IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගලේවෙලදී වාහන 4ක් ගැටී 11 කට තුවාල

(කාංචන කුමාර ආරියදාස සහ  මොහොමඞ් බුහාර්ඩින්)
 
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව  ප්‍රදේශයේදී අද (28) වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ  යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලිසිය කියයි.
 
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්, කුකුළු ගොවිපළක සේවය සඳහා කාන්තාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද , මාර්ගය අසල නවතා තිබූ තවත් ත්‍රිරෝද රථයක් සහ මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් බව පොලීසිය කියයි.
 
මෙම අනතුරින් තුවාල ලැබූවන් අතර වෑන් රථයේ රියදුරු, ත්‍රිරෝද රථයක රියදුරු,  යතුරුපැදියේ  රියදුරු සහ  රථ දෙකේ ගමන් ගත්  කාන්තාවන් 8 දෙනෙකු වන  බව පොලිසිය කියයි. 

මොරගොල්ල දෙසින් මෙම වෑන් රථය ඇඟලුම් කර්මාන්ත ශාලාවක තරුණියන් ප්‍රවාහනය කරමින් තිබියදී ගලේවෙල දෙසින් මොරගොල්ල දෙසට කුකුළු ගොවිපලක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අනතුර වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හත්දෙනෙකු ගමන් කරමින් සිටි බව ත්‍රිරෝද රථයේ රියදුරු සහ තුවාල ලැබූ අය ප්‍රකාශ කළේය.

අනතුරක් සමග පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක් ද   ත්‍රිරෝද රථයේ ගැටී නවතා තිබූ තවත් ත්‍රීරෝද රථයක ගැටුණු බව අනතුර ඇසින් දුටුවෝ පවසති.

අනතුරුදායක වංගුවක් සහිත ස්ථානයක රියදුරන් අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම මෙන්ම ත්‍රිරෝද රථයේ පුද්ගලයන් හත්දෙනෙකු ප්‍රවාහනය කිරීම නිසා අනතුරු වළක්වා ගැනීමට නොහැකි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

තුවාල ලැබූවන් සියලුදෙනා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ  කාන්තාවන් 8  දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු දඹුල්ල මූලික රෝහලට මාරු කර තිබුණු බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 
රිය අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ගලේවෙලදී වාහන 4ක් ගැටී 11 කට තුවාල

Ranjan Wednesday, 28 August 2019 08:03 AM

කාලකන්නි රියදුරන් සහ මාර්ග නීති පිළිනොපදින ජරාම ජරා අය ලෝකයේ කිසිම රටක නැත. මොවුන්ව මර්දනය කළහැකි වන්නේ ඔවුන්ගෙන් පගාව නොගෙන බලපත්‍ර කැන්සල් කිරීමයි.

:       0       25

RaveendraWednesday, 28 August 2019 10:39 AM

ඔබගේ අදහස් 100% නිවැරදි වුනත් අප රටේ නම් මෙය සිදුනොවෙන බව 200% විශ්වාසයි... ප්‍රධානම හේතුව වන්නේ "වංක පොලිස් " නිලධාරීන්ගේ මුදල් වෙනුවෙන් තම නිලඇඳුම පාවාදෙමින් කරන නොහොබිනා ජඩවැඩ නිසාය. (අවංක නිලධාරීන් ඉතාමත් අතලොස්සක් සිටින මෙවන් ආයතනයක ඔවුන්ට අපගේ මෙම අදහස් වලින් සිත් තැවුලක්, කණගාටුවක් ඇති වුණානම් අප ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින්නෙමු.). නීතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි තිරිසන් රියදුරන් මුළුරටින්ම තුරන් කිරීම එතරම් අපහසු නොවෙන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 120 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 604 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 52 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 214 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 203 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site