IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුරුවරයකුගේ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

(උපාලි ආනන්ද)
 
නීතියට පටහැනි අයුරින් තමාට ලබා දී ඇති ස්ථාන මාරුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුරුවරයකු පැවරූ නඩුවක් විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කිරීමට උතුරු මැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද(10) නියෝග කළේය.
 
ගියාන් චන්ද්‍ර රනවක සහ සුමුදු පේ‍්‍රමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්වි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර ගුරුවරයා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටින  ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්  පෙත්සම නිශ්ප‍්‍රභ කෙරිණ.
 
අනුරාධපුර වලිසිංහ  හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයේ ගුරුවරයෙකු වන අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර 5 ඇල පදිංචි ප‍්‍රභාත් මුණසිංහ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා මගින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක් මෙසේ විභාගයට නොගෙනම නිශ්ප‍්‍රභ කෙරිණ
 
මෙහිදි පළමු වගඋත්කරකාර අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සරත් විජයරත්න මහතා කියා සිටියේ මෙම නඩුවේ පෙත්සම්කාර ගුරුවරයා  සහ ඔහුගේ නීතිඥවරයා දෙදෙනාම නඩුවට පෙනී නොසිටීමෙන් පෙනීයන්නේ ඔවුන්  නඩුව පවත්වා ගෙන  යාමට උනන්දුවක් නොදක්වන  බවය. ඒ අනුව පෙත්සම  විභාගයට  නොගෙනම නිශ්ප‍්‍රභ  කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන්  අයැද සිටියේය.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියේ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජලිකා හෙට්ටිආරච්චි, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යශංයේ ලේකම් තිලක බණ්ඩාර යන මහත්ම මහත්මීන්ය.
 
පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා පෙනී සිටි පළමු වගඋත්තරකරු වෙනුවෙන් නීතිඥ සරත් විජයරත්න මහතාත් දෙවන සහ තුන් වන වගඋත්තරකරුවන් වෙනුවෙන් උතුරු මැද පළාත් සභාවේ නීති නිලධාරිනී විශාකා සෙනවිරත්න මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

ගුරුවරයකුගේ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 626 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2026 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1491 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 840 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2050 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 102 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site