IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගිනිගත්හේනේ අසරණ පවුලට පිහිටවෙයි

(රංජිත් රාජපක්ෂ)

කුස ගින්නට ආහාර වේලක් නොමැතිකමින් ළමුන් තිදෙනා පාසලට එවීමට නොහැකි බව දන්වමින් ගිනිගත්හේන පදිංචි දෘශ්‍යාබාධිත මවක් ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට යොමු කර තිබු ලිපියක් සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යය මගින් අද (11) දින පලවීමත් සමග එම පවුලට පිහිටවීමට දෙස් විදෙස් පරිත්‍යාගශිලින් රැසක් ඉදිරිපත් වී ඇති බව විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

ඔවුනට උපකාර කිරිම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ දෙස් විදෙස් සංවේදී පරිත්‍යාගශීලින් රැසක් සහ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ උසස් නිලධාරින් රැසක් ඉදිරිපත් වී තිබේ.

එම ළමුන් තිදෙනාට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ශිෂ්‍යත්වයක් ලබා දිම සදහා අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් මහතාගේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස වනජිවී සහ වන සංරක්ෂණ අමාත්‍යය සි.බී රත්නායක මහතාගෙන් කළ ඉල්ලිමක් මත සම්බන්ධීකරණ නිලධාරියකු පාසලට පැමිණ වාර්තාවක් ලබා ගත් බව විදුහල්පතිවරයා පැවසීය.

එම පුවත විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයවල පල විමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සංවේදි පරිත්‍යාගශිලින් , විදේශිය රටවල්වල රැකියා වල නිරතව සිටින සහ පදිංචිව සිටින රැසක් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරින් ගණනාවක් තමන් අමතා එම පවුලට උදව් උපකාර කිරිම සදහා එම පවුල පිලිබදව සවිස්තර වාර්තාවක්  ලබාගත් බවත්, එම ළමුන් තිදෙනාට ගිනිගත්හේන රාජ්‍යය බැංකුවක ගිණුම් ආරම්භ කරන ලෙසට තමන්ට උපදෙස් ලබාදුන් බවද විදුහල්පතිවරයා පැවසිය.

එම පවුලට  උදව් උපකාර කිරිමට ඉදිරිපත් වි සිටින පරිත්‍යාගශිලින්ගේ ආධාර උපකාර ලබා ගනිමින් තම විදුහලේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් කිහිප දෙනෙකු එක් කරගනිමින් කමිටුවක් පිහිටුවා එම ළමුන් තිදෙනාගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ දැමීමට දිර්ඝ කාලින වැඩපිලිවෙළක් ආරම්භ කිරිමට කටයුතු කරන බව විදුහල්පතිවරයා කියා සිටියේය.



අදහස් (5)

ගිනිගත්හේනේ අසරණ පවුලට පිහිටවෙයි

amali Friday, 11 September 2020 11:37 AM

ඉහවහා යන තරම් සතුටුයි...

:       3       284

Pradeep Friday, 11 September 2020 11:45 AM

අතිවිශිෂ්ඨයි මහත්වරුනි. ඔබලාට යහපතක්ම සිදු වේවා..!!!

:       0       282

Champa Friday, 11 September 2020 12:10 PM

මේ අසරණ පවුල ගැන හිත උණු වූ ගුණවත් මිනිසුන් ගැන ආඩම්බරයි.

:       0       247

Sunil Rangajeewa Friday, 11 September 2020 02:39 PM

නියමයි...!!! මමත් සපෝට් කරනවා.

:       0       135

විජිත් Friday, 11 September 2020 02:56 PM

සැබෑ මිනිසුනේ.. ඔබ සැමටම බොහෝ පින්...!!!

:       0       130

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 299 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 183 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 807 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 54 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2153 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 401 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site