IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 දා එළිදකී

(චමිල් රූපසිංහ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර රැජිණ හෝටලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම කරුණු දැක්වීය.

මෙතෙක් දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ කණ්ඩායම් ජනතාවට ලබාදුන් ආකර්ෂණීය පොරොන්දු පත්‍රිකාවක් වෙනුවට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කෙරෙන බව හෙතෙම කීය.

ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති මෙම ප්‍රකාශනය මාස 4-5 පමණ කාලයක් විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරිකයන් පුළුල් අධ්‍යනයකින් සකස් කළ බව ඒ මහතා පවසයි.

ජාතික ආරක්ෂාව ප්‍රමඛ මෙන්ම අධ්‍යාපනය, ආර්ථික, කෘෂිකර්මාන්තය, විදෙස් ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, බලශක්ති, මාධ්‍ය ආදි විෂයන් පිළිබඳව ද මෙහිදි දැඩි අවධානය යොමු කර තිබෙන බව කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු වකවානුව තුළ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් ලක්ෂය දක්වා ඉහළ නැංවිම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද රඹුක්වැල්ල මහතා පවසයි.

මේ වන විට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය සඳහා යොමු කර ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.



අදහස් (12)

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 දා එළිදකී

ISURU Sunday, 13 October 2019 08:53 AM

තොන්ඩමන්ට එකගවුනු පොරොන්දු 32 ඊට කලින් එලි දක්වන්න කෝ

:       0       1

TILAK Sunday, 13 October 2019 08:58 AM

කෝ තොන්ඩමන් සමග එකග වූ පොරොන්දු 32 ක කියන්න තොරතුරු දැනගැනීමේ පනතට අනුව අපිට අයිතියක් ඇත ඉල්ලන්න නැත්තම් අපි අධිකරණයේ පිහිට පතනවා .

:       0       1

People Sunday, 13 October 2019 08:59 AM

ගෝඨාවත් නොදන්න ගොටගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

:       0       1

KARUNAAWATHI Sunday, 13 October 2019 09:01 AM

තොන්ඩමන් සමග ඇතිකරගත් ගිවිසුම ඊට කලින් අපිට කියන්න කරුණා කරුණාකරලා මන්ත්‍රිතුමා

:       0       1

KALANI Sunday, 13 October 2019 09:11 AM

19 වෙනිදා වත් තොන්ඩමන්ට දෙනවා කියපු 32 කියන්න

:       0       1

sirimal Sunday, 13 October 2019 09:11 AM

"කවුරුහරි ලියල දෙන එකක කොලේ බලාගෙන කියවන එකයි අයියගේ අතේ එල්ලිලා පිටිපස්සෙන් යන එකයි සියලුම නඩු හබ වලින් සියලුම දෙනා ගලවා ගන්න එකයි " වෙන්න ඇති ප්‍රධානම ප්‍රතිපත්තිය. වටේට එල්ලිලා ඉන්න ගෝලයෝ ටික දැක්කහම ප්‍රතිපත්තියේ තරම තේරුම් ගන්න පුළුවන් මහත්තයෝ.

:       0       1

rana Sunday, 13 October 2019 09:13 AM

පළමුව මම !! දෙවනුව මගේ සහෝදරයෝ !! තෙවනුව මගේ නෑදෑයෝ !! ඊලඟට මගේ මිතුරෝ සහ කඩේ යන ඇයො !! පසුව රට ගැන බලමු නේ , මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින් අවසන් .

:       0       1

Thilina Sunday, 13 October 2019 09:30 AM

පහත කරුණු ඇතුළත් වී ඇතැයි සිතනවා. 1. එක රටක එක නීතියක් 2.සියළුම වනාන්තර මැණුම් කටයුතු කර සීමා මායිම් සලකුණු කර සංරක්ෂණය කිරීම 3.තනි නිවාස ඉදිකිරීම් සඳහා ඉහළ බද්දක් 4.සෑම පවුලකටම උපරිම දරුවන් ගණන 2ක් විය යුතුයි 5. විශ්‍රාමික සහ ඉතා දිළිඳු අයට පමනක් නොමිලේ රාජ්‍ය සේවය ලබා දී අන් අයට ආදායම් මට්ටම අනුව මුදලක් අය කිරීම

:       0       1

ශ්‍රී Sunday, 13 October 2019 09:34 AM

මැතිවරණ කාලයට පමණක් කරළියට පැමිණේ අනතුරුව අන්ත්‍රස්ධාන වේ / ප්‍රතිපත්ති ප්‍රකාශය

:       0       1

Amila Sunday, 13 October 2019 09:59 AM

ලේකම් කාලේ කරපු වැඩ වල හැටියට මාධ්‍යවේදීන්ට නම් අබසරණයි මෙයා ආවෝත් ...

:       0       0

Sampath Sunday, 13 October 2019 11:20 AM

ඔව් ඉතින් දිනනකන් විතරයි. දින්නට පස්සෙ පවුලේ කට්ටියට ඕනි විදියට තමා.

:       148       311

Bamunuarachchi Sunday, 13 October 2019 12:19 PM

ප්‍රධාන පක්ෂ දෙක හෝ තුන එකවරම ප්‍රතිපත්ති එළිදැක්වීම කරනවානම් හොඳය. ජවිපෙට නම් ප්‍රතිපත්තියක් ඇත. සජිත් ජනතාව ඉල්ලන හැමදේම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කරයි.දැන් ධර්ම සංගායනාවක් කිරීමට ශ්‍රී මුඛයෙන් පොරොන්දුවී ඇත. මේ රටේ කොහෙද හලෝ ධර්ම සංඝායනාවක් කරන්නේ? අර හිමිනමක් වගේ ලිට්රෝ ගෑස් එකෙන් වැටුප් ගන්නා අය සමග මේ රටේ සංඝායනා කරන්න පුලුවනිද? ඊළඟට සජිත් අනික් පක්ෂවල ප්‍රතිපත්තිත් තමන්ගේ කර ගනී. එමනිසා ප්‍රතිපත්ති එළිදැක්වීම එකවරම කරනවානම් හොඳය.

:       104       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1296 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 388 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 351 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site