IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාභයට නිල මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

නාලක සංජීව දහනායක

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය සඳහා නිල මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

ඒ අනුව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම හා මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල යන මහත්වරුන් මාධ්‍ය ප‍්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායකයන්ගේ රැස්වීමේදී ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.



අදහස් (12)

ගෝඨාභයට නිල මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

Prabha Friday, 30 August 2019 10:41 AM

එස්.බී., ඩිලාන් බබාලා නරකද ඔය වැඩේට?

:       0       136

පුරාවසියා Friday, 30 August 2019 10:17 PM

ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය සඳහා නිල මාධ්‍ය ප‍්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. 1 අමෙරිකාවෙන් ලබාගන්න තොරතුරු හෙළි කිරිම සඳහා කෙහෙලිය රඹුක්වැල්ලත් 2. ලංකාවේ තොරතුරු හෙළි කිරිම සදහා ඩලස් අලහප්පෙරුමත් පත්කොට ඇත.

:       1       12

Amila Friday, 30 August 2019 10:57 AM

පලපුරුදු ඩෝබීලා..! එක්කෙනෙක් නම් ඡන්දේ කිට්ටු වෙනකොට අනිත් පැත්තට බල්ටියක් ගහන්න ලෑස්තිලු..

:       30       135

sirimal Friday, 30 August 2019 03:21 PM

වෙන කෙනෙක් හොයාගන්න හිටියෙම නැද්ද? අපට ආරංචිවෙන්නේ ගෝඨාභය මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න අවසරයක් නැහැ කියලයි. මාධ්‍ය සකච්ඡාවලදී ඒ ගොල්ලෝ කියනදේවල් විතරලු ප්‍රසිද්ධ කරන්න පුළුවන්. පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ ඒක. මුහුද හත්ගව්වක් තියලා අමුඩේ ගහන්න ගිහින් දැන් සේරම කට්ටියගේ හුළං බැහැලා වගෙයි පෙනෙන්නේ... මහින්ද මහත්තයා හැමදවසකම උදේ තේ බොන්න ගෝඨාභය මහත්තයාගේ ගෙදරට යන පුරුද්දක් තියෙනවා. එහෙම ගිය වෙලාවක ගෝඨාභය එයාගේ මැතිවරණ වැඩපිළිවෙල ගැන කියන්න ගිහින් අම්බානකට අහගත්තලු. ඒ වගේම මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ පිහිටුවන නව සංධානයේ පාලනය විධායක සභාවකට පැවරෙන අතර එහි 55%ක නියෝජන බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීමටත් සංධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම සංධානයේ ලේකම් ධුරයද පොහොට්ටුවම හිමිවීමටත් ගත් තීරණය ගැන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් කලකිරීමට පත්ව ඉන්නා බවත් කියනවා. "ඡන්ද ගේම" බැසිල්ගේ අතට පත්වෙන හැඩ පෙනෙන බවත් බැසිල් රාජපක්ෂ" කුඩා පක්ෂවලට නටන්න දෙන්න බෑ" කියා පැවසූ බවත් කියනවා...

:       71       556

Hafeel Friday, 30 August 2019 03:26 PM

කෙහෙළිය කොහොමටත් කුණු සෝදන්න හොඳයි. නමුත් ඩලස්ට වඩා මාතර ඉන්නවා කුණු සෝදන්න පළපුරුදු කෙනා.

:       27       128

Victor Friday, 30 August 2019 06:36 PM

එතුමන්ලාව අතුරුදහන් කරන්නේ නැතිද?

:       55       222

Bandula Saturday, 31 August 2019 01:05 AM

රයිගමයයි, ගම්පොලයයි වගේ හිටියි, ඡන්දය දිනන්න නෙමෙයි වෙන්නැති හිතාගෙන ඉන්නේ... නැතිනම් මෙලෝ රහක් නැති අය දාගනියිද?

:       0       4

rohana Saturday, 31 August 2019 03:03 AM

මෙයා ඇමරිකන් පුරවැසියෙක් නිසා ඇමරිකන් කාරයෙක් ගෙනාවා නම් ඉවරයි නේද? ඇමරිකන් කාරයෙක් ලංකාවේ ජනාධිපති කරන්න තරම් ලංකාවේ ඉන්නේ බත් කන හරක්ද?

:       83       92

Ajith NissankaTuesday, 03 September 2019 04:32 PM

ඇමෙරිකන් පුරවැසියන් නායකත්වය දෙන ඇමෙරිකන් විරෝධී පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඩලස් මහත්තයා නැතුව කවුරු දාන්නද?

:       0       0

සෙනෙවිරත්න Saturday, 31 August 2019 11:30 AM

මරු දෙන්නෙක්, පරණ මූණු සේම සිංහල.. නරකද හැමදාම බෙලෙක් හඩින් මොනව හරි කියවන්න..

:       0       4

chandima Saturday, 31 August 2019 11:43 AM

තමන්ගේ මතය ප්‍රකාශකරන එකයි, අයියගේ මතය ප්‍රකාශ කරන්න එකයි... කරන්නේ..

:       0       5

බද්රානි Sunday, 01 September 2019 07:55 AM

අලුත් පරණ වෙනසක් නෑ. කොහොමත් ඉතින් වෙන්නේ එකම වැඩේනේ නේද ?

:       0       50

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 13 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1182 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 380 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 451 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 360 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 33 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site