IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගායක අමල්ගේ - රංගන ශිල්පී රයන්ගේ නිවස සෝදිසි කරයි

තරිඳු ජයවර්ධන සහ නිමන්ති රණසිංහ
 
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 
රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සහෝදරයා අත්අඩංගුවට ගත්තේ කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් සාක්කු සහිත කළු පැහැති ගමන්මල්ලක් එම නිවසේ තිබී හමුවූ නිසා බව පොලිසිය කියයි. 
 
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.
 
විශේෂ කාර්ය බළකායේ ආරංචි මාර්ග මුලින් කීවේ ගායක අමල් පෙරේරාගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත් ඔහුගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද අත්අඩංගුවට නොගත් බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (27)

ගායක අමල්ගේ - රංගන ශිල්පී රයන්ගේ නිවස සෝදිසි කරයි

සමන්ත Thursday, 07 February 2019 03:06 PM

මෙහෙමනේ, අපි සාධාරණ වෙන්න එපැයි. කොකේන් ඔතන කොපු දෙකක් හම්බවුනාට, රහස් සාක්කු තියෙන ගමන් මල්ලක්වත්, පුංචි තරාදියක්වත් හම්බවුනු පමණින් කොකේන්වත්, වෙනත් මත්කුඩුවත් හම්බවෙලා නැහැනේ. අනික තරාදියක්වත්, මල්ලක්වත් තියාගන්න මිනිස්සුන්ට ලයිසන් ගන්න ඕනෙත් නැනේ. ඒ නිසා ලංකාවේ පොලිසිය විහිලු වැඩ නොකර අදාළ වැඩේ කළා නම් තමයි හොඳ. ඕවා බොරු සංදර්ශන. ඔය සහෝදරයෝ වහාම නිදහස් කරන්න වෙයි. නැත්නම් යන්න වෙන්නේ මානව අයිතිවාසිකම් නඩුවලට යන්න .

:       4154       2157

lalThursday, 07 February 2019 05:43 PM

ඔය කියන කොපු, රහස් සාක්කු තියෙන ගමන් මල්ල, පුංචි තරාදිය රස පරීක්ෂණය සඳහා යැව්වොත් ඒවායේ කොකේන් තැවරී ඇත්ද යන්න සොයා ගත හැකියි. එසේ නොමැති නම් ඔවුන් නිදහස් වෙයි.

:       1040       3471

anuraThursday, 07 February 2019 08:30 PM

සමන්ත හොඳ රහස් පොලිසියට ඉක්මනින් එක්වෙලා මේ මත්ද්රවිය වියාපාරය ගොඩ ගන්න ඔබගේ දරුවන්ගේ අනාගතයට සදරනයක් වෙන්න එපාය

:       77       194

Sapumal.Friday, 08 February 2019 02:30 AM

සමන්ත මහතා,ඔබතුමා නොසිතුවාට බොහෝවිට මෙවැනි පරීක්ශාවකදී පොලීසිය අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගන්නවා.මේවාට තියෙන ප්‍රබලම සාක්ෂිය වෙන්නේ පොලිස් නිළ සුනඛයන්.එම සතුන් ඉතා නිවැරදිව මත්ද්‍රව්‍ය ඉවෙන් සොයා ගන්නවා.ඒ සතුන් පගාවට,තරාතිරමට යටවෙන්නේ නැහැ.නියමෙටම රාජකාරිය කරනවා.දෙනියාය මොරවක ප්‍රදේශයේ එක්තරා ලැගුම් හලක මත්ද්‍රව්‍ය ඇල්ලීමට නොහැකිව තිබුනා.පොලිස් නිළ සුනඛයා පැමිණ එක්වරම උඩපැන අදාළ ගැහැනියගේ හැට්ටයත්,බ්‍රෙසියරයත් එකවර ඉරාදමා සඟවාගෙන සිටි කුඩුටික අතටම අල්ලා දුන්නා.මෙම සතුනුත්,පොලීසියත් මේ වෙහෙසෙන්නේ අපගේ රට ජාතිය රැකදීමටයි. නැතිව කුඩ්ඩන් රැකගැනීමට නොවේ.අනෙක නිවැරදි ආකාරයට පොලිස් නිළ සුනඛයන්ගේ සාක්ෂිද සමග නඩු භාණ්ඩද සමග තියෙද්දී මානව හිමිකම් අංශ වලට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැහැ.

:       0       452

Sapumal.Friday, 08 February 2019 08:17 AM

කුඩ්ඩන්ගේ හිතවාදීන්ට රිදී ඇත. කාට රිදුණත් අප පැවසුවේ සත්‍යයයි. අපගේ අදහස්වල කාව හෝ රැවටීමට වෙර දරා නැත. අනෙක බුද්ධිමත් ජනතාව අපහට රැවටිය නොහැකිය. ඔවුන් රැවටීමට අපහට උවමනාවක්ද නැත. රැවටීමට ජනතාව ළදරුවන්ද නොවේ. අප ගැන දන්නෝ දනිති. අප රට ජාතියට ආදරයෙන් කරනා සාධාරණ අදහස් ඉවසිය නොහැකි කුඩ්ඩන් ගෙන් යැපෙන්නන් අප කඩේ යන බව පවසා ඇත. අප ජනතාවට කඩේ යන්නේ අපගේ රටට ජාතියට හා ආගමට ඇති දැඩි ආදරය නිසාය. එහෙත් කුඩ්ඩන් ගෙන් යැපෙන්නෝ අපහට බොරු චෝදනා දමති.

:       0       129

ධනුෂ්කFriday, 08 February 2019 03:42 AM

සමන්ත මෙහෙමයි ඔබේ තර්කය හරි. මේ හම්බවෙලා තියන දේවල් වලට නඩු දාන්න බැරි බව අැත්ත. නමුත් හැබැයි මේ කියන දේවල් සීනි දාන්නවත් සීනි කිරන්නවත් භාවිතා කරන දේවල් නෙමෙයි. නමුත් එ්වා ඔස්සේ යම් අදහසක් පොලීසිය ගනීවි. එම ගායකයන්ගේ රසිකයන් මේවා පිලිගන්න අකමැති වෙයි. නමුත් අධිකරණයෙන් මොන තීන්දුව දුන්නත් ඔවුන්ගේ ක්‍රියාකලාපය අපි දන්නවා

:       0       13

shehan yapaFriday, 08 February 2019 03:57 AM

සීනි කිරන්න වෙන්න ඇති එහෙනම් ඒ තරාදිය

:       0       19

yahaFriday, 08 February 2019 07:26 AM

නිකන් කඩේ යන්න එපා හලෝ...කොකේන් කොපු නිකම් තමුසෙගෙ ගෙදරත් තියනවද ? මුන් අනික කිසියම් හෝ සම්බන්දයක් නැතිනම් මදුෂ් ගේ පාර්ටි යයිද... අනික අමල් හොඳට සින්දු කියනව වෙන්න පුළුවන් ..නමුත් ඔහු ළමයවත් ඉස්සරහට දාගෙන බොරු ළමා පලිහක් හදාගෙන කරන වැඩ නම් වැඩක් නැහැ ඔයි... අපිට අමල්ගෙන් වැඩක් නැහැ ...මේ රටේ කුඩු නිසා අන්ත අසරණ වෙච්චි දෙමාපියෝ ..ගැනු ..දරුවෝ කී දාහක් ඉන්නවද ???? කුඩු කාරයින්ට සහ උදව් කරන හැමෝමට දඩුවම් ලැබෙන්න ඕනේ.....

:       25       124

සමන්ත Saturday, 09 February 2019 03:49 AM

එක පැත්තකින් මහින්දගේ රට ජාතිය බෙදන බිල්ලා, මේ පැත්තෙන් සිරිසේන මවපු කුඩු බිල්ලා. තව පැත්තකින් ජාතික ආණ්ඩු බිල්ලා. කුඩු ප්‍රශ්නෙට විසඳුම සිරිසේනගේ මාධ්‍ය සර්කස් නෙමේ. එහෙම නැතුව පොලිසියේ බොරු ෂෝත් නෙමේ. මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සුන්ට, විෂය ගැන අවබෝධය ඇති මිනිස්සුන්ට වැඩේ බාර නොදී, ඕකත් ඔයාලා වගේ මෝඩයින්ම කරා නම් තමයි හොඳ. දේශපාලකයන්ට කඩේ යන්න එපා... මම කිව්වා දේ ඇත්ත නිසා නෙමේද අර අල්ලපු සහෝදරයෝ දෙන්නා දැන් නිදහස් කරලා තියෙන්නේ. කොනක් ඇදගෙන වැටුනාම, මිනිහෙකුට කරදරයක් වුනාම උන් නැති කරන්න හදන අය තමයි අපේ රටේ හැම තැනම ඉන්නේ... ලෝකේ වටේටම ණය, එදා වේල කන්න නෑ. හැබැයි කතා කරන්නේ ලෝකෙටම ගහන්න. අපි ජාතියක් විදියට කවදාවත් දියුණුවෙයිද ඉතින්? අනුන්ගේ මතයක් ඉවසන්න පුරුදු වෙන්න.

:       5       0

පිටිගල මිලානෝ Thursday, 07 February 2019 03:08 PM

මේ අය ගැන ඉස්සර ඉඳලා තිබුනේ හොඳ පුවත් නොවේ.

:       1       316

sirimal Thursday, 07 February 2019 03:16 PM

වෙරි බෑඩ්. කියන්නත් සෑඩ්.

:       1       123

ලේක්කෝ ගලබඩ Thursday, 07 February 2019 03:35 PM

හැම ක්ෂේත්‍රයටම මත්ද්‍රව්‍ය බැහැලා ලංකාවම නැතිවෙලා ඉවරයි. වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න.

:       53       246

kamil Thursday, 07 February 2019 04:07 PM

කුම්බලා මලු කැවානම් දුක් විදපන් බල්ලෝ කිවුවලු .....!!!

:       28       218

nalaka Thursday, 07 February 2019 04:45 PM

අද සංගීත සංදර්ශන පවත්වන බොහෝ දෙනා වේදිකාවේ හැසිරෙන ආකාරය දුටු විට, ඔවුන් මත්කුඩු භාවිතා නොකරනවා යයි කිවොත් එය පුදුමයකි.

:       1       408

Kumar (Gulf) Thursday, 07 February 2019 07:39 PM

දකුණේ අහිංසක කැස්බාවෝ ඇතිකරපු මනුස්ස්හයාට රාජපක්ෂලාගේ බලපෙන්නේලා වදදුන්නේ මේ ගායක නඩේ නේද?

:       1       312

abaran Thursday, 07 February 2019 08:13 PM

මර්වින් පෙරේරාටකියන අසහාය පරිපූර්ණ ගායකයාට තමන්ගේ දරුවන් නිසියාකාරයට සමාජගතකිරීමට නොහැකිවීම ගැන ඔහුට අසන්නට නොලැබී කලින්ම ස්වර්ගස්තවීම ඔහුගේ වාසනාවක්..

:       0       70

janatha anura Thursday, 07 February 2019 08:34 PM

2015 පසු මෙම මත ද්‍රව්‍ය වියාපාරය වර්දන වේගය වැඩි වෙලා තියෙනවා හේතුව නම් පාලක පක්ෂය තම මේකේ ආරම්බය 1977 පසුව ගොඩ පාදර්ල හිටියේ එතන දැන් තේරෙනවා නේද දන වාදය කොතනද කියල ඔහොම යමු

:       179       580

ruby Thursday, 07 February 2019 09:24 PM

දන්නා දෙයක් කතා කරන්න සමන්ත.

:       12       23

ROSHAN Friday, 08 February 2019 12:59 AM

ගෙවල් පරීක්ෂ කලා පරක්කු වැඩයි. ප්‍රබකරන්ව අල්ලලා අත්හැරිය මතකයිනේ ඊට පසු උන විනාසය . මුන්ව අතාරියොත් ලංකාව ඉවරෙටම ඉවරයි.

:       0       181

canada dissa Friday, 08 February 2019 01:29 AM

වැරදි වැඩේ කෙරුවනම් එයට සුදුසු දඩුවම ලැබිය යුතුමයි ,නැතිනම් ඔහු නිදහස් වේවි . ලංකාවට වැඩිය ඩුබායි නිතිය හොදයි .

:       0       41

Bandula. Friday, 08 February 2019 03:17 AM

කොහොමත් කල දේ පල පල දේ කියනවනේ, තරාතිරම කොහොම උනත් වරදට නිසි දඩුවම් ලැබෙන්න වෙනවා. මීට කලිනුත් වැරදි තිබුන නේද සුදු කස්බවෙක් ද ගැනද මන්ද?

:       0       12

ශාන් Friday, 08 February 2019 04:00 AM

මේවා මේ මහා පුදුම වෙන්න ඕනෙ කාරණා නෙමෙයි, මේවා සමහර පොලීසියේ හා අරක්ෂක අංශ නිලදාරීන් දැනුවත්ව යන දේවල්. අපේ ජීවිත ගමනේ මග තොට, සමාජය තුල අපි ඇහින් දැකලා තියනව සමහර ගායන හා රංගන ශිල්පීන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ලස්සනට කරගෙන රට වනසන අයුරු, ජීවිතයට ආදරේ නිසා නොදැක්ක වගේ ජීවත් වෙනවා

:       0       5

මම සපුමල් Friday, 08 February 2019 04:16 AM

මම සපුමල් මෙවැනි හොර සපුමල්ලාට නොරැවටෙන්න. ඔවුන් කරන්නේ බලය ඇත්තන්ට කඩේ යාමයි. දේශපාලන අනාතයන් ඒ අතර සිටිය හැක.

:       75       174

sam Friday, 08 February 2019 05:09 AM

කුඩුකාරයන්ගේ කල දවස නරක් වේගෙන එනවා. ඊයේ රෑ ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවට ගෙනියන්න උත්සාහ කරපු කුඩු ටොන් 1.7 ක් සැකකරුවන් සමගම අහු වෙලා. මේක ඕස්ට්‍රේලියන් ඩොලර් බිලියන 1.29 එහෙම නැතිනම් රුපියල් බිලියන එකසිය හැට දෙකක් විතර වටිනාකමක් තියන කුඩු තොගයක්.

:       0       107

රජින්ද Friday, 08 February 2019 06:40 AM

මට හිතෙන දෙයක් කියන්නම්, මීට අවුරුදු කිහිපයකට උඩදී සුදු කැස්බෑවාගේ සීන් එකේදී අමල්ගේ නම ගෑවුනා මතකයිනේ.. එතකොට දැන් තහවුරු වෙනවා අමල් ඉන්නේ කවුරුන් සමගද කියන එක. මේකෙන් පැහැදිලිවෙන දෙයක් තමයි ඒ සීන් එකේදිත් අමල් ඇත්තටම ඔය කැස්බෑව ඉස්සුවා වෙන්න බැරිද, අන්තිමේ මධුශ්ගෙන් ආපු මරණ තර්ජන වලට බයේ ඒ කැස්බෑවාගේ අයිතිකාරයා ඒ වැරැද්ද කලේ එයාමයි කියලා වැරැද්ද බාරගෙන අමල්ව බේරුවා වෙන්න බැරිද.

:       0       14

smn Friday, 08 February 2019 06:50 AM

පැනල දුවපු අංගොඩ ලොක්කව අල්ලල කූඩු කර ගත්තොත් තමයි ඩුබායි පොලිසියට ගෞරවයක් හිමිවෙන්නෙ. නැත්නම් කුජීතයි. මොකද? ඔය ක්‍රියාන්විතය සාර්ථක වෙන්න විශාල දායකත්වයක් දුන්නෙ අපේ පොලිසියෙන්.

:       1       11

dasa Sunday, 10 February 2019 03:04 AM

මල් පිට මල් වැටෙන දිගු මාවතේ ....................

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 6604 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3713 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3057 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11724 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7995 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site