IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘කිසිදු ලෙසකින් රට වසා දමන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය.

ඉදිරි දිනවලදී කොවිඩ් ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක් ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා කොවිඩ් ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

අවුරුදු සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී යුද හමුදාපතිවරයා පොදු ප්‍රවාහන සේවාවල ද වැඩි වශයෙන් පිරිස් ගමන් කිරීම ආදියත් මෙයට හේතු වූ බව සඳහන් කළේය.

එබැවින් ඉදිරි දිනවලදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.

 



අදහස් (23)

‘‘කිසිදු ලෙසකින් රට වසා දමන්නේ නෑ‘‘

rathgama Friday, 23 April 2021 10:14 AM

අපේ රටේ මනුස්සයෝ වගකීමකින් තොරව හැසිරෙන විදිහට... අනේ මන්දා...!!!

:       5       69

පීඩිතයාFriday, 23 April 2021 03:48 PM

අපේ බොහෝ දෙනා එදිනෙදා කරන සුළු රැකියාවකින් ජීවත් වන බව නොරහසකි. ඒ නිසානේ සමෘද්ධිලාභීන් විශාල පිරිසක් ලංකාවෙ ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවත් වීමේ අරගලයට සමහර සෞඛ්‍ය නීති කඩකිරීමට සිදුවෙනවා. දියුණු රටවල ජනයා සමඟ මේ පිරිස සැසඳීම අසාධාරණ බව මගේ හැඟීමයි..

:       3       67

NIMALFriday, 23 April 2021 04:48 PM

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවේ වගකීම ඔවුන්ටම බලාගනීවි...

:       0       12

VinsSaturday, 24 April 2021 04:58 AM

දියුණු රටවල මිනිස්සු හැසිරෙන විදිහට අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන්ට රට වසාදැමීමක් සිදුවුණොත් රජයෙන් දීමනාවක් සතිපතා ලැබෙනවා. ඒවා හොඳින් පාලනය වන යාන්ත්‍රණයක් තියෙනවා.

:       0       6

Rata PerataSaturday, 24 April 2021 06:58 AM

පාලකයෝ තමුන්ගේ වගකීම් හරියට කළා නම් ජනතාවට හරියට කොරෝනා නීති පිළිපදින්න තිබුණා. ඔන්න කොරෝනා අස්සේ මත්වතුර බලපත් පනස් ගාණකුත් දීලාලු.. ඒ වගේම මහින්ද කොහොමද නුවර එළියේ ගියේ අවුරුද්දට.. එයාලට රට වටේ යන්න හොඳයි. කීයක්හරි හම්බකරගන්න දඟලන ජනතාවටම බනින කුහක පිරිසක් ඉන්නේ..

:       1       9

BamunuarachchiSunday, 25 April 2021 10:34 AM

පාලකයෝ විතරද හරියට කොරන්න ඕනේ. පාලකයෝද ඔහෙලට මුකවාඩම් බඳින්න ඕනේ. පාලකයෝද ඔහෙලගේ අත් සබන්දාලා හෝදන්නේ ඕනේ? පාලකයින්ට පුළුවන් ඉන්දියාවේ වගේ කුරුඳු පොලු අතට දීලා කොරෝනා නීති කඩන යට සෙරප්පු බිම දාලා දුවනකම් දෙන්න නියම කරන්න. එතකොට ජෙප්පෝ මානව හිමිකම් හොයයි.

:       3       1

Wasantha Friday, 23 April 2021 10:32 AM

ඔයාලා අපිට කරන දේ හොඳටම ඇති. අමුතුවෙන් රට වහන්න ඕනෙ නෑ සර්.. දැන් සැපයි හොඳටම...

:       97       87

sachith Friday, 23 April 2021 10:33 AM

"සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් " මෙන්න මේක මේ විදිහට වුණොත් තමයි පුදුමේ... හෙට අනිද්දා වෙනකොට නුවර එළිය, අනුරාධපුර, කතරගම වගේ තැන්වල තියෙයි කිලෝමීටර ගණන් වාහන පෝලිම්...

:       1       53

මහසෙන් Friday, 23 April 2021 10:42 AM

කියන දේ කරන පාලනයක්...! පවසන දේ අසන ජනතාවක්!. ඉතින් කොහේද කොරෝනාවක්!

:       10       56

අකී Friday, 23 April 2021 11:04 AM

අනේද කියන්නේ මෙහෙමත් පාලකයෝ ඡන්ද කරගන්න දඟලන දැගලිල්ල මිනිස්සුන්ට පන්දහ දෙන්න වෙයි කියලා... මෙච්චර අවදානම් අරන් ඉන්නවා... සංචරණ සීමාවත් දාන්නේ නැතුව....

:       94       68

rathurala Friday, 23 April 2021 11:40 AM

කොරෝනාවෙන් හොඳට හම්බකරගත්තා...

:       64       137

ලුම්බිණි Friday, 23 April 2021 12:01 PM

ඔබතුමාලා කොරෝනා නැති කාලේ මුළු රටේම ඇඳිරිනීතිය දැම්මා. දැන් හැමතැනම කොරෝනා. ඒත් කියනවා රට වහන්නේ නැහැ කියලා. මොනවද මේ කරන්නේ...?

:       78       96

බද්රානි Friday, 23 April 2021 12:38 PM

රට වහගෙන සුද්දන් ටික මේ රටට ගෙන්වා ගන්නේ කොහොමද නේද? අර පිටරටවල විශේෂයෙන් මැදපෙරදිග දුක් විඳින ලාංකිකයින්ව ඒ රටවලම මැරෙන්න අරින්න. එතකොට වැඩේ පහසුයිනේ. දුප්පත් මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති? අපරාදේ ගෞරවාන්විතව ජීවත් වෙන්න තිබුණු ඔබතුමාත් හොර කල්ලියටම එකතු වුණා එහෙනම්...

:       124       279

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 April 2021 01:03 PM

අපෝ ඔව් .. වහන්න නම් එපා. අවුරුද්දට උපරිම නිදහස දුන්නා වගේ දිගටම දෙන්න. රෝගය නිට්ටාවටම සුවවෙයි.

:       87       52

රංග කුමාර Friday, 23 April 2021 01:04 PM

මහජනතාවට ඵන්න කියලා නුවරඑළියේ සැනකෙලියක් තිබ්බේ කවුද.? කොවිඩ් 19 රටේ නැති විදියටනේ පසුගිය දවස්වවල අාණ්ඩුව වැඩ කරේ.

:       11       58

sampath Friday, 23 April 2021 02:44 PM

දැන් කොරෝනා නැති අය නිරෝධායනය කරමු... ඒක ලේසියි...

:       8       43

Aruna Shantha wickramasingha Friday, 23 April 2021 02:49 PM

අවුරුද්දට? ඡන්දෙට? කොරෝනා අඩුවෙන්නේ? ඒවා ඉවර වෙච්චි ගමන් වැඩි වෙන්නේ? කොහොමද? හිතලා බලාපල්ලා. රටේ 99%ක්ම මෝඩයෝ....

:       31       42

susil Friday, 23 April 2021 02:54 PM

තව පැතිරෙනකන් ඉඳලාම වහමු.

:       40       28

Nihal Friday, 23 April 2021 03:26 PM

දැන්ද ඇහැරුණේ..? මිනිස්සු ජයට අවුරුදු සැමරුවා. දැක්කේ නෑ?

:       31       55

Ashan Friday, 23 April 2021 10:37 PM

මේක තමයි මුල ඉදල කිව්වේ වසංගත දැනුමක් තියන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අයට මේකෙ තීරණ ගන්ඩ දෙන්ඩ කියල. හමුදා මානසිකත්වයෙන් වසංගත පාලනය කරන්ඩ බෑ. මේ වෙලාවේ රට සම්පූර්ණ වැසිය යුතුයි අඩුම තරමෙ සති හතරක්වත්. අපි දැක්කනේ අවුරුදු කන්ඩ දගලපු හැටි. ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක වසංගතයක් පාලනය කරන්ඩ දැඩි නීති දාන්ඩ ඕන.

:       0       0

Perera Saturday, 24 April 2021 06:04 AM

අවුරුදු වලට කලින් කිවෙත් ඔය කතාවම නේද දැන් ප්‍රතිඵල එනවා

:       1       0

Sarathkumaramudannayake Monday, 26 April 2021 03:27 AM

ජනතාව අවුරුදු දවස්වල කොරෝනා ගැන නොසිතා හැසිරුණු එක තමයි වැරැද්ද.එහෙත් මේකට ජනතාව පැත්තට පමණක් ඇඟිල්ල දිගු ⁣කිරීම වැරදියි.රජයත් මෙවැනි වෛරයක් තිබියදීත් ⁣මහජනයා එක් රැස් කෙරනෙ විදිහට උත්සව සංවිධානය කර,තමන්ගේ පංපෝරිය රටට පෙන්වන්න දඟනවා මාධ්‍ය මගින් නිතර දක්නට ලැබිණි .

:       0       4

Wishmitha Kannangara Wednesday, 28 April 2021 07:14 AM

හමුදාපතිතුමනි, 2019 පෙනෙන සතුරාගෙන් රට බේරාගත් ඔබතුමාට අපි සැමදා ගෞරව කරමු. එහෙත් නොපෙනෙන සතුරන් සමග ඔබ නොදත් කාරණා බොහෝ ඇත. එබැවින් මඳක් නම්‍යශීලි වී රටම හැකි විගස වසා දමන්න. එවිට සාමාන්‍ය මහජනතාව මරණයෙන් මුදවාගත් පුණ්‍ය කර්මයට ඔබතුමාටද සහභාගි විය හැකියි. ධනය බලය ඇති අයට මෙය ප්‍රශ්නයක් නොවූවද අප වැනි සාමාන්‍ය ජනතාවට මෙය තදින්ම බලපායි. හරි තීන්දු නියම වෙලාවට නොගෙන පසුව පසුතැවිලි නොවන ලෙසට ඔබතුමාට මතක් කරමි... දේශපාලනයට යට නොවී කෙලින් හරි තීන්දුව ගන්න. ඔබ ගැන මුළු රටම බලා සිටියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3299 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3026 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11634 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7958 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10831 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site