IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ග්‍රේටා තන්බර්ග් පාරිසරික සම්මානය ප්‍රතික්ෂේප කරයි

ග්‍රේටා තන්බර්ග් ඇයට ලැබුණු පාරිසරික සම්මානය සහ ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

සම්මානය ප්‍රතික්ෂේප කරමින් ඇය පවසා ඇත්තේ දේශගුණික ව්‍යාපාරයට තවත් සම්මාන අවශ්‍ය නොවන බවයි.

තමාට මෙම සම්මානය පිරිනැමීම පිළිබඳව නෝර්ඩික් කවුන්සිලයට ස්තූති කරන බවත් එය විශාල ගෞරවයක් බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

යූරෝ 40000ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි කරමින් ඇය පවසන්නේ දේශගුණික හා පාරිසරික ගැටලු සම්බන්ධයෙන් උතුරු දිග යුරෝපීයයන් හෙවත් නොර්ඩික් රටවල් ලොවපුරා විශාල කීර්තියක් ලබා ඇති බවයි. 

"මේ ගැන පුරසාරම් දෙඩීමේ අඩුවක් නැහැ. ලස්සන වචනවල අඩුවක් නැහැ. නමුත් නොර්ඩික් රටවල දැවැන්ත බලශක්ති පරිභෝජනයෙන් පැවසෙන්නේ වෙනත් දෙයක්. ස්වීඩනයට හා බොහෝ උතුරු යුරෝපීය රටවල්වලට ග්‍රහලෝක හතරක සම්පත් තියෙනවා.

ගෝලීය උෂ්ණත්වය සීමා කිරීම සඳහා විද්‍යාව පවසන දෙය සහ ක්‍රියාත්මක වෙමින් පවතින දෙය අතර දැවැන්ත පරතරයක් තිබෙනවා. අප අයත් වන්නේ වැඩිපුරම යමක් කළ හැකි රටවල් අතරට. එහෙත් අපේ රටවල් තවමත් මූලික වශයෙන් කිසිවක් කර නැහැ" තන්බර්ග් මෙනවිය පවසන්නීය.

ඩෙන්මාර්කය, ෆින්ලන්තය තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.

(බීබිසී ඇසුරිණි - 085)

 



අදහස් (10)

ග්‍රේටා තන්බර්ග් පාරිසරික සම්මානය ප්‍රතික්ෂේප කරයි

රජින්ද Wednesday, 30 October 2019 12:57 PM

සල්ලිවලට සම්මානවලට නැමෙන්නේ නැති අපේ රටේ උන්නු කැප්පෙටිපොල කොඳු නාරටියක් ඇති මේ ගෞරවනීය සහෝදරිය, දියණිය මේ රටේ කන් කෙඳිරි ගාන නායකයින් ගැන මහත් වූ පිළිකුලක් අප තුළ ජනිත කරයි. මැය තමන්ගේ ආත්ම විශ්වාසය පෞරුෂය ලෝක නායකයින් ඉදිරියේ පෙන්වූ මිහිකතගේ මාහැඟි තිළිණයකි.

:       62       231

විජිත් Wednesday, 30 October 2019 01:38 PM

යහපත් දරුවෙක්. ඇගේ කුඩා වයසට වඩා බොහෝ මුහුකුරා ගිය බුද්ධියක්, දැනුමක් ඇති, මේ ලෝකයටම ආදරය කරන, සොබා දහම ආරක්ෂා කරගැනීමට සටන් කරන ඇය වැනි දරුවන් බිහිකළ මව්පියන් මොන තරම් වාසනාවන්තද.. ආදරණිය දුවේ ,මේ ලෝකය ආරක්ෂා කරගන්න ඔබ දරන උත්සාහය පල ගන්වන්නට ඔබට දිරිය ශක්තිය නොඅඩුවම ලැබේවා.

:       37       645

Bandara Wednesday, 30 October 2019 05:23 PM

දෙනෙත් හැර බලන්න.. පරිසරයට ඇත්තටම ආදරය කරන අය නිහඬව විශාල සේවයක් කරයි.

:       0       129

Lebbe Thursday, 31 October 2019 02:05 AM

අපිටත් ඉන්නවා පරසරයට හරියට ආදරේ කරන එක්කෙනෙක්... බදුර්දීන් ලොක්කා...

:       101       207

sharm warn Thursday, 31 October 2019 03:32 AM

දුව ඔබත් සොබාදහම, පරිසරය වගේම සුන්දරයි...

:       0       31

sumithThursday, 31 October 2019 05:16 AM

ඔව්, සොබාදහමට ආදරේ කරන මිනිස්සුන්ට, සොබාදහම ආරක්ෂාව සලසනවා.

:       0       14

Nuwan Thursday, 31 October 2019 06:12 AM

සොබාදහමට විනාශ වූ තැන මිනිසාට පැවැත්මක් නැහැ. ඔය පොදි ගහගත්තු සල්ලි හෝ කීර්තිනාමය හෝ බලය වෙනත් දේවලින් කිසිවැඩක් නැහැ. මේ දරුවාගේ සටනට ජයපතමු..

:       0       5

Buddhika P Thursday, 31 October 2019 06:16 AM

ඕනවට වඩා පහත් වෙන්නත් හොඳ නෑ. යම්කිසි සාධාරණ ඇගයීමකින් ඕනෑම ව්‍යාපෘතියකට ලැබෙන්නේ වටිනාකමක්. ඒ මුදල ගොඩක් වටිනවා. එක කුඩා කැලයක් හරි වගා කරගන්න. සම්මානය වුණත් අරගෙන එයා දන්න වගේම විශිෂ්ඨ කෙනෙකුට නැවත දෙන්න තිබුණා. එතකොට අර වෙනත් තැනකින් ආපු ඇගයීම් ධාරාවට ලොකු වටිනාකමක් ලැබෙනවා.

:       0       2

isurandi Thursday, 31 October 2019 11:44 AM

ගහ කොළ සතා සීපාවට ආදරය කරනවානම් සොබාදහම මෙතරම් අකාරුණික වෙන්නේ නැහැ.

:       0       0

asoka Saturday, 02 November 2019 03:16 PM

කටින් බතල හිටවන නාලිකා ඉදිරියේ වාචාල ලෙස දොඩවන ශ්‍රී ලාංකික මෑන්ලාට ජයවේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 662 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 127 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 889 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 921 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1268 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site