IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කසිප්පු බී මිය ගිය ගණන 13 දක්වා ඉහළට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ කසිප්පුපලකින් කසිප්පු බීමෙන්  රෝගාතුරවූවන් අතරින් තවත් දෙදෙනෙකු අද(5 )මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

ඊයේ (4) පස්වරුව වන විට මරණ 11 ක් වාර්තාවී තිබූ අතර අද මිය ගිය දෙනොද ඇතුළුව මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.  

මෙසේ මියගොස් ඇත්තේ මහින්ද අබේරත්න 40 ගස්පේ  හා වල්පිට ලුනුමිදෙල්ලවත්තේ මුරකරු ලෙස කටයුතු කළ කටාන නැගෙනහිර කලුවාරිප්පුවේ මහමඩ් බැදිගේ ඇලෝසියස්  60 අයවලුන්ය.

ඊයේ (4) සවස්වන විට විස්සක පමණ පිරිසක් රෝහල්ගතව සිටි අතර අද (5) උදෑසන වනවිට තවත් කිහිපදෙනෙකු රාගම ඇතුලු ප්‍රදේශයේ රෝහල් කිහිපයකට ඇතුළත්ව රහසිගතව ප්‍රතිකාර ලබන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම පිරිස වමනය, පාචනය, ඇස් දැවිල්ල, ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව රෝහල් ගත කර  ඇත.   

මියගිය අයගේ  ශරීර අභ්‍යන්ත කොටස් රස පරීකෂක වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 



අදහස් (8)

කසිප්පු බී මිය ගිය ගණන 13 දක්වා ඉහළට

Samanthaan Monday, 05 August 2019 10:48 AM

ඔය මියගිය අය අතරින් මම හිතන්නේ සියලු දෙනාම බෞද්ධයෝ. සුරාමේරය ගැන මේ තරම් කියද්දී අයි අපේ බෞද්ධයෝ මේ තරම් මතට ඇබ්බැහි වෙලා තියෙන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් මේ මත්පැන් වලට විරුද්ධව කතා කරන්නේ නැහැනේ. සත්ව හිංසාව ගැන කියනවා. ඒක හොද දෙයක්. නමුත් ඔය සත්ව හිංසාවට මුල් තැන දෙනවා වගේ මේවත් කතා කරනම් නේද හොද

:       0       36

Hafeel Monday, 05 August 2019 10:56 AM

රතන හාමුදුරුවනේ, මෙතන්ට අවධානය යොමු කළානං හොඳයි. මේ දේවලිනුත් කාන්තාවන් වඳ වෙනවනේ...

:       111       85

BamunuarachchiMonday, 05 August 2019 01:06 PM

ගොබ්බ කතා කියන්න එපා හලෝ. මත්පැන් බීලා කවද්ද හලෝ ගැහැණු වඳ වුනේ? අර ශාෆිලවගේ පාදඩ වැඩ කලොත් මිසක්...

:       206       45

Raveendra Monday, 05 August 2019 11:00 AM

හුරේ... දේශීය මෙන් විදේශීය ගිනි වතුර විකුණන බාර් කාරයින්ට ජයවේවා.!!! ගිනිවතුර විකිණීමට පර්මිට් දෙන දේශපාලුවන්ටත් පවුල් පිටින් යහතින් ඉන්න ලැබේවා.!!! ගමේ ගිනිවතුර නිෂ්පාදනය කරන ඒ කසිප්පුකාරයින්ටත් ජයෙන් ජයම වේවා..!!

:       0       36

Bamunuarachchi Monday, 05 August 2019 01:12 PM

මත්පැන් මිල අඩු කරන්න. සාමාන්‍ය ජනතාවට මිලට ගන්න පුළුවන් ආකාරයට. මම සාප කරන්නේ කසිප්පු පෙරන මිනිහාට නොවෙයි අර අවමංගලයාට. 1972 රු 20ට තිබුණු ජින් බෝතල අද රු2720. රු 10ට තිබුණු පොල් අරක්කු බෝතලය වෙනුවට එතනෝල් අරක්කු බෝතලය රු 2000කට වැඩියි. ඉතින් මිනිස්සු කසිප්පු බොන එක අහන්න ඕනෙද..?

:       29       4

naradhaMonday, 05 August 2019 03:04 PM

ඊට වැඩිය හොඳ නැද්ද ඔය දහ ජරාව බොන පුරුද්ද නවත්ව ගන්න එක.

:       0       1

BamunuarachchiTuesday, 06 August 2019 01:00 AM

ජහජරාව? පුහ්! මෙයා මොනවාද මේ දොඩවන්නේ? මට එකපාරටම මතක් උනේ නරියා මිදිවල හෙවත් හිවල් න්‍යාය. කටාර් බීම සාප්පුවේ තිබුන එක කොඥාක් බෝතලයක මිල තිබුනේ රියල් 7000 යි. රු 280000 නරක නැහැ නේද ජහජරාව.

:       0       0

BamunuarachchiTuesday, 06 August 2019 02:28 AM

මත්පැන්වල ඉතිහාසය ලෝකේ පැරණිම වෘත්තියට වඩා පරණයි. ඉතින් ඔය බීම නවත්වන්න සක්කරයාටවත් බැහැ. කොළඹ ප්‍රසිද්ද ඉස්පිරිතාලයක බිත්තියක හදවත් රෝග නවතා ගැනීමට පිළිපදින්න "ෆන්ටාස්ටික් සෙවන් " කියන කරුණු 7 ලියා තිබෙනවා ඉන් එකක් තමයි දිනකට ඩ්‍රින්ක්ස් 2 ගැනීම. ඉතින් ඔහේ කියනවා ජහජරාව නොබී ඉන්නලු. හැබැයි දොස්තර කීව දවසට ඔයාලා කරන්නේ රැකියාවට ගිහින් එන ගමන් වටපිට බලලා බාර් එකට රිංගලා කොහෙවත් නොබලා ඩ්‍රින්ක් එකක් අරගෙන ගුඩුස් කියලා කටේ හලාගෙන කට පිහිදාගෙන වටපිට නොබලා එලියට බැහැලා කෙල පාරකුත් ගහලා ගෙදර ඇවිල්ල මුහුණ හොදා ගෙන අමද්‍යප රැස්වීමට යන එකයි නේද?

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 319 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 908 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2347 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 764 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site