IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කහ කබාකරුවන්ගේ විරෝධතා නිසා ප්‍රංශයේ අර්ථිකයට බලපෑම්

ප්‍රංශයේ  ‘කහ කබාකරුවන්ගේ ‘ විරෝධතා හේතුවෙන්  එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී  ඇතැයි  එරට  මුදල් අමාත්‍ය බෲනෝ ලී මෙයර්   මාධ්‍ය හමුවේ පවසා ඇත.
 
ඉන්ධන මත පනවා ඇති අධික බදු හේතුවෙන්  ප්‍රංශයේ මෙම උද්ඝෝෂණ හට ගෙන තිබේ.   
 
මේ වන විට මතුව ඇති  දැඩි කලබලකාරී තත්ත්වය හේතුවෙන්  ප්‍රංශයේ අයිෆල් කුලුණ හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට  රජය පියවර ගෙන තිබේ. 
 
විරෝධතාකරුවන් 125,000 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වි සිටින අතර  1,700 කට අධික පිරිසක්  අත්අඩංගුවට පත් වී ඇතැයි එරට අරක්ෂක අංශ පවසයි.
 
එමෙන්ම   ප්‍රංශ වෙළෙඳ සම්මේලනය පවසනුයේ මෙම විරෝධතා හේතුවෙන්   සිල්ලර වෙළෙන්ඳන් හට  ඩොලර් බිලියන 1.1  ක අලාභයක් සිදු වී ඇති බවත්  ආපන ශාලා වෙළෙදාම 20% සහ 50% කින් පහළ බැස ඇකි බවත්ය.  මේ වන විට   මිලියන ගණනක් හානි සිදු වී  ඇති  බව එරට බලධාරීහු පවසති.
 
එරට වැසියන්ගේ සාමාන්‍ය ජන ජිවිත  අඩාල වී ඇතැයි එරට මාධ්‍ය  වාර්තා කරයි.  
 
ලෝක වෙළෙඳපොලෙහි  ඉන්ධන  මිල ඉහළ යාම හේතුවෙන් මේ ආකාරයට ඉන්ධන මිල වැඩි වීමට හේතු වු බවද  අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය මාස 12 ක කාලය තුළ ඩීසල් මිල 23% කින් ඉහළ ගොස් ඇති බව  උද්ඝෝෂකයෝ පවසති. 

" කහ කබා" විරෝධතාකරුවන්ගේ විරෝධතා  පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට  සිදු වී ඇති බව  එරට මාධ්‍ය වාර්තා කරයි.
 
එමෙන්ම  ඇති වු ගැටුම් නිසා  වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී  පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු   තුවාල ලැබූ බවද  මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
 මෙම විරෝධතාවය දශක ගණනාවකට පසුව ප්‍රංශයේ ඇතිවූ දැවැන්තම විරෝධතා ව්‍යාපාරය ලෙස විදෙස් වාර්තා සදහන්  කරයි.

(බීබීසී ඇසුරෙනි) 

36698 

 



අදහස් (4)

කහ කබාකරුවන්ගේ විරෝධතා නිසා ප්‍රංශයේ අර්ථිකයට බලපෑම්

athula Sunday, 09 December 2018 03:38 PM

ප්‍රංශයත් ගිනි ගන්නවා.

:       0       0

Cisco Sunday, 09 December 2018 04:05 PM

අපේ අය වඳින බටහිර ප්‍රජාතන්ත්‍රවාදය !!!

:       0       0

Nandalal DE SILVA - France Sunday, 09 December 2018 05:31 PM

ඉතා සුළුවෙන් පටන් ගත් "කහ කබාකරුවන්ගේ" විරෝධතා රැල්ල මේ වනවිට ඉතා දුර දිග ගොස් තිබේ. ඉන්ධන මිල ඉහල දැමීම පමණක් නොවේ මේ "කැරැල්ලට" මුල් වුනේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගිය සැනින් පාරිභෝගිකයාට එම වැඩිවීම පැටවුවත්, බොරතෙල් මිල පහළ ගියවිට එම ලාභය පාරිභෝගිකයාට ලැබෙන්නේ සති ගණනක් ගියාට පසුවයි. ඊට අමතරව යුරෝපයේ ඉන්ධන සඳහා දමන විවිධ බදු වෙනුවෙන් මා පදිංචි ප්‍රංශය කප් ගසා තිබෙන බව හැමෝම දන්නා රහසකි...! සුපිරි ධනපතියන්ගෙන් අයකළ ISF නම් බද්ද ජනාධිපති මැක්රෝන් අහෝසි කිරීම, ගෑස් විදුලිය නිරන්තරයෙන්ම ඉහළ දැමීම, විශ්‍රාමිකයන්ගේ සොච්චම් මාසික දීමනාව බදු වැඩිකිරිම්වලට යටත් කිරීම, මැතිවරණ පොරොන්දු අනුව කල්බදු අහෝසි කිරීමක් මන්දගාමිව යාම ආදී දිග වට්ටෝරුවක ප්‍රතිඵලයකි. මේ විරෝධතාවලට මුල් වුනේ ...! කෙසේ වුනත් මංකොල්ලකෑම්, ගිනිතැබීම් ආදිය මේ අය පිට පැටවීම සාධාරණ නැත. කහකබා වලින් සැරසී මුහුණු ආවරණ කරගෙන ආයුධවලින් පාරවල කළුගල් උගුල්ලා සාප්පු, බැංකු මංකොල්ලකා ගිනිතැබුවේ මදාවිකාරයන් මිස කහකබා කරුවන් නොවන බව බොහෝ දෙනාගේ මතයයි... නැත්නම් සාමකාමී විරෝධතාවලට 89000ක කැරලි මර්ධන පොලිසිය යොදවන්න ඕනෑද?

:       0       0

මල්ලී Monday, 10 December 2018 05:28 AM

යුරෝපාකාරයෝ එක එක රටවල කලබල ඇති කරන්න වියදම් කරනවා... මානව හිමිකම් ගැන කියනවා... අපි දැක්ක ශිෂ්‍යයන්ව දණගස්සවලා... කෝ මානව හිමිකම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 814 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1890 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 892 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 164 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 684 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 378 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site