IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘කිසිදු දේශපාලන කණ්ඩායමකට දෙන්න පොරොන්දු පත‍්‍රයක් එජාපයේ නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

දෙමළ ජාතික සන්ධානයට හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට ලබාදීමට කිසිදු පොරොන්දු පත‍්‍රයක්  එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා  කොළඹදී අද (07) පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයත් සමඟ කටයුතු කිරීමට යම්කිසි අවස්ථාවක දෙමළ පක්ෂ එකඟවුවහොත්  එය මේ රටේ පුරවැසියන් ලබාගන්නා ජාතික ජයග‍්‍රහණයක් බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා  මෙසේද කීවේය.

      ‘‘රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු  එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයට  විවිධ පොරොන්දු වෙලා තියෙනවා කියලා දැන් චෝදනාවක් තියෙනවා. අපිට දෙන්න කිසිදු පොරොන්දු පත‍්‍රයක්  නැහැ.

අපි සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික කියන මේ රටේ  ජිවත්වෙන සෑම පුරවැසියෙකුටම  නායකත්වය දෙන දේශපාලන පක්ෂයක්. අපේ පක්ෂයේ නමත්  එක්සත් ජාතික පක්ෂයයි. අපේ පක්ෂයේ  ඉතිහාසය ගත්තම  1977 දී දේවනායගම් මහතා  ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ වාඩිවුනාට පස්සේ උතුරු නැගෙනහිර දෙමළ අය අපේ කැබිනට් මණ්ඩලයේ හිටියේ නැහැ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය නිසා අපේ රටේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආණ්ඩුවේ නියෝජනය වුණේ නැහැ. යම්කිසි අවස්ථාවක දෙමළ පක්ෂ කියනවනම්  එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරනවා කියලා ඒක අපි ලබා ගන්න ජාතික ජයග‍්‍රහණයක් වෙනවා. එහෙම නැත්නම් ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයත්  එක්ක වැඩකරන්න ඕන කියලද අපේ රටේ පුරවැසියන් සිතිය යුත්තේ කියලා අපි ඒ අයගෙන් අහනවා.

මේ ගැන කවුරුත් බුරන්න අවශ්‍ය නැහැ. දෙමළ ජාතික සන්ධානය අපිත් එක්ක එකතු වුනත් අපිට තුනෙන් දෙකක්  පාර්ලිමේන්තුවේ නැහැ. මේ අය කියන විදියට රටට අහිතකර  දෙයක් ඉදිරිපත් වෙනවනම් පොහොට්ටුවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි  පුළුවන් පාර්ලිමේන්තුවේ ඡන්දය නොදි ඉන්න.

ඒ නිසා උතුරු  නැගෙනහිර දේශපාලන විසඳුමක් ලබාදීමට අපි කටයුතු කරනවනම් අපිට චෝදනා කරන්නේ නැතුව ඔවුන්ට  පුළුවන්කම තියෙනවා ඡන්දය නොදි ඉන්න. අපිට මේ බොරු චෝදනා කරන පිරිස්  අපි ගැන ද්වේෂයෙන්, වෛරයෙන් ,ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ කියන එක පැහැදිලියි.

වෛරයෙන් යම් දේශපාලන අරමුණක් කරා කවුරු හරි ගමන් කළොත්  ඒ අය ජිවිත වලින් තමයි වන්දි ගෙවන්නේ. ඒ ගැන අපිට ඉතිහිසයේ ආදර්ශයක් තියෙනවා.‘‘ යැයි ඒ මහතා පැවැසීය.

 

 



අදහස් (0)

‘‘කිසිදු දේශපාලන කණ්ඩායමකට දෙන්න පොරොන්දු පත‍්‍රයක් එජාපයේ නෑ‘‘

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1036 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 450 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 412 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 261 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 466 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 452 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site