IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගණන් කිරීම ඇරඹෙද්දී විදෙස් අවධානය වැඩිවෙයි


ප්‍රංශ පුවත් සේවයේ (ඒ.එෆ්.පී) පුවත් වාර්තාවක් ඇසුරිනි

සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට අවසන් විය. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වුවත් එහි උණුසුම එන්න එන්නම වැඩිවෙමින් තිබේ. ජනාධිපතිවරණයේ හොඳම සටන පැමිණෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමඟය.

ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ සමයේදී තරමක උදාසීන බවක් තිබුණ ද ඡන්ද ගණන් කිරීම ඇරඹෙද්දී ජනාධිපතිවරණ සටනින් ජයගන්නේ කවුදැයි ජාත්‍යන්තරය විමසිල්ලෙන් පසුවෙයි.

ජාත්‍යන්තර අවධානය හොඳ මෙන්ම නරක අතට ද බලපාන බව පැහැදිලි කාරණාවකි.

යුද්ධයෙන් පසු ගෙවී ගිය වසර දහයක කාලය මුළුල්ලේම ශ්‍රී ලංකාවට මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ චීනයේ ක්‍රියාකාරකම්, චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන ණය, චීනය ශ්‍රී ලංකාව තුළ කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය.

විශේෂයෙන්ම බටහිර රටවල අවධානය ඊට වැඩි වශයෙන් යොමු වුණු අතර ශ්‍රී ලංකාව ණය උගුලක සිර වී ඇතැයි ද එම රටවලින් චෝදනා එල්ල විය. චීනය මැදිහත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සිටියේද නොසතුටිනි.

දකුණු ආසියාවේ මෙන්ම ඉන්දීය සාගර කලාපයේද භූගෝලීය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාවට එපිටින් මුහුදේ උපායමාර්ගික වශයෙන් වැදගත් මුහුදු මාර්ග දිවෙයි. මේ නිසාම කලාපීය බලවතුන් මෙන්ම ගෝලීය වශයෙන් ද බලවත් රටවල් පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමු කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් මානව හිමිකම් සම්බන්ධයෙන් විදේශවලින් වැඩි සැලකිල්ලක් මෙන්ම විමසිල්ලක්ද යොමුවනු ඇත. එමෙන්ම උපායමාර්ගික ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව චීනය දෙසට වන නැඹුරුව වැඩි වනු ඇතැයි ද පැවසේ.

2009 වසරේදී 37 වසරක යුද්ධය අවසන් කිරීම නිසා සිංහල බහුතරයක් වෙසෙන ශ්‍රී ලංකාවේ එම ජනකොටස අතර මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ජනප්‍රියත්වයටත් ජනාදරයටත්  පත්වූහ. යුද්ධයේ අවසන් සමයේදී ආරක්ෂක අංශ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ලැබු බව පැවැසෙන අතර එම කාලයේදී දෙමළ සිවිල් වැසියන් 40,000කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්වූයේ යැයි ද විදේශීය රටවලින් චෝදනා එල්ල වේ.

යුද්ධය අවසන් වූ පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම යටතේ විවිධ කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වූ බවත් ඔවුන් දෙමළ ජාතිකයන් පමණක් නොව දේශපාලන විරුද්ධවාදීන් හා මාධ්‍යවේදීන් පැහැරගත් බවටත් ඝාතනය කළ බවටත් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ. කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය “අඳුරු දශකය” බවත් තම රාජකාරිය ඉටු කිරීම නිසා එම සමයේදී ආසන්න වශයෙන් මාධ්‍යවේදීන් 14 දෙනකු ඝාතනයට ලක්වූ බවත් දේශසීමා විරහිත වාර්තාකරුවන්ගේ සංවිධානය වාර්තා කරයි.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා චීනයෙන් විශාල ලෙස ණය ගනිමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය දෙගුණ තෙගුණ කළ බවට ද මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙන අතර එම සමයේ කෙරුණු බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවලදී අල්ලස් ගැනීම් සහ වංචා හා දූෂණ සිදුව ඇතැයි ද චෝදනා එල්ල වී තිබේ. චීනයේ මාවතක් තීරයක් (බෙල්ට් ඇන්ඞ් රෝඞ්-බී.ආර්.ටී) ව්‍යාපෘතිය සමාන්තරව ඉදි කෙරුණු හම්බන්තොට වරාය ඊට හොඳම උදාහරණය යැයි විවේචකයෝ පෙන්වාදෙති.

එම වරාය ඉදි කිරීම සඳහා චීනයෙන් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව 2017 වසරේදී 99 අවුරුදු බද්දක් යටතේ චීනයට වරාය පැවැරීය.

2014 වසරේදී චීනයට අයත් සබ්මැරීන දෙකක් කොළඹ වරායට පැමිණියේය. ඒ සමඟම ඉන්දියාවේ සහ බටහිර රටවල අවධානය ශ්‍රී ලංකාව දෙස වැඩි වැඩියෙන් යොමුවන්නට විය. කලාපය තුළ චීනයේ මැදිහත් වීම, එහි වැදගත්කම සහ චීනය කලාපයට කරන බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාව සහ බටහිර රටවල් කනස්සල්ලෙන් පසුවිය.

“චීනය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ආරක්ෂාව ලබා දුන්නා. ඒ වගේම සංවර්ධනයට අවශ්‍ය මුදල් ද ලබාදුන්නා” යැයි විශ්ලේෂකයකු වන පාක්‍යසෝතී සරවනමුත්තු මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ආයෝජන ආරක්ෂා කරගැනීම සහ ලබාගැනීම සඳහා “සියලු දෙනා සමඟ වැඩ කරන බව” මහින්ද රාජපක්ෂ මහතාගේ තවත් සහෝදරයකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ තිබෙන විමසිල්ල හා සැලකිල්ල ගැන විමසූ විට “ඔවුන් අපට සාධාරණ අවස්ථාවක් දිය යුතුයි” යැයි බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

“ඔවුන්ට මේ රටේ නිරීක්ෂකයෝ වෙන්න බැහැ. ඔවුන් මේ රටේ පාර්ශවකරුවෝ විය යුතුයි” හෙතෙම මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
 

 

 

 



අදහස් (11)

ගණන් කිරීම ඇරඹෙද්දී විදෙස් අවධානය වැඩිවෙයි

pakeer Saturday, 16 November 2019 02:01 PM

මෙවර ගෝඨාභය දිනුවොත් ඔය මොනවත් වෙන්නේ නැහැ. ඇමෙරිකාව එයාලගේ රට වැසියෙක් වැරදි කාරයෙක් කරන්නේ නැහැ..

:       192       216

Chanak los angeles Saturday, 16 November 2019 02:04 PM

අපිට ඉස්සෙල්ලාම අහන්න තිබෙන්නේ 19වැනි සංශෝධනය අනුව විදේශ පුරවැසිකමක් තිබෙන පුද්ගලයෙකු කොහොමද ජනපති ලෙස දිවුරන්නේ කියලයි.. කව්රුන් හරි මගේ තර්කයට අභියෝග කරනවා නම් ගීතා කුමාරසිංහට අධිකරණය දුන් තීන්දුවටත් අභියෝග කළ යුතුයි...

:       718       1019

වොශින්ටන්Saturday, 16 November 2019 03:04 PM

ඇමරිකන් ජාතිකයන් ශූරයින් බව ඔවුන් ඔප්පුකර ඇත. සංශෝධනය අනුව හෝ එසේනැතුව හෝ එවැනි කෙනෙකු නායකයෙකු වීම ගැන අපි ආඩම්බර වියයුතුයි නේද?

:       219       55

ChandiSaturday, 16 November 2019 09:23 PM

චානක, දැන්වත් කඩේ යන එක නවත්වලා තමුන්ගේ වැඩක් බලාගන්න.

:       2       104

පිටිගල මිලානෝ Saturday, 16 November 2019 03:05 PM

දුමින්ද සිල්වාට නැවත රටේ ආරක්ෂාව භාරව කටයුතු කරන්න පුළුවන් වෙයිද...?

:       40       114

Nimal ... Saturday, 16 November 2019 03:14 PM

අනාවැකි කියන්නම්. ටිකක් බලා ඉන්නකෝ 17 වෙනිදා පහුවෙනකම්...

:       2       29

Kumar Saturday, 16 November 2019 03:35 PM

ඡන්දය නිසාද චීන යුද නැවක් කොළඹට පැමිණියේ. ඔව් ඉතින් ඒගොල්ලන්ගේ අයෝජන ආරක්ෂා කරන්න ඕනේනේ.

:       0       0

Sanath Saturday, 16 November 2019 04:17 PM

කිසිම විටක දුමින්ද නිදහස් නොකරන බව ගෝඨා තැන් කිහිපයකදීම ප්‍රකාශ කරා.

:       2       2

soma dubayi Saturday, 16 November 2019 06:12 PM

අලි නැගිටලා ඉන්නේ.....

:       7       0

YapaSunday, 17 November 2019 08:44 AM

හීනෙන්ද ? එක්කො මෙයාට අමු කැවිලා.

:       0       15

රජින්ද Saturday, 16 November 2019 07:17 PM

ඇමෙරිකාව සහ ඉන්දියාව ගෝඨාභයට වැඩි කැමැත්තක් නැහැ ඔහු නම්‍යශීලී නොවන නිසා. චීනය තවදුරටත් ලංකාවේ ආයෝජන වලට උදව් කරාවි. විශේෂයෙන්ම මෙවර චීන ආයෝජන ගැනීමේදී ලංකාවේ අධ්‍යාපනය සහ තාක්‍ෂණය සදහාම පමණක් ගත යුතුයි. ඉන්දියාව උතුරේ හින්දු ව්‍යාප්තිය සදහාත් ඇමෙරිකාව ත්‍රිකුණාමල වරාය සදහාත් සජිත් දිනවීමට ක්‍රියා කළත් බොහෝ දුරට සිංහල ප්‍රදේශ වල බුද්ධිමත් ජනතාවට පින්සිදු වන්න ඒ සියලු කුමන්ත්‍රණ පරාජයට පත් වී ඇතිබව මම විශ්වාස කරමි.

:       114       143

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 12 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 387 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 154 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 650 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 734 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 519 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 275 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1509 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site