(මොහොමඩ් ආසික්)
ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගෙන ජනාධිපති වීමෙන් පසුව පැයක්වත් රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්න ඉඩ නොදෙන බව අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා කීය.
අද (30) වැනිදා කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාවේ පැවැති පෙදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රිත් ගොවි සමුළුව අමතමින් ඒ මහතා එසේ කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙසේද කීය.
‘‘අපි දන්නා තරමින් හා මැතිවරණ කොමිසම කියන විදිහට නොවැම්බර් මාසයේ විසි ගණන්වල තමයි ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ.
අපි හිතමු නොවැම්බර් 23 වැනිදා ඡන්දය තියෙනව කියලා 25 වැනිදා වෙන කොට අපි මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් හදනවා. එහෙම හදන්න පුළුවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට මන්ත්‍රීවරු 44 යි හිටියේ.ඒත් අගමැති කළානේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා පැය 24 ක් යන්න කලින් අගමැති හැටියට පත් කළා. අපිට එහෙම නෙවෙයිනේ.අපිට මන්ත්‍රීවරු 100 කට ආසන්න සංඛාවක් දැනටමත් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගියාට පස්සේ ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණාම රනිල් වික්‍රමසිංහට දවසක්වත් ආණ්ඩු කරන්න ඉඩ නොදෙන බවද එස්.එම්.චන්ද්‍රසේන මහතා කීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
රටක මුදල් ආයෝජනය කිරීමක් සම්බන්ධයෙන් මේ දිනවල ප්‍රචාරයක් ගෙන යනු ලබන මුත් තමන් හෝ තම පක්ෂයේ කිසිවෙකුත් මෙරට ජනතාවගේ මුදල් සතයක් හෝ සොරකම් කර හෝ නාස්ති
’’මහජනතාවගේ කටයුතු සදහා පලදායී ලෙස ඇති කොටසට බලය බෙදී යනවා නම් බැවින් 13 + වුවත් කිසිම ගැටළුවක් නැහැ ’’ යැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාභය ජනපති වුණ ගමන් පැයක්වත් ආණ්ඩු කරන්න රනිල්ට දෙන්නේ නෑ