IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්පහ-ගාල්ල මුල්‍ය සමාගමක තැන්පත්කරුවෝ උද්ඝෝෂණයක

ඩි.ජී.සුගතපාල සහ තිලකරත්න දිසානායක

ගාල්ල සහ ගම්පහ පෙදෙස්වල ගනුදෙනුකරුවෝ පිරිසක් මූල්‍ය ආයතනයක් වසා දැමීමට විරෝධය පළ කරමින් සහ සිය තැන්පත් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා අද (26) උද්ඝෝෂණයක නිරත වුහ.

මෙහිදි ගාල්ල ශාඛා කළමනාකරු කියා සිටියේ මේ වනවිට ස්ථිර තැන්පත්කරුවන් 2447කගේ රුපියල් බිලියන 1.7ක් ද ඉතිරි කිරිමේ ගිණුම් හිමියන් 5480කගේ බිලියන 1.5ක්ද තිබෙන බවයි. මාර්තු මාසයේ සිට තම ශාඛාවේ සේවක පිරිස පඩි නැතිව වැඩ කල බවත් ඒ අතර පසුගිය 22 වනදින මහ බැංකුවේ නිලධාරින් පැමිණ ශාඛාව වසා දැමු බවත් කියා සිටි කළමනාකරු අසරණ ජනතාවගේ මුදල් ලබා දිමට රජය මැදිහත්විය යුතු බවද කියා සිටියේය.

ගම්පහ පෙදෙසේ විරෝධතාවයට එක්වූ වැඩිහිටි  තැන්පත්කරුවන් ප්‍රකාශ කර සිටියේ තමන් විශ්‍රාම යාමෙන් පසුව මුලු  අර්ථසාධක මුදලම  මෙම මූල්‍ය ආයතනයෙහි තැන්පත් කළ බවත්   මහ බැංකුවෙහි පාලනය යටතේ පැවති මෙම ආයතනය වසා දැමීම හේතුවෙන් පත්ව සිටින තත්ත්වය සලකා සිය තැන්පතු ආපසු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. 

(ගාල්ල - සුගතපාල)

(ගම්පහ - තිලකරත්න දිසානායක)



අදහස් (3)

ගම්පහ-ගාල්ල මුල්‍ය සමාගමක තැන්පත්කරුවෝ උද්ඝෝෂණයක

Gamage Tuesday, 26 May 2020 07:00 AM

ගිය පාර ආණ්ඩු කළ කාලේ සෙලින්කෝ එක අයියලා මල්ලිලා ඔක්කොම කෑවා. දැන් මේ මුල්‍ය ආයතන කනවා. හොරකම් කරන්න කියාපු අය. දේශප්‍රේමය විකුණන ගමන් හොරකම් කරන්නත් දක්ෂයි වගේ .

:       0       0

Mahesh Tuesday, 26 May 2020 09:27 AM

ෆිනැන්ස් ආයතන වල සල්ලි දැම්මහම අවදානම වැඩියි කොහොමත්. සීයට දෙක තුනේ වැඩි පොලියට තියෙන පෙරේතකම නිසා තමයි මෙහෙම වෙන්නේ. දැන්වත් ෆිනැන්ස් ආයතන වල සල්ලි යොදවන්නේ නැතිව රටේ පිලිගත් බැන්කුවල මුදල් යොදවන්න.

:       1       13

Bamunuarachchi Wednesday, 27 May 2020 08:22 AM

බංකොලොත් වෙලා වහපු පළවෙනි මූල්‍ය ආයතනය මෙය නොවෙයි. ලාබය වැඩිනම් අවදානම වැඩී යන්න මුදල් සමග ගනුදෙනු කිරීමේදී කියවෙන සිද්ධාන්තයක්. එය දැනදැනම මුදල් තැන්පත් කළානම් ඔබලා එ්කලේ පාඩුව විඳගන්න බලාගෙන... එමනිසා රටේ සිදුවූ දේවලින් පාඩම් ඉගෙන නොගෙන වැඩි තණ්හාවට මුදල් තැන්පත් කළානම් පාඩුවිඳිය යුතුයි. මම 1980 ගණන්වල ලංකා බැංකුවේ තිබෙන මගේ මුදල් අරගෙන වැඩි පොලියට පෞද්ගලික ආයතනයක තැන්පත් කරනකොට ලංකා බැංකු නිලධාරින් මට අවදානම කිව්වා. අවවාදවලට ඇහුම්කන් නොදුන්නා මම වැඩි පොලියක් ගන්න පෞද්ගලික ආයතනයක තැන්පත් කර මුදල් නැතිකර ගත්තා. ඉන්පසු මම පෞද්ගලික ආයතනයක මුදල් තැන්පත් කරන්නෙත් නැහැ... දන්නා කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 8 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 291 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 394 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 933 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 858 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 699 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site