(කේ.බුද්ධික කුමාරසිරි සහ සෝමසිරි හිගුරලආරච්චි)
කොස්ගම සාලාව රෝහලේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනෙකු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හරින ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය අද (07) දින නියෝග කළාය.
සැකකරුවන් නීතිඥවරු මාර්ගයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර වරද පිළි ගැනීම හේතුවෙන් එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
මහේස්ත්‍රාත්වරියගෙන් සැකකරුවන් 11 දෙනා කොස්ගම රෝහලේ කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කිරීමක් සිදු කර ඇති බැවින් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස කොස්ගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අවස්තාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සැකකරුවන් වෙනුවෙන් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් සැකකරුවන් අතින් සිදු වූ වරද පිළි ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් සමාව ඉල්ලා සිටින බවත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව සියලු කරුණු සලකා බලා සැකකරුවන් රුපියල් 50,000 ශරීර ඇප මත මුදා හැරීමට කටයුතු කරන මුත් පැමිණිලිකරුවන්ට යම් ආකාරයේ බලපෑම් සිදු කළ හොත් ඇප කොන්දේසි ඉවත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බව අප්‍රේල් මස 05 වැනි දින නැවත අධිකරනයේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත් චමරි වීරසූරිය මහත්මිය නියෝග කළාය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොස්ගම රෝහලේ යකා නැටූ 11 දෙනාට ඇප
මුණසිංහ Saturday, 08 February 2020 12:53 AM
පැහැදිලිවම රාජකාරියට බාධා කිරිමක්! එය බරපතල වරදක්. දැඩි දඬුවම් දියයුතු වෙනවා.
Appuhami Saturday, 08 February 2020 03:37 PM
ඔය රෝහලේ කාර්යය මණ්ඩලය අවට පදිංචි අය. එයාලා එතන ගෙදර කරගෙන. බේත් ගන්න එය අයට හරියට බනිනවා. එතන රයාලගේ තනි බඋදලයක් කරගෙන තියෙන්නේ. සමහරු අත්සන් කරලා ගෙදර යනවා ළමයි බලාගන්න.