IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’

(නාලක සංජීව දහනායක)
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (30) පැවැසීය.
 
තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් වෙනස් කිරීමට කිසිම කිසිම සූදානමක් නැතැයිද ඔහු කීය.
 
විපක්‍ෂනායකවරයා මෙසේද කීය.
 
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. කොහෙම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්චාත් බොහෝදුරට සාර්ථක වෙලා තියෙනවා.
 
මේ ආණ්ඩුව නම් දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බයවෙලා. අපිට ගහන්නේ ඒ නිසයි. කොහොම වුනත් අපි නියම වෙලාවට අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුධ නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නතවම බැරිවෙලා තියෙනවා. පක්‍ෂ ව්‍යවස්ථාව ඉදිරියට දාලා ඒ අර්බුදය වහගන්න දැන් එයාලා උත්සාහ ගන්නවා. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා ඒ විදියටම ක‍්‍රියත්මක වෙනවානම් හරිම හොඳයි” යැයිද විපක්‍ෂනායකවරයා කීය.

කොළඹ,බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශණය අද (30) විවෘත කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (36)

‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’

Aris Friday, 30 August 2019 08:48 AM

බැරි වෙලාවත් වෙනස් කලොත් අන්ත පරාජයක් බලාපොරොත්තු වන්න.

:       245       500

AmilaFriday, 30 August 2019 10:54 AM

වෙනස් කරත් නැතත් අන්ත පරාදයි.. හාමු ඇමරිකන් නොවී මෙහෙම රටකනවා නම් ඇත්තටම ඇමරිකන් කාරයෙක් දැම්මොත් කොහොම තියේවිද..? නිකන් ඇමරිකන් තානාපතිව රටේ ලොකුම පුටුවේ වාඩිකරා වගේ තියේවි. ඒක නිසා දේශප්‍රේමීන්ගේ ඡන්දත් නෑ... මධ්‍යස්ථ මිනිස්සුන්ගේ ඡන්දත් නෑ... සුලු ජාතික ඡන්දත් නෑ. වැඩිම වුණොත් සීයට 30යි..!

:       843       2296

කරුණාවති Friday, 30 August 2019 03:11 PM

අමිල පුතේ ඔයා වහාම මනෝ වෛද්‍යවරයකු හමුවෙන්න.

:       517       338

Sugath PremalalSaturday, 31 August 2019 04:31 AM

කවුරු මොනවා කිව්වත් 65% වැඩි ඡන්ද තියන බව සමහර සමීක්ෂණවලින් පෙන්නා දී තිබෙනවා. අපි නොවැම්බර් මාසයෙන් පස්සේ බලා ගමු අමිල...

:       152       161

Rata PerataSaturday, 31 August 2019 10:17 AM

හරියට හරි. ඇමෙරිකන්කාරයෙක්ගෙන් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? තම පවුලේ ඔක්කොම ඇමෙරිකාවේ. අපේ වහල්ලුත් රැවටෙනවා.

:       54       177

arisSunday, 01 September 2019 09:18 AM

2005 ඇමෙරිකන් කාරයෙක් ඇවිල්ලා අපේ රටේ යුද්ධය ඉවර කරලා දෙනකොට අමිල කොහෙද හිටියේ? ඒ කාලේ ඔහොම කිව්වේ නැහැ නේද?

:       1       0

jERAMI Friday, 30 August 2019 08:59 AM

ඔන්න ඔතන තමා අපිටත් ගැටළුවක් තියෙන්නේ. නීතිය, ව්‍යවස්ථාවට ගරු නොකරන කෙනෙක් රටක නායකයා උනාම කොහොමද වැඩක් කරන්නේ රටක් හැදෙන්නේ ?

:       923       2240

Chanaka log angaleseFriday, 30 August 2019 10:49 AM

අයියෝ ඕක මොකද්ද ජෙරමි... රනිලුත් ඔය යස අපූරුවට ඉන්නේ...

:       132       111

Chanak los angelesFriday, 30 August 2019 05:42 PM

නම හරියට කොපි කරන්න.

:       0       51

Nandalal DE SILVA - France Friday, 30 August 2019 09:27 AM

ඒක එහෙම නෙවෙයි හලෝ, "පල ඇති රුකටලු ගල් වදින්නේ"....! ඒකනේ එයාට එරෙහිව තොග ගණන් චෝදනා එන්නේ... තව එකක්.. මම නේ මහදැනමුත්තා. මට උඩින් යන්න කවුරුත් නැහැ. ඒ නිසානේ මම ගන්න තීරණ "දේව වාක්‍ය" හැටියට කවුරුත් හිස් මුදුනෙන් පිළිගත යුත්තේ..!!! ඒ තීරණ කවුරු භාර ගත්තත් අන්තිම තීරණය තියෙන්නේ ඡන්ද පෙට්ටි තුළ බව නම් අමතක කරන්න එපා ලොක්කෝ...!!!

:       1       6

යාපා Friday, 30 August 2019 10:06 AM

ඍජු තීරන කියන්නේ රටක නායකයෙකුට තියෙන්න ඕනෑ ප්‍රධානම ලක්ෂණයක්. මෑත ඉතිහාසයේ ඔබතුමා තරම් ඍජු තීරන ගත්ත කොන්ද කෙළින් තියාගෙන වැඩකරන මනුස්සයෙක් දැක්කේ නෑ.

:       1376       829

Nandalal DE SILVA - FranceSaturday, 31 August 2019 10:50 PM

බම්බුව ! පහුගිය ජනපතිවරණයට දින නියම කරේ මහින්ද නෙවි, බැසිල් මලය. එකනේ අයියා චන්දෙන් පැරදිලා මැදමුලන වලව්වේ තපස් රකින්න ගියාම බැසිල් ඇවිල්ල "වෙච්ච නස්පත්තියට" සමාව අයැද සිටියේ. ඒ අතරේම ගාල්ලේ සුමනදාස ගුරුන්නාන්සේගේ චන්ද නැකත උනත් අප්සෙට් ගියේ මහින්දට ඒ දිනවල තීන්දු තීරණ ගැනීමේ අපහසුකම් තිබුන නිසයි ! වයස 75 කට ආසන්නයේ ඉන්න මහින්දගේ තැන දෙන්න, ඔටුන්න අහිමිවී සිටින නාමල් බේබිගේ වයසේ ප්‍රශ්නයත්, ඒ දරුවා ලඟදි කරකාර බදින එකත් යන මේ ඔක්කොම ලොක්කගේ ඔලුවේ වැඩකරන හේතුවෙන් එයාගේ තීරණ ගැනීමේ පහසුව ටිකෙන් ටික ගිලිහෙමින් තිබෙනවා !!!!!

:       0       1

AnuruddaSunday, 01 September 2019 03:18 AM

රතුපස්වලදිද ?

:       0       1

Lion Friday, 30 August 2019 10:37 AM

ඉස්සෙල්ලා රටේ මිනිසුන්ගේ සල්ලිවලින් හැදුවේ අම්මගේ, තාත්තගේ සොහොන්... බලය හම්බ වුණාම රටටත්, අපටත් බුදු සරණයි.

:       151       1446

Amila Friday, 30 August 2019 10:50 AM

එහෙම වෙනස් කරන්න එපා හොඳේ. ගෝඨා ඡන්දේ ඉල්ලන එකමයි හොඳ. අනික ඉතින් ඇමරිකාවේ පුරවැසියෙක් නිසා ඇමරිකාවත් හරි කැමති ඇති. බොරු ඇමරිකන් විරෝධය සහ බොරු දේශප්‍රේමීන් හඳුනාගන්න මේක හොඳ අවස්ථාවක්.. අනික ඉතින් අර රූප රාජිනිය දාන්න බෑනේ.. එයා බෞද්ධ නොවෙන නිසා.. ඉස්සර හිටිය නායකයෙක්... ඒ මිනිහා අපේ අයට සිංහල භාෂාවෙන් ඉගෙනගන්න ක්‍රමය හදලා මිනිහා තමන්ගේ ළමයි රට යවලා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්නුවා. ඒ වගේ තමයි මෙයාත්..

:       40       1387

assanga Friday, 30 August 2019 12:28 PM

අවසානයේ තරඟ කරන්නේ ශිරන්ති රාජපක්ෂ මිසක් ගෝඨා නොවේ.

:       171       168

JayaFriday, 30 August 2019 01:21 PM

ඉඳලා ඉඳලා කට්ටිය මේ වගේ මෝඩ චූන් කතාත් කියනවා.

:       75       100

Rata PerataSaturday, 31 August 2019 10:19 AM

ඒක වෙන්න පුළුවන්. මොකද අපේ වහල්ලුන්ට තේරුනේ නැති වුණාට, කවුරු වුණත් පවුලෙන් පිට කෙනෙක් එන්නේ නෑ.

:       0       78

Chathuri Friday, 30 August 2019 12:55 PM

ජනතා මතයත් කවදත් වෙනස් වෙන්නේ නැහැ. හිමාලෙට වඩා උසයි. නඩු කඳ මගේ හිතේ... මෙහෙම කෙනෙක් ජනාධිපති කරන්න... මේ රට අයිති ජනතාවට මිසක් එක පවුලකට නොවෙයි. රටේ ප්‍රශ්න තියෙනවා මේකට හොඳම කෙනා විසඳන්න. ගෝඨා, කවුද මේවා කියන්නේ, අධිකරණය කෙලින් ඉඳන් නීතියට අනුව වැඩ කරලා තීන්දු දෙනවා නම්..., මේ දරුණු පාලකයින් අවශ්‍ය නැහැ... මිනිසුන් හරිම අසරණයි, සේරම දූෂිත වැඩ කරන්නේ මේ පාලකයින් නීතිය උල්ලංඝනය කරමින්.., හරියට බැලුවොත් මෛත්‍රීත් හොඳ වැඩියි ජනතාව ඒ තරම් අහිංසකයි. මිනී ඔලු පැළඳගෙන, වශී ගුරුකම් කරගෙන, බලි පූජා තියන්න අවශ්‍ය නැහැ. මිනිස්සු යක්කු නෙමේ. ඇමරිකාව කොයිතරම් ලොකු දරුණු රටක්ද? අහලා දැකල තියෙනවද නායකයෝ, ඉන්දියාවේ කෝවිල වල ඉන්නවා බලය තියාගන්න... මට අවස්ථාවක් දෙන්න ප්‍රසිද්ධියේ මේ ගැන පහදලා දෙන්න. නඩු දවසට උසාවියට එන්නේ නැතිව පොල්ගහනවා.., අනේ මෙහෙමත් හරක්...

:       238       1569

Chanak los angeles Friday, 30 August 2019 02:32 PM

ඒ කියන්නේ බලය තම පවුලෙන් ගිලිහෙන්න දෙන්න කැමති නැහැ කියන එක නේද?

:       73       1403

විජිත් Friday, 30 August 2019 03:22 PM

‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’ කළත් එකයි, නැතත් එකයි. අන්තිමට පරාජය. ඒක එහෙමමයි. එජාපයටත් ඒ ඉරණමමයි. ජවිපේ නැත්තටම නැතිවෙනවා මේ සැරේ. මේ පාර රටට වෙනසක් අවශ්‍යම වෙලාව. එ්කට හොඳම විසඳුම තමයි, නාගානන්ද, රොහාන් පල්ලෙවත්ත, අජිත් රෝහණ කොලොන්නේ, ගාමිණී විජේසිංහ, වින්යා ආරියරත්න.. ඇතුළු උගත් බුද්ධිමත් රටට ආදරේ කරන අවංක අය විසින් පිහිටුවාගත් එන්.පී.එම් සංවිධානය. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කලයුතුයි. ඒ සඳහා සුදුසුම ආයෝජනය තමයි මේ අයගේ අපේක්ෂකයාට ඔබගේ වටිනා ඡන්දය ලබාදී ඔහු හෝ ඇය රටේ පලකයා කොට දැන් සිටින නරි රැලම පලවාහැර රට ගොඩ ගැනීම...

:       52       1551

ධනුෂ්කSaturday, 31 August 2019 05:44 AM

මහත්තයෝ, එ් මිනිස්සු හොඳ අැති නමුත් කොළඹින් පිට ගමකට නිකමට ගිහින් මිනිස්සු 100ක් අරන් අහන්නේ ඔබ ඔය කියපු නම් දන්න මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා..?

:       0       4

BamunuarachchiSaturday, 31 August 2019 01:42 PM

දැන් ඔය නම් කීව හතර පස් දෙනාම මෙරටේ ජනාධිපති වෙනවාද? ගෝඨා, සජිත්, අනුර, නාගානන්ද, ඇතුළු අනික් හාදයින් 4 දෙනාට සිංහල ඡන්ද බෙදුනාම හම්බයෙක් නිකම්ම ජනාධිපති වෙනවා.

:       1       0

Bamunuarachchi Friday, 30 August 2019 05:31 PM

මහින්ද අපිව අන්දනවා මට දැනුයි මේවා වැටහෙන්නේ..

:       0       44

BamunuarachchiSaturday, 31 August 2019 01:33 AM

මහින්ද නියම නායකයෙක්. මහින්දට විරුද්ධව මම ලියන්නේ නැහැ. තම නමින් ඉදිරිපත් වෙන්න බැරි හොරෙක් තමයි මගේ නමින් ලියන්නේ...

:       31       0

tommySaturday, 31 August 2019 11:16 AM

බමුණ, මේ බමුණුආරච්චි හැර රටේ වෙන බමුණුආරච්චිලා තවත් සිටීද?

:       0       38

athuraSaturday, 31 August 2019 05:04 AM

කවුද අප්පේ මේ... හිනාගිහින් ඉල ඇදුණා?

:       0       4

chandima Friday, 30 August 2019 05:56 PM

වෙනස් කරලා කවුරු එවන්නද? අයියව දැම්මොත් පස්සේ එයාගේ ළමයින්ට රජකම යනවා. ළමයින්ගෙන් කෙනෙක් දැම්මොත් ඇඳන් ඉන්න වස්තරෙත් එක්කලා පරදිනවා. පිට කෙනෙක් දැම්මොත් රජකම විතරක් නෙමෙයි දොරටුපාල වැඩෙත් නැතුව යනවා. ගෝඨාභයගේ ළමයි ඇමෙරිකාවේ හැදිලා ඉංග්‍රීසි කතාකරන සුද්දෝ වගේ හැදුනු අය නිසා මලාට ඔටුන්න ඉල්ලගෙන එන්නේ නැහැ. මෙහෙ ජනාධිපති පඩිය බලපුවාම ඇමෙරිකාවේ කාර් හැදුවත් ඊට සැපයි කියලා එහෙ ඉන්නවා. ඒකනිසා මලාට මේ වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ.

:       3       1580

Rata Perata Saturday, 31 August 2019 07:42 AM

පවුල තමයි රටේ තීරණ ගන්නේ. මේවට හුරේදාන්න වහල්ලු ඉන්නකම් හොඳයි.

:       0       121

sirimal Saturday, 31 August 2019 08:12 AM

ඒක වෙන්න ඇති ඉස්සර " හූ ඊස් ලසන්ත " කියපු අපේ මහත්තයා දැන් "තෙරුවන් සරණයි" කියලා කතාව අවසන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඕවට නම් රැවටෙයි අපි...

:       0       134

Jayampathi Saturday, 31 August 2019 04:00 PM

ගෝටා ජනාධිපති . මහින්ද අගමැති . චමල් කතානායක. බැසිල් ආර්ථික සංවර්දන සහ මුදල් ඇමති . නාමල් තරුණ කටුයතු හා ක්‍රීඩා ඇමති . යෝෂිත ආරක්ෂා කටයුතු නියෝජ්‍ය ඇමති ( ආරක්ෂා ඇමති ගෝටා) ශෂින්ද්‍ර සංස්කෘතික බුද්ධ ශාසන ඇමති. ශිරන්ති වනිතා ළමා කටයුතු ඇමති.. රෝහිත විද්‍යා සහ ඩිජිටල් ඇමති අනිත් සියලු මැති ඇමතිවරු මේ අයගේ අණට යටත් වී වහලුන් සේ සිටිය යුතුයි මේ මට සිතෙන දේයයි ඔබෙගේ අදහස මොනවද?

:       0       48

Ajith NissankaMonday, 02 September 2019 04:01 PM

සහෝදර සමාගමේ ඇමෙරිකානු ශාකාවේ අයතිකරුවන් යටතේ වහල් කමේ ඉන්න කොට තියන සනීපෙ!!! මා නෙත් පෙර පින් කල බව දැන් වැටහේ !

:       0       0

සෙනෙවිරත්න Sunday, 01 September 2019 09:05 AM

ගෝඨාගේ නඩු ටික හෝ තවම නිශ්චිත නැති පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇති ගැටලුව නොවිසඳුනොත් ගෝඨා දන්නේ කොහොමද?

:       0       1

BamunuarachchiMonday, 02 September 2019 01:51 AM

හලෝ ගෝඨාගේ පුර වැසි භාවය ගැන චන්ද කොමසාරි වත් රනිල් වත් ප්‍රශ්න කරන්නේ නැත. එහෙනම් ඔහෙට ඇති අමාරුව මොකක්ද? ඕවා හලෝ ගම්වල ගැහැණුන්ගේ ගති. එහා ගෙදරට කොල්ලෙක් ආවාම එහා ගෙදර කෙල්ලව බලන්න එන එකා කසාද බැනපු එකෙක්ද දන්නේ නැහැ කියලා මෙහා ගෙදර ගැහැනිටයි අමාරුව. යකෝ එක ඒ ගෙදර දේමවුපියෝ බලා ගනීවි උඹට තිබෙන අමාරුව මොකක්ද?

:       1       0

Ajith NissankaTuesday, 03 September 2019 04:55 PM

ඇමෙරිකන් විරෝධී පොහොට්ටු පෙරමුණේ ඇමෙරිකන් නායකයන් පිළිබඳව ඡන්ද දායකයන් වන අපිට ඡන්ද කොමසාරිටත් රනිල්ටත් ඔය වහල්ලුනටත් වඩා ප්‍රශ්න කරන්න අයිතියක් තියනවා හලෝ...! ඔය තක්කඩි යටතේ ජීවත්වෙන්න වෙන්නේ ඔය කාටවත් නෙවේ අපිට...!

:       0       0

sirimal Sunday, 01 September 2019 09:37 AM

ගෝඨාභය මහත්තයාට විරුද්ධව ඇමෙරිකාවේ ඇති නඩු ජනාධිපතිවරණය අවසන්වනතුරු කල් තබන ලෙස ඇමෙරිකානු අධිකරණයෙන් ඉල්ලා ඇති බවට දැන් ආරංචි වෙනවා.

:       0       33

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site