IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

(රන්ජන් කස්තුරි)
 
අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.
 
ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.
 
සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.
 
ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බාරකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.
 



අදහස් (40)

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

SAM Sunday, 10 February 2019 11:49 AM

මොකද බැංකුව එකවුන්ට් එක උස්සගෙන ඉන්නවද?

:       149       643

channa Sunday, 10 February 2019 12:14 PM

පව්නේ, නැති මිනිහගෙන් තව කපන එක..!!!

:       18       249

Ananda Seneviratne Sunday, 10 February 2019 12:23 PM

මොකද බැංකුව එකවුන්ට් එක උස්සගෙන ඉන්නවද?

:       91       214

සින්ග්ප්පුරු බෑන්කු විශාරද අර්ජු මහේන් Sunday, 10 February 2019 12:40 PM

වැඩේ හරි. මුලු ලෝකෙම බැංකුවලින් කරන දෙයක් මේක. හැබැයි මේ කාලේ වෙනකොට ගොඩක් බැංකු මේ වලින් ඈත්වෙලා තියෙන්නේ. බැංකුව ගිණුම උස්සන් ඉන්නවද කියලා අහන අය ඉතින් දෑනගන්න ඕනේ, සතයක් තිබ්බත් ඒක අප්ඩේට් කරන්න සේවකයන් ඕනේ කියලා... ඒ අයට පඩි ගෙවන්නේ මේතන ටෝක් දාන කස්ටියද? ගිනුම් එපානම්, සල්ලි ටික ගෙදර මුට්ටියක හරි, කැටේක හරි දාගන්න

:       1119       612

nadunSunday, 10 February 2019 01:38 PM

ඇත්තට? අපි නම් හිතාගෙන හිටියේ බැංකුවේ ගිණුම් එකට අප්ඩේට් වෙනවා කියලා. එතකොට ඔයා වැඩකරන බැංකුවේ එක එක ගිණුමට එක එක සේවකයා ගානේ ඉන්නවද? අනික සාමන්‍ය ගිණුමකට බැංකු දෙන පොළිය කීයද? 4-5℅ දෙන්නේ. දුප්පත් මිනිහට තමයි හැම කරදරයම... සල්ලි ගොඩක් අරන් එන එකා පෝලිමේවත් ඉන්නේ නැහැනේ. බොරුකතා එපා...

:       35       592

lankaSunday, 10 February 2019 01:57 PM

සතයක් තිබ්බත් ඒ ගිණුම අප්ඩේට් කල යුතු බව ඇත්ත... නමුත්, වර්තමානයේ බැංකු විසින් ගිණුම් යාවත්කාලීන කිරීම සිදුකරන්නේ පරිගණක භාවිතා කිරීමෙන් බැවින්, ඒ සඳහා විශාල සේවකයින් සංක්‍යාවක් යෙදවීමට අවශ්‍ය නොවේ. ගිණුම් හිමියන්ට තැන්පත් කරන්නට මුදල් සොයාගැනීමේ අපහසුතාවය හෝ ගිණුම් ශේෂය නිතර පරික්ෂා කිරීමට අතපසුවීම, බැංකු විසින් එම කරුණ තමන්ගේ වාසියට හරවා ගැනීම අසාධාරණ යයි සිතමි. මෙවැනි ගිණුම් බැංකු මගින් අකර්මන්‍ය තත්වයෙන් තබා ගැනීම වඩා යෝග්‍ය යයි සිතමි.

:       4       168

Hafeel Sunday, 10 February 2019 04:04 PM

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව පාඩු කරනකොට මේ කට්ටිය කොහෙද හිටියේ?

:       44       244

ChinthanieSunday, 10 February 2019 08:22 PM

මම බැංකුවේ වසර 40කට පමණ වැට කර ඇත ඓස්ත්‍රියාව, නවසිලන්තය, අයර්ලන්තය, ඩුබායි. වැනි රටවල අවසන් කාලය වැඩ කළෙමි. බැංකු තිබෙන්නේ ලාබ ලැබීමට. ගිණුමක් පවත්වාගෙන යාම බැංකුවේ එක අන්ගයක්. බොහෝ රටවල මාසික ගස්තුවක් ඇත. පොලියක් ද නැත. මෙය අසාධාරණ කාරණයක් නොවෙයි. 1000 දිගටම තබාගන්න පුද්ගලයට බැංකු අවශ්‍ය නොවෙයි.

:       153       55

HafeelMonday, 11 February 2019 08:34 AM

චින්තනී, අපේ රටේ බැංකුවලට නීති රීති පනවන්න ඕනෑ.. අපේ රටට හා ජනතාවට ගැලපෙන පරිදි. බැංකු ලාභ ලබන්න ඕනෑ. එ්ක සාධාරණයි. නමුත් අපේ රටේ බැංකු සහ රජයේ ආයතනවල් පාඩු ලබන්නේ වංචා නිසා. බලන්න මහ බැංකු මංකොල්ලය. මැති, ඇමතිලා හා ඔවුන්ගේ නෑදෑයෝ, ගෝලයෝ කිහිපදෙනෙක් රාජ්‍ය බැංකුවලට පොලු දාලා තියන්නේ. ඕවා අය කරන්නෙත් නැහැ. මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද 1994 සිට 2015 දක්වා ඔහුගේ කාර්යාල සහ ව්‍යාපාර ස්ථානවලට විදුලි බිල මණ්ඩලයට බිල නොගෙවා ලක්ෂ 85 ඉක්මවා ගිහින්... ඒ වගේ එ්කාබද්ධයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී කෙනෙක්වත් මේ වගේ කැත වැඩ කරලා නෑ. ඒ නිසා රාජ්‍ය බැංකු සහ ආයතනවල් පාඩු ලබන්නේ දුප්පත් මිනිස්සු නිසා නොවේ.

:       101       9

sandy123 Sunday, 10 February 2019 12:49 PM

ඉස්සර අපි පොඩි කාලේ අපිව හුරු කරවනවා ඉතුරු කරන්න. නමුත් දැන් ඉතුරු කරන්න මුදල් නැතිකම එකක්. කොහොම කොහොම දුප්පත් මනුස්සයා හරි අපහසුවෙන් ඉතුරු කරන මුදලටත් විදිනවා. බැංකුවක මුලික පරමාර්ථය අමතක කර මහා පරිමාණ හොරුන්ට පමණක් සේවය කරන තත්වයට ඇවිල්ලා. මෙවන් නීති ගෙනෙන පුද්ගලයින් මේ මහා හොරුන්ගේ තැරව් කරුවන් නොවේද?

:       14       612

Sapumal. Sunday, 10 February 2019 01:31 PM

මේ වැඩෙන් වෙන්නේ බැංකුවලින් ජනතාව ඈතට යන එක... බැංකුවට ඕනඕන විදිහට සල්ලි දාන්න මිනිසුන්ට බැහැ වගේම නැහැ. මිනිසුන්ගේ සහයෝගය වැඩිපුර අවශ්‍ය නම්, ඔවුන්ගේ මුදල්වලට ගෙවන පොලිය වැඩි කරන්න. මිනිසුන්ගේ සල්ලිවලට අඩු පොලියක් ගෙවන ගමන් ඔවුන් ගන්නා ණයවලට අධික පොලියක් අය කරනවා. රටේ මිනිසුන්ගේ මුදල්වලින් බැංකු සහ සේවකයන් සුරසැප විඳිනවා. ඒත් මිනිසුන් දිවි ගෙවන්නේ දහසක් ප්‍රශ්න මැද.. මේ බැංකු ඒකාධිකාරය වළකා ගනුදෙනුකරුවන්ගේ මුදල්වලට බැංකු උපයන අධික ලාභයන්ගෙන් කොටසක්ද ගෙවිය යුතුයි. මෝස්‌තර නිර්මාණකරුවන් කෙලෙසක බැංකු කටයුතු පාලනය කරන්නේද?

:       0       482

PRINCE Sunday, 10 February 2019 02:06 PM

දුප්පත් ජනතාවට අසාධාරණයකි..

:       35       105

neil Sunday, 10 February 2019 02:26 PM

පිස්සු හැදීගෙන එනවා වගේ... දුප්පත් මිනිහටම තමයි කෙලින්නේ.

:       15       128

indika Sunday, 10 February 2019 02:58 PM

කොහොමත් කපනවා ඒක අළුත් දෙයක් නෙවෙයි. මිනිස්සු දන්නේ නැති එක විතරයි...

:       0       39

duMonday, 11 February 2019 12:55 PM

හරියටම හරි. මේ පළවූ ඇත්ත නිව්ස් එක දැන් වසරක පමණ සිටම ක්‍රියාත්මකයි. මම මේ ගැන රාජ්‍ය හා පුද්ගලික යන අංශ 2 ම අහලා හොයා බැලුවා. ATM එකෙන්ම ගනුදෙණු කරන නිසා පාස්පොත අප්ඩේට් කරන්නේ නැහැ.. අපි ගිය අවුරුද්දේ අලුත් ටැක්ස් දාපු ගමන් මම මහ බැංකු වෙබ් එකෙන් ටැක්ස් ෆෛල් එක ඩවුන්ලෝඩ් කර බැලුවා. ඊට පස්සේ ටග්ගාලා ගනු දෙණු නොකළ එකවුන්ට්ස් පරීක්ෂා කළා. 25/= ගානේ හැම මාසෙම කපලා.. 125/= කැපිලා. 3000/= දාලා තිබ්බා ඒකට. පොලියවත් නැහැ... මාසෙට 25/=. භාවිතා නොකරන ජංගම ගිණුම් පවා මීට අයත්... සියලුම විස්තර මහබැංකු වෙබ් එකේ තියෙනවා. තව සල්ලි තිබුණත් බැංකු සත ගණන් පවා ටැක්ස් ගන්නවා. එක බැංකුවක සත 53 ගන්නේ මගෙන් මාස 2 ක් අය කරපු බව දැක්කේ ගිය සතියේ පොත සටහන් කෙරෙව්වමයි... ගිහින් හරි කෝල් කරලා හරි තමයි එ්ක දැනගන්නත් ඕනේ.. අවධියෙන් සිටින්න.

:       0       0

Amila Sunday, 10 February 2019 03:07 PM

ආණ්ඩුවත් එකයි බැංකුත් එකයි. මිනිස්සුන්ට නොදැනෙන රුපියලක් දෙකක් වගේ කපා ගත්තා නම් කවුරුත් මොනවත් කියන්නේ නෑ. එහෙම නැතිවුණාම පොඩි පොඩි මිනිස්සු බැංකුවලින් ඈත්වෙනවා. හැබැයි මාතර නිරෝශන්ට කෝටි ගණන් ණය දෙන්න නම් පුලුවන් කුඩ්ඩෝ පස්සේ ඉන්න නිසා නේද ! මේවා ගැන හොයන්න වහාම !

:       0       93

dias Sunday, 10 February 2019 03:11 PM

ශේෂය 1000ට අඩු ගිණුම්වලට ගාස්තු අය කිරීමට ප්‍රථම, ගිණුම් හිමියන්ට කරන සාධාරණයක් ලෙස, එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගන්නට යයි ලිපියක් මගින් දැන්විය හැකිද? නමුත්, ලංකාවේ බැංකු සැමවිටම මාන බලන්නේ පාරිභෝගිකයා සූරාකන්නේ කෙසේදැයි බැවින්, ලංකාවේ බැංකු මගින් එවැනි දෙයක් සිදු වෙතැයි සිතිය නොහැක.

:       0       118

du Monday, 11 February 2019 01:50 PM

ලියුම්. ඒ පාර මුද්දර බද්දත් අපෙන්ම කපනවා. රත්තරන් බඩු උගස් කල්පිරෙන කොට අවසන් නිවේදනයයි කියල අංක 2 ලියුම් එවනවා. අංක 1 ලියුම් එවන්නැහැ. 2 ලියුම් එවන්නේ කල් පිරෙන දවසකට දෙකකට පෙර.

:       0       2

Nuwan Sunday, 10 February 2019 03:30 PM

ලංකාවේ මිනිසුන්ට සල්ලි නැහැ කියලා හිතන් හිටියේ බැංකුවල දාන්න. බලපුවම මෙතන නම් කී දෙනෙක් ඉන්නවද?

:       0       58

ajith Sunday, 10 February 2019 04:05 PM

ලංකා බැංකුවේත් මහජන බැංකුවේත් මේ විධියට ගිණුම් වලින් මුදල් කපනවා. විශ්‍රාම වැටුප එන්නේ මේ බැංකුවලට. විශ්‍රමිකයට ලැබෙන සොච්චමෙන් කන්නයි, බෙහෙත් ගන්නයි වියදම් කලහම ඉතිරි කරන්න දෙයක් නැහැ. මෙහෙම මුදල් කපාගත්තොත් අනිවාර්යයෙන් විශ්‍රාමිකයින්ගේ ගිණුම් වහන්න වෙනවා. ඉස්සර වගේ තැපැල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න වෙනවා.

:       0       96

Hafeel Sunday, 10 February 2019 04:07 PM

ඒ කියන්නේ රජයට මහේන්ද්‍රන්, අැලෝසියස්ට වඩා, රටට බදු ගෙවන දුප්පත් මිනිස්සු..

:       96       173

nalaka Sunday, 10 February 2019 05:31 PM

ලංකාවේ ගොඩක් මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ ලංකාවේ තියෙන බැංකුවල අයිතිය ලංකාවේ ආණ්ඩුවට එහෙමත් නැත්තන් ව්‍යාපාරික සමාගම් වලට කියලා. එහෙම නැහැ. වැඩියක් ඕනේ නැහැ ලංකාවේ මහබැංකුව පවා නිකුත් කරන විදේශ ණය බිල්පත් සහ ණය අරගෙන තිබෙන්නේ ඇමෙරිකානු නැත්නම් බ්‍රිතාන්‍ය ධනපතීන් විසින්. උදාහරණ ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තනිකරම පාලනය වෙන්නේ ධනකුවේරයෝ කීපදෙනෙක් මත. එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින්නේ බටහිර සහ චීන රාජ්‍ය නිලධාරීන් 4 හෝ 5 පමණයි. ඉතින්, මේ සියලු බැංකු අයිති එක්කෝ ක්‍රෙඩිට් ස්විස්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්, මෝර්ගන් ස්ටැන්ලි වගේ ආයතන... ඔවුන්ට ඕනේ ඉතිරිකිරීම් ගිණුම් අඩුකරලා, ඒවා ජංගම ගිණුම් බවට හරවන්න. මන්ද, ඒවාට දෙන පොලිය අඩුයි. ඒවායින්, ඔවුන් ඩොලර් මිලියන ගණනක් ලාභ ගන්නවා. මහ බැංකුව දැනුවත්ව තමයි මේ සියල්ල සිදුවන්නේ...

:       0       81

Bamunuarachchi Sunday, 10 February 2019 05:40 PM

හෙටම උදෙන්ම බැංකුවට ගිහිල්ලා රුපියල් 500ක් දාලා ගිණුම 1500 කරලා සවස 1ට ගිහිල්ලා රුපියල් 499ක් ආපසු ඇරගෙන ගිණුම 1001 කරනවා. බලමු 25ක් කපන හැටි. මාත් එක්ක කොහෙද ඒවා...?

:       0       228

tommyMonday, 11 February 2019 12:06 AM

ඉතින් මුලින්ම රුපියලක් දැම්මනම් වැඩේ ඉවරයිනේ.

:       0       29

BamunuarachchiMonday, 11 February 2019 07:34 AM

ලැජ්ජයිනේ හලෝ රුපියල දාන්න...

:       0       2

අනුරMonday, 11 February 2019 02:01 AM

බමුණට වැරදිලා. රු. 499ක් ගන්නකොට බැංකුව තව ගානක් කපාගන්නවා. එතකොට ශේෂය 1000ට වඩා අඩුවෙනවා.

:       0       39

BamunuarachchiMonday, 11 February 2019 07:39 AM

එකත් එහෙමද? අපි බැංකුවකින් රුපියල් 25 බේරගන්න ගියොත් එකටත් පොල්ලක් වැටෙනවා. මහා බැංකුවම කොල්ලකාපු අය ෂේප් එකේ ඒක කොරගත්තා.

:       0       40

BamunuarachchiMonday, 11 February 2019 07:43 AM

එහෙමද... උදෙන්ම බැංකුවට ගිහිල්ලා දානවා සතේ එවයිම 100ක්

:       0       25

ranilMonday, 11 February 2019 05:21 AM

ද්වේශයෙන් කොමෙන්ට් කෙටීමෙන් වලකින්න. එවිට උඩ යට මාරෑවේ.

:       0       0

BamunuarachchiMonday, 11 February 2019 09:59 AM

වැළකුණාමද උඩයට මාරුවෙන්නේ? එ්කනේ ලියලා තිබෙන දේ අදහස...

:       0       0

BamunuarachchiMonday, 11 February 2019 10:53 AM

රනිල් මොනවා ලීවත් උඩ යට මාරු කර ගන්නවා. රනිල්ලා කව්රුත් එහෙමයි. පස් දුන්න කෝරලේ පස්දුන් කෝරලේ කියපු අයනේ. තව මොනවද එකම බ්‍රෑන්ඩ් එකනේ.

:       1       4

du Monday, 11 February 2019 01:41 PM

සත්‍ය භාවිතයේ නොමැති නිසාම ඒකත් බැහැ නේ. ..

:       1       0

සත්‍යාජිත් Monday, 11 February 2019 01:27 AM

මහබැංකුව කොල්ල කාපු අයගෙන් උපදෙස් ගත්තා නම් හොඳයි.

:       1       9

සමන්ත Monday, 11 February 2019 01:30 AM

මේක දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්නේ.. අලුත් දෙයක් නෙමේ..

:       0       8

Akila Monday, 11 February 2019 03:09 AM

වෙනත් රටවල ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්න නම් අවම බැලන්ස් එකක් නියම කරලා තියනවා... එ්කෙන් යටට ගියොත් ලොකු ගාණක් දඩයක් විදිහට කැපෙනවා.

:       0       1

Kjmperera. Monday, 11 February 2019 07:24 AM

මේ ආන්ඩුව මොනවද දුප්පත් මනුස්සයට නොකලේ ඒකත් කරන්නකෝ. හොදයි.. මෙහෙම බැංකුවලට මුදල් දාන්න හොඳ නැහැ. මනුෂ්‍යයාගේ මානසික තත්ත්වය නොබලන බැන්ක් ? ඔනේම නැහැ

:       0       0

Bandula. Monday, 11 February 2019 09:58 AM

එ්කෙනුත් වදින්නේ දුප්පත් මිනිහටමනේ... දෙවියනේ මහා ලොකුවට ඇමතිකම් අරගෙන අහිංසක, දුප්පත් ජනතාවගේ සල්ලි වලින් සුර සැප විඳිනවුන්ට වැහි නැති අකුණු පුපුරාවි මේ කරන දේවලට...

:       0       0

sarath samaranayake [email protected] Monday, 11 February 2019 10:04 AM

පොඩි ම්නිහගේ දාහටත් තට්ටු කරන වැඩක්

:       0       1

ahinsa Monday, 11 February 2019 10:11 AM

මහාබැංකුව කාපු හැතිකරේ යහතින් ඉන්නවා. ඔවුන්ට හෙනයක් වත් නෑ. ඒ කාපුවා තමා දැන් අහිංසක මේ වගේ ගන්නේ... එකෙක් බදු ගගහ බඩු මිල වැඩි කරනවා. දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන්ම අරන් කාපියව්...

:       0       8

samantha Wednesday, 13 February 2019 12:25 PM

සම්පත් බැංකුවෙත් ලොකුම හොරකමක් වෙලා. සල්ලි තිබ්බොත් හොරු ගන්නවා. සල්ලි අඩුවෙන් තිබුනොත් බැංකුවෙන් ගන්නවා. අරුම පුදුම බැංකු

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 200 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 573 1

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 523 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1342 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2802 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1826 1

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site