IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ කුණු හෙට සිට අරුවක්කාලු කසල අංගනයට

(ජයන්ත සමරකෝන්)

කොළඹ නගරයේ තැන තැන දින තුනක් තිස්සේ ගොඩගැසී තිබූ කසල මෙට්ට්‍රික්‍ටොන් 1500 ක් පමණ හෙට (08) සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාම සිදුවන බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවැසීය.

මුතුරාජවෙල කසළ අංගනයට කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල එක්රැස් වන කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා , 6 වැනිදා සහ අද (07)  දිනයන්හි කසළ ඉවත් කිරීම සිදු නොවීය.

මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කසළ එක්රැස්වීම නිසා දැඩි සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබිණි.

පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට කසළ බැහැර කිරීමේදී වනාතවිල්ලුව ප්‍රදේශීය සභාව මතු කළ ප්‍රශ්නයක් අද (07) පැවැති නගර සභා රැස්වීමේදී විසඳා ගැනීමට හැකිවූ බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

කොළඹ නගරයේදී දෛනිකව එකතුවන කසළ මෙට්ට්‍රික්ටොන් ප්‍රමාණය 600 ක්.



අදහස් (11)

කොළඹ කුණු හෙට සිට අරුවක්කාලු කසල අංගනයට

Raveendra Wednesday, 07 August 2019 03:45 PM

අනේ කොච්චර හොඳද..? එතකොට අර දියවන්නාඔයේ 225 ත් ගෙනියනවා නේද? අනේ වාසනාවන් ලක්මවට..!!! එහෙම වුනොත් අලුත් ඉරක් පායයි..

:       102       623

KamalThursday, 08 August 2019 02:25 AM

දියවන්නාවේ 225 ආවේ පිටසක්වල ජීවීන්ගේ ඡන්ද වලින්ද? ඔයා කියන විදිහට බැලුවොත් ලංකාවේ ඡන්ද දායකයෝ මිලයන 15ත් කුණු ගොඩට ගෙනියන්න ඕනෑ.

:       3       164

RaveendraThursday, 08 August 2019 05:50 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි...

:       0       11

Aris Wednesday, 07 August 2019 04:11 PM

කුණු ටික කොහාට හරි ගිහින් දැම්මට මදි. නගරවල කාණු ටික හෝදන්න ඕනෑ. නගර, මංසන්ධි පැත්ත පළාතේ යන්න බැහැ හිස කකියන දුර්ගන්ධයක් එන්නේ...

:       63       74

chandima Wednesday, 07 August 2019 07:36 PM

මේක දකිද්දී මතක් වෙන්නේ ප්‍රේමදාස කාලේ පාරවල් හදාපු එක... පාරවල් වල වලවල් හැදිලා, කෙසෙල් ගස් පවා හිටෙව්වට පස්සේ, ඡන්දෙ ළං වෙලා පාරවල් හදලා මහා කෙලියක් කළා වගේ මිනිස්සු රවට්ටලා ඡන්දෙ ගත්තා. මෙදාපාරත් කුණු ගොඩ ගැහිලා පාරවල් වල යන්න බැරිවෙන්න ඇරලා.... ඡන්දෙ කිට්ටු වෙලා එව්වා සුද්දකරලා ලකුණු දාගන්න බලනවා. හෙට, අනිද්දට ඇවිත් මාර වැඩකොටසක් මේ ආණ්ඩුවෙන් කළා කියලා ඡන්දෙ ඉල්ලපුවාම අපේ හරහ රැලත් පෝලිමේ ගිහින් කතිරේ ගහලා ඇවිත්, තව අවුරුදු 5ක් අායෙත් හූල්ල හුල්ලා ඉඳියි...

:       45       47

Wije Thursday, 08 August 2019 02:06 AM

කෝ, අර උඩ දාගෙන කිව්වා නේද ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ශාලා? ඒවා හදනවද නැතිනම් විදේශ සමාගම දාලා ගිහිල්ලද? රටේ පාලකයෝ මූලික ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්නේ නැහැ.

:       24       10

ධම්ම Thursday, 08 August 2019 03:04 AM

නීතියේ ආධිපත්‍ය තහවුරු වූ දාට කුණු නියමිත තැන්වලට යාවි...

:       2       6

sharm warn Thursday, 08 August 2019 03:06 AM

මේවා කෝච්චියෙන් ගෙනියන්නේ නැතුව ට්‍රක්වලින් අදින්න වෙන්න ඇති අනුමැතිය දුන්නේ.. හෙන්චයියන්ගේ හොද්ද බොර වෙනු පිණිස.. අනේ වාසනාවන්..

:       31       2

vernonThursday, 08 August 2019 07:40 AM

අරුවක්කාලු කසල අංගනය අසලට යාහැකි ආසන්නතම දුම්රිය නැවතුම්පළ මොකක්ද? පුත්තලමෙනුත් කිලෝමීටර් 40ක් විතර එහායින් මෙතන තියෙන්නේ.

:       6       1

himal Thursday, 08 August 2019 03:29 AM

තමන්ගේ කුණු ටික පාරට දාලා යන මහත්තුරුත් මෙන්න කුණු එකතු වෙලා ගඳ ගහනවා කියලා මැරෙන්න හදනවා මිසක් තමන්ගේ කාර්යභාරය හරියට ඉ‍ටු කරන්නේ නෑ. කොළඹ නගරයේ පමණක් නොවේ ලංකාවේ හැමතැනම වගේ කුණු ප්‍රශ්නේ තියෙන්නේ ඒවා හරියට බැහැර කරන්නේ නැති හින්දයි...

:       0       41

himal Thursday, 08 August 2019 03:29 AM

තමන්ගේ කුණු ටික පාරට දාලා යන මහත්තුරුත් මෙන්න කුණු එකතු වෙලා ගඳ ගහනවා කියලා මැරෙන්න හදනවා මිසක් තමන්ගේ කාර්යභාරය හරියට ඉ‍ටු කරන්නේ නෑ. කොළඹ නගරයේ පමණක් නොවේ ලංකාවේ හැමතැනම වගේ කුණු ප්‍රශ්නේ තියෙන්නේ ඒවා හරියට බැහැර කරන්නේ නැති හින්දයි.

:       0       28

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 34 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 31 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 541 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 12 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1936 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site