IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉදිරි මහ මැතිවරණය සඳහා ⁣කලුතර , කොළඹ , කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙනුවෙන්  තම  නායකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂය  බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු එම පක්ෂයේ පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් එම පෙත්සම්කාර පාර්ශවය විසින්  අද (25)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
 
මෙම පෙත්සම් අද  (25) සිසිර ද ආබෘ, මුර්දු ප්‍රනාන්දු සහ ඇස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
 
මෙම කරුණට සමානවම තම පක්ෂය  අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගය එම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති  බැවින් මෙම පෙත්සම් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් , ඒ අනුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.
 
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දෙන ලදී.

අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපේ ජන බල පක්ෂය යටතේ  තරඟ වදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු අපේක්ෂකයින් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර කර තිබුණි.
 
 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති එම පෙත්සම්වලින් සඳහන්වූයේ අපේ  ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල අන්තර්ගත දිවුරුම් පෙත්සම් සහතික කළ සාමදාන විනිසුරුවරයාගේ අත්සන නොමැති බව ප්‍රකාශ කරමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් කටයුතු කළ බවය.එහෙත් මැතිවරණ නීතියට අනුව මේ ආකාරයට නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බව පෙත්සම් වල සඳහන් විණී.
 
මේ හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ගත් තීරණ නීතියට පටහැනියැයි තීන්දු කොට එම තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඉල්ලා තිබිණි.
 
ඊට අමතරව ප්‍රතික්ෂේප කළ සිය නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පක්ෂය සිය පෙත්සමෙන්  ඉල්ලා තිබුණි.
 



අදහස් (0)

ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන අයට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 33 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 394 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 428 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 686 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 597 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 94 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site