IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෝඨාභයට අපහාස වන ලෙස පත්‍රිකා බෙදූ දෙදෙනා යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් තොරුතුරු ඇතුළත් අත් පත්‍රිකා බෙදා හැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා අනෙක් පුද්ගලයා අද (15) දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙද නුගේගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුනේ උඩමුල්ල පදිංචි ජයන්ත හේමසිරි හා මිරිහානේ පදිංචි සුනිල් ප්‍රනාන්දු යන දෙදෙනායි ජයන්ත හේමසිරි නැමැත්තා කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙකි.

පුද්ගලයන් කිහිපදෙනෙකු මිරිහාන විජේසේකර මාවත ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කරන ලද අත් පත්‍රිකා බෙදා හරින බවට අංකයට ලද තොරතුරක් අනුව මිරිහාන පොලිසිය මගින් ඉකුත් 10 වැනිදා මෙම සැකකරුවන් දෙදෙනා අත් පත්‍රිකා සමඟ අත්අඩංගුවට ගැණිනි.

එදිනම මිරිහාන පොලිසිය මගින් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

එම නියෝගය අවලංගු කළ මහේස්ත්‍රාත්වරයා අද (14) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.



අදහස් (8)

ගෝඨාභයට අපහාස වන ලෙස පත්‍රිකා බෙදූ දෙදෙනා යළි රිමාන්ඩ්

Dil Perera Thursday, 14 November 2019 01:39 PM

අනේ යාන්තම් ඇති.... රිමාන්ඩ් ගිහින් බතුයි, ලුණුයි, පොලුයි කාලා වතුර බීලා ඉන්න දුන්නා. නැත්නම් ගෙදර ගිහින් හොඳහැටි "පරිප්පු" කන්න තිබ්බා...

:       85       297

යාපා Thursday, 14 November 2019 02:01 PM

ගෝඨාභය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උපරිම උත්සාහ කරද්දි සජිත්ලා ආයෙත් පරණ මඩගොඩටම වැටිලා. මිනිස්සුන්ට හිතන්න හොඳ තැනක්...

:       650       2519

ශ්‍රීThursday, 14 November 2019 04:32 PM

ඔය කවුරුවත් අපට හිතන්න පුරුදු කරන්න ඕනේ නෑ. පහුගිය අවුරුදු 71 පුරාම හිතන්න පුරුදු වෙන අත්දැකීම් ඕනවටත් වඩා අපි ගාව තියෙනවා.

:       542       84

BamunuarachchiFriday, 15 November 2019 01:37 AM

හිතන්න පුරුදු කරන්න ඕනේ නැතිනම් මේ අවුරුදු 5 ටත් රට වෙච්ච දේ බලා පාඩම් ඉගෙන ගන්නවා මිස රැස්වීම් බලන්න පොරොන්දු අහන්න යන්නේ මොන කෙන්ගෙඩියකටද? හලෝ අපේ මිනිස්සු හිතන්න පුළුවන් ජාතියක් නොවෙයි හිතන්න පුළුවන් නම් අපිට මෙහෙම වෙන්නේ නැත...

:       0       0

යාපාFriday, 15 November 2019 04:21 AM

වහල්කම එළියට පැන්නා නේද? 71ක් නොතිබුණු දේ හදන එක ගැන තමයි කිව්වේ. වහල්කමට බෙහෙත් නෑ යාලුවා ඇත්ත ඇත්ත විදියට දකින්න...

:       0       0

athuraFriday, 15 November 2019 06:04 AM

දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න හදන්නෙ පරණ කට්ටියත් එක්කම නේද.කොරයි කොරයි.

:       2       1

athuraFriday, 15 November 2019 09:04 AM

යාපා මහත්මයාගේ අදහසට කැමති දෙදහස් ගානක්... එ්ත් මේක බලලා තියෙන්නේ එක්දහස් ගාණක්...

:       0       0

Sujeewa Silva Thursday, 14 November 2019 06:11 PM

ශ්‍රී මහතාණෙනි, "අවුරුදු 71" වාක්‍ය පමණට වඩා කියවන නිසා ඔබට මෙය කියන්නේ. 1948 සිට අද දක්වා රටේ: (1) ආයු කාලය අවුරුදු 46 සිට 74 දක්වා වැඩිවී (2) ලිවීමට/කියවීමේ හැකියාව 41% සිට 93% දක්වා වැඩිවී (3) ඒක පුද්ගල ආදායම US $ 79 සිට $4,200 දක්වා වැඩිවී (4) විශ්ව විද්‍යාල අපේක්ෂකයින් 200 සිට 23,000 ........... මේ සියලු ප්‍රගතිය දකුණු ආසියාවේ සියලුම රටවල් වලට වඩා අති විශිෂ්ටය. නමුත් අපට සිංගපූරුව වීමට බැරිවිය. ලංකාව කිසීදු දිනක සිංගප්පූරුව වන්නේ නැත. ලංකාව රටකි. සිංගප්පූරුව නගරයකි. . 1977 දක්වා ආර්ථිකය විවෘත නොකිරීමත්, 30 වසරක යුධ සාපයත් ඊට හේතු විය. 2005 සිට 2014 දැක්වූ ආර්ථික පෙරළිය අප රටේ පුනර්ජීවයක් රජයක් මගින් කළහැකි බව ඔප්පු කළාය. 1971 දී තරුණයන් නොමග යවා, නැවතත් 1988/89 දී රට අකර්මණ්‍යය කළ, අදටත් ඒ ක්‍රියාවන් ගැන සමාව ඉල්ලීම කෙසේ වෙතත්, අවම වශයෙන් ස්වයන් විවේචනයක් හෝ නොකරන "වංක දේශප්‍රේමීන්ට" වඩා, වංචාවෙන් සපිරි සියලු රාජ්‍යයන් අපට යමක් කර ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 183 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 172 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 227 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 146 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 568 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 963 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site