාශ කළා...

:       3169       1000

sirimalFriday, 15 November 2019 05:19 PM

සාෆි නාටකය, මරණ කුමන්ත්‍රණ නාටකය, සහරාන් නාටකය, පාස්පෝර්ට් නාටකය, නාග මැණික් නාටකය ආදිය පෙන්නලා වැඩක් වුනේ නැතිකොට අන්තිම මොහොතේ පාන් පිටි නාටකය එළිදැක්වූවා. දැන් තියෙන වාර්තා අනුව ඒ සියලු උත්සාහයන්ම අපරාදේ වගෙයි පෙනෙන්නේ...

:       521       1323

යාපාFriday, 15 November 2019 05:17 PM

Sirimal ඔව් අනිවාර්යයෙන්ම කොහොමද නේද? මේ අය ආවොත්... ආයෙත් ඇතිකරනවා කියපු ප්‍රේමදාස යුගය නැවතත් ආරම්භ වෙමින් පවතී.

:       892       320

ගල්කටස් Friday, 15 November 2019 03:36 PM

සජිත් පුතාණෝ තාත්තගේ අඩි පාරේ යයි...

:       915       1315

යාපා Friday, 15 November 2019 05:00 PM

ප්‍රේමදාස යුගයක් නේද ඇතිකරනවා කිව්වේ? හරි නේද? දැන්ම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද? මේ රට බේරගැනීම ජනතාවගේ වගකීමකි..

:       914       258

Thilina Friday, 15 November 2019 06:12 PM

සිරිමල් හෙට හවස වෙනකම් හීන බල බලා ඉන්න.. සජිත් අපේක්ෂකකම ඉල්ලලා මීටින් තියනකොට අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරලා සජිත්ව පතුරු ඇරපු සිරිමල් දවස් දෙකෙන් සජිත් තරම් උගතෙක් නැති විදිහට තමයි කඩේ යන්නේ.. මොන වැරැද්ද කලත් යූඑන්පී නම් ඒවා වැරැදි නෙමෙයි

:       728       220

තාරුණ්‍යය Friday, 15 November 2019 06:23 PM

ඒකට තමයි වහල්කම කියන්නේ යාලුවා. වහලුන් වේගයෙන් වඳවෙමින් පවතී.

:       616       117

mahinda Saturday, 16 November 2019 12:45 AM

වහල් බයියන් සහ ටොයියන් සිටින තාක් රට වලපල්ලට...

:       0       0

Gamarala Saturday, 16 November 2019 04:23 AM

ජනාධිපති වෙන්න කලින්ම තමන්ගේ සුදු වෑන් ක්‍රියාපටිපාටියේ වැඩ පටන් අරන් වගේ... වතු කම්කරුවෝ සජිත්ට තමයි ඡන්දෙ දෙන්නේ කියලා දැනගෙන පහුගිය ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත් පටන් අරන් වගේ...

:       0       0

weera Saturday, 16 November 2019 05:50 AM

මේක මගේ ගෙවල් ලග උනේ. ඡන්දෙ දුන්නොත් මරනවා කියලා තමයි ආපු අය කියලා ගිහින් තියෙන්නේ... ඒ ගෙවල්වල ඉන්නේ දමිල අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 89 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 337 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 956 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 512 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1427 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 640 4

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site