(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සිටියදී වෙනත් වෛද්‍යවරියක් පසුගිය 1දා සිට එම තනතුරට පත්කර එවීමෙන් පසු සෙසු වෛද්‍යවරු එම රෝහලේ සේවයෙන් ඉවත්වීමෙන් කොළොන්න රෝහලේ සේවා කටයුතු දින 11ක් තිස්සේ අඩපණ වී තිබේ.
ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමේ සාකච්ඡාවක් හෙට (14) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙවැනි ස්ථානමාරුවක් සිදු කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා අවධාරණය කළේය.
එසේම මෙම ස්ථාන මාරුව වාර්ෂික වෛද්‍ය ස්ථානමාරු ක්‍රමවේදයට සම්පූර්ණයෙන් ම පටහැනි බවද කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සෞඛ්‍ය ඇමැතිවරයාගේ උවමනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් කළ ක්‍රම විරෝධී ස්ථාන මාරුවක් බව ද කීවේය.
මෙවැනි ස්ථාන මාරු නිසා රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් මෙන්ම රෝහල් වලින් සේවාවන් ලබන රෝගීන් ද දැඩි අපහසුතාවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ හම්බෙගමුව රෝහලේ සේවය කළ වෛද්‍යවරියක් එම රෝහලෙන් නිදහස් නොකර සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය ලෙස උසස් කර ස්ථානමාරුව ලබාදී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය.
ඇය පස් වසරක කාලයක් කොළොන්න රෝහලේ සේවය කර හම්බෙගමුව රෝහලට ස්ථානමාරු ලැබ වසරක් පමණ වෙයි.
කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙක් සේවය කරද්දීම පසුගිය 1 දා සිට මෙම ස්ථානමාරුව සිදුකර ඇති අතර එම ස්ථානමාරුව වහා අවලංගු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්න ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලද බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කීවේය.
ඉන්පසු කොළොන්න රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරු පස් දෙනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත රත්නපුර නව නගරයේ පිහිටි සබරගමු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ අත්සන් කළ බවද කීවේය. පසුදා එනම් 04දා සිට මේ දක්වා එම වෛද්‍යවරු ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ සේවයට අත්සන් කරන බව ද කීවේය.
වාට්ටු පහක් සහ දන්ත සායනක් ඇතුළු වෙනත් අටක් පමණ ද බාහිර රෝගීන්ගේ අංශයකින් ද සමන්විත කොළොන්න රෝහලේ කටයුතු මේ වනවිට අඩාලවී ඇති බව සේවකයන් සහ ප්‍රදේශවාසීහූ පවසති.
අලූතින් ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස පත්ව ආ වෛද්‍යවරිය ප්‍රතිකාර සේවා කළ ද වෛද්‍යවරු 6 දෙනෙක් ආවරණය කළ සේවාවන් ඇයට තනිව ආවරණය කිරිමට නොහැකි නිසා වැඩ මෙසේ අඩාලව පවතී.
දැනට දින 11ක් තිසේ පවතින මේ තත්ත්වයට විසඳුමක් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වන බව කී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මෙයට හොඳම විසඳුම ස්ථාන මාරුකළ වෛද්‍යවරිය නැවත හම්බෙගමුව රෝහලේ සේවයේ පිහිටුවීම බවද පැවසුවේය.
හෙට (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී සතුටුදායක පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසුවේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොළොන්න රෝහලේ ගැටලූවට විසඳුම් ගන්න හෙට සාකච්ඡාවක්
ප්‍රදීප් Sunday, 13 October 2019 05:38 PM
දොස්තර කෙනෙකුගේ මාරුවකට විරුද්ද වීමට දින 11ක් රෝගීන්ට බෙහෙත් නොදී, පඩි ගන්න ගමන් පුද්ගලික ප්රතිකාරද කරමින් මුදල් උපයන ඔබලා පලිගන්නේ ඇමතිගෙන්ද නැත්නම් දුප්පත් රෝගීන්ගෙන්ද? දොස්තරලා කොතරම් ආත්මාර්ථකාමිද කියා හොඳින් පෙනේ. වෙන රැකියාවල අසාධාරණ නැද්ද? යුද්ධයකදී දින ගණන් මහා වැස්සේ තෙමෙමින් එකම ඇඳුම ඇඳගෙන ,වනාන්තර වල සිටි සෙබළුන් වගේ ඔබලත් කැපවුනානම්?
නෙවිල් Monday, 14 October 2019 03:15 AM
ගෝඨා ආවාම ඔය ඔක්කොම නවති.