IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ තක්සේරුවට වඩා වැඩි මුදලකට

(තිළිණි ද සිල්වා)

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල මිලදී ගත්තේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය  ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් අද (4) පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත ලැබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී ය.

විශාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජයේ තක්සේරුකරු රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් ඊට වැඩි මුදලකට එනම් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල මිලදී ගත් බවය.

පාර්ලිමේන්තුවේ අමතර කාර්යාලය පහසුකම් අවශ්‍ය වීම නිසා පෙර පැවති ගොවිජන මන්දිරය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් සෙත්සිරිපාය යාබද ඇති වෙනත් ගොඩනැගිල්ලකට අමාත්‍යාංශය ගෙන යාම තීරණය  කළ බවද අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය කොමිසම හමුවේ වැඩිදුරටත් කීයා සිටියාය.

එසේ වුවද 2015 වසරේ දෙසැම්බර් 01 වැනිදා එවකට සිටි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක මහතා අගමැතිවරයාගේ උපදෙස් මත රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ල ලබා ගැනීමට යෝජනා කළ බවද ඇය වැඩිදුරටත් කීවාය.

මෙම පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 08 වැනිදා 9.30ට කල් තැබිණි.අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය විසින් සාක්කි මෙහෙයවන ලදී.

 



අදහස් (37)

කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ තක්සේරුවට වඩා වැඩි මුදලකට

Mahee Thursday, 04 April 2019 05:57 PM

වෙනස රුපියල් කෝටි හත හමාරයි. කාටද බෙදී ගියේ.

:       114       266

RaveendraFriday, 05 April 2019 02:48 AM

ඉතින් මොකක්ද ගැටලුව දැන් තියෙන ?

:       78       1

indikaFriday, 05 April 2019 03:36 AM

කෝටි 7 1/2 මාසෙකට? මොකද මේක මාසික කුලිය.

:       1       48

ChinthakaFriday, 05 April 2019 04:38 AM

මිලියන 7 1/2 ක් කියන්නේ කෝටි 7 1/2ක් නෙවේ. හරියට ඉලක්කම් ගැන අවබෝධයෙන් කථා කරන්න. කොහොම උනත් මේ ගාන හොඳටම වැඩි.

:       7       31

indikaFriday, 05 April 2019 05:59 AM

සමාවෙන්න. ලක්ෂ 75යි.

:       0       40

MaheeFriday, 05 April 2019 06:28 AM

චින්තක හරි, මට වැරදුනා. රුපියල දස ලක්ෂ හත හමාරයි ගණන. අයියෝ ඒකත් ගානක්ද? නැද්ද චින්තක?

:       1       26

RaveendraFriday, 05 April 2019 04:38 AM

මෙයත් අපේ මුදල් වලින් ගානක් කපා ගත්ත .අනිත් 224 වගේ කිසිදු වෙනසක් නැහැ.

:       0       64

Sumith Friday, 05 April 2019 12:17 AM

ගොවියන්ගේ එළවලු විකුණගන්න බැ. දවසෙන් දවස බීජ මිල ඉහලට. ඔක්කොම රටෙන් ගේනවා. ගොවි විශ්‍රාමේ 1200. මේවගේ ගොඩනැගිලි අරන් ගත්තු විසඳුම කුමක්ද?

:       0       21

Kumar Friday, 05 April 2019 01:22 AM

මේක හරියට "වැටත් නියරත් ගොයන් කන" කතාව වගේ නේද. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ.

:       0       26

rocky Friday, 05 April 2019 01:50 AM

මෙතන වංචාවක් සිදුවී ඇති බව කාට වුනත් වැටහෙනවා. පරණ ගනුදෙනුවක් වෙනුවෙන් ගොඩනැගිල්ල අයිතිකාරිට විශේෂ සැලකිල්ලක් දක්වන්න ඇති.

:       7       72

අනුර ප්‍රනාන්දු ගැන Friday, 05 April 2019 02:05 AM

ඉතිහාසයේ දූෂණ වංචා කෙළවරක් නෑ ඒවාට පවත්වන කොමිෂන් ඉවරයක් නෑ. ප්‍රතිපලත් නෑ අපේ මුදල් නාස්ති වෙන එකයි සිදුවන්නේ මෙහෙම ගියොත් අපේ රට කොයිබට ද?

:       18       86

Thilina Friday, 05 April 2019 02:13 AM

තිබුණු ආණ්ඩුවට හොරා හොරා කියලා චෝදනා කරලා පත් කරගෙන තියෙන්නේ කම්බ හොරු ටිකක් .. දැන් තේරෙනවා නේද දුමින්දලා වගේ අය රනිල් පස්සෙ මෙච්චර දුවන්නේ ඇයි කියලා

:       58       773

Amila Friday, 05 April 2019 03:16 AM

මේවට තමයි කියන්නේ එලිපිට මුදල් ගසා කනවා කියලා. ලක්ෂ 210ක් මාසිකව ගෙවාගෙන ආන්ඩුවේ ආයතනයක් තියාගෙන ඉන්නවා කියන්නේ මේ රටේ බදු මුදල් තමයි නාස්ති වෙන්නේ. ඔය ලක්ෂ 210 මාසිකව ලක්ෂ පහ හෝ දහය ගානේ කුඩා ව්‍යාපාර පටන් ගන්න දුන්නා නම් අඩු ගානේ රටේ අදායම වගේම රැකියා හරි බිහිවෙනවා. බදු සහ දඩ වැඩි කරමින් තමන්ගේ ලගම යාලුවන්ට රටේ මුදල් හොරා කන්න ඉඩ දීම තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 225මේ වගේ අරමුන. ඊලග ඡන්දයකදී ඔය 225ම ගෙදර යවන තෙක් මේ රට හදන්න බෑ

:       37       130

Prasa Friday, 05 April 2019 04:25 AM

වෙනස කෝටි හත හමාරයි නෙවෙයි, මිලියන හත හමාරයි. ඒක නෙවෙයි, වැදගත් මේ එළිපිට සාක්ෂි ඇතිව කරන වංචා වලට ගන්න ක්‍රියාමාර්ග ගැන. මොකුත් නෑ ඉතින්. සිංගප්පූරුව මහේන්ද්‍රන්ව දෙන්නෙ නෑ කියල මැරෙන්න හදනවා. මදුෂ්ව ගේන්න තකහනියෙ ඩුබායි යනවා. ගේ ඇතුලෙ ඉන්න හොරු, තවත් හොරකම් කරගෙන යසට ඉන්නවා. මේක හැදෙන්නෙ නෑ

:       25       199

sana Friday, 05 April 2019 05:08 AM

ඔතන ගැටළුව ඇයි මේ ගොඩනැගිල්ලම ගන්නේ කියන එකයි. මොකද ගොඩනැගිල්ලක් කුලියට ගත්තම ඒකේ පාටිෂන්, කාපටින් කරන කම් කුලී නොගෙවා ඉන්න බෑ. රජයේ ආයතන වල ඔව්වා ටෙන්ඩර් දම දමා කරන කොට මාස ගණන් යනවා. අනික රජයේ තක්සේරුකරු කියන ගාණට හිමිකරු දෙන්න බෑ කියනවා නම් කරන්න දෙයකුත් නෑ.

:       10       2

BamunuarachchiSaturday, 06 April 2019 10:45 AM

එහෙනම් ඉස්සර වගේ රජයට පවරා ගන්නවා. බුහාරි හෝටලය, බීසීසී කොම්පැනි, ෂෙල් කොම්පැනිය පවරා ගත්තා නම් මේක මොකද පවරා ගත්තාම වෙන්නේ...?

:       0       4

vipula Friday, 05 April 2019 07:34 AM

අදාල ඇමතිට තමන් හොරෙක් බව නොපෙනෙන අතර, අන් අය හොරු විදිහට පෙනෙයි..

:       0       53

Hafeel Friday, 05 April 2019 07:34 AM

ඉහත අනුර ප්‍රනාන්දු මහතා කිව්වා වගේ කොමිෂන් සභාවලින් මුදල් නාස්තිය පමණයි. මේ දක්වා කිසි කෙනක්ට දඬුවම් දීලත් නැහැ. මේවා ජනතාව මුලා කරන වැඩ... බොරුවට විශේෂ මහාධිකරණ තුනකුත් පත් කරලා. මේ වංචා සිදුවෙද්දී විෂය භාර ඇමති දුමින්ද දිසානායක. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන සහ එම පක්ෂයේ මහ ලේකම්. මෙතන ඉතා පැහැදිලි ප්‍රධාන පක්ෂ දෙකම පොහොට්ටුව ඇතුළු මේ රටේ දුෂණ, වංචා නැති කරන්නත් නැහැ... දඬුවම් දෙන්නත් නැහැ. අවුරුදු 71ක් මාරුවෙන් මාරුවට රට පාලනය කළ මේ පක්ෂ දෙකම පරාජයට පත්කළ යුතුයි. මේ රට හදන්නන් නං තුන්වෙනි බලවේගයක් බලයට පත්කළ යුතුයි. ජනතාව හැටියට අපි වෙනස් වියයුතුයි...

:       0       25

Nuwan Friday, 05 April 2019 08:57 AM

මේවා කවදාවත් කෙරෙන නඩු නෙමේ. මුල්‍ය වංචාවකට හිරේ ගිය දේශපාලුවෙක්ගේ නමක් කියන්න බලන්න කව්රු හරි? නමුත් බඩගින්නට පොල්ගෙඩියකට,අඹ ගෙඩියකට මාස ගණන් හිරේ ගිය දුප්පත් මිනිස්සු සිය ගණනක් රටේ ඇති. නමුත් කතාව නම් ලංකාව තවත් සිංගප්පුරුවක් කරන්න කොහෙන් හිනා වෙන්නද මන්ද මේවට!

:       0       28

BamunuarachchiFriday, 05 April 2019 03:41 PM

දෙගොල්ලොම පට්ට හොරු. උන් මුන්ව බේරා ගන්නවා, මුන් උන්ව බේරා ගන්නවා. මේ රට ඉවරෙටම ඉවරයි. සාගරය මැද මහා කුණාටුවකට අසු වුණු රුවල් නැවකට වුණු දේ තමයි අපිට වෙලා තිබෙන්නේ... වෙන විනාශය දිහා බලාගෙන මැරෙමු.. 1977 එජාපෙට ඡන්දය දීපු අයට හෙන 14ම වැදියන්. 1956 දී මහන මැෂිමක් තෑගී ගත්ත තම පක්ෂයේ මන්ත්‍රී කෙනෙකු අල්ලස් කොමිෂමට ඉදිරිපත් කර දඬුවම් දුන් ආණ්ඩු තිබුණු රටකටයි මෙහෙම වුනේ.

:       74       59

Chanak Los angelesSaturday, 06 April 2019 05:32 AM

සාටක පවුල තමයි රට විනාශ කලේ... අැටෙන් පොත්තෙන් එළියට ආපු ගමන් සාටක පවුලේ පුතුන් මිලියන් ගණන්වල ව්‍යාපාර අයිතිකරුවන් වෙලා. ඒවා අරඹන්න ප්‍රාග්ධනය ලැබුණේ කොහොමද කියලා ප්‍රශ්න කරනකොට කොහෙවත් ඉන්න ඩේසි ආච්චි කෙනෙක් පාවලා දෙනවා.. ඒක නිසා කට වහගෙන හිටියොත් හොඳයි. තව දේවල් කියන්න ඇවිල්ලා විහින් සවුත්තු නොවී... මොකද අපි ගාව තිබෙනවා සාටකලා රටේ කර තිබෙන අසමජ්ජාති ක්‍රියා ගෝනි ගණන් එළියට දෙන්න.

:       10       83

BamunuarachchiSaturday, 06 April 2019 09:10 AM

හලෝ අපි නොවෙයි කියන්නේ කොමිසමකින් කියන්නේ රනිල් සහ අනුගාමිකයෝ පට්ට හොරු කියලා. මහින්ද මැතිතුමා හොරකම් කළා කියලා කිසිම කොමිෂන් එකකින් කියලා නැත. විහින් සවුත්තු වෙනහැටි පත්කර තිබෙන කොමිසමෙන් ඔන්න එළියට එන්න පටන් අරන්. කෘෂිකර්ම ගොඩනැගිල්ලෙන් ගහලා. අක්කර 450 රුපියල් 8000 බද්දට දීලා. තව එළිවෙනකොට ලොස් ඇන්ජලීස් වලම කව්බෝයි කෙනෙකුගෙන් හරකුන්ට දාන තොණ්ඩුවක් ඉල්ලලා දාගෙන ලොස් වෙන්නයි වෙන්නේ.

:       0       1

BamunuarachchiSaturday, 06 April 2019 10:53 AM

සාටක පවුල නැතිනම් එල්ටීටීයෙන් මෙයා මකබෑවුණු තැන නිදිකුම්බා ගසුත් පැලවෙලා. හලෝ උදේ සවස නාලා පේ වෙලා හතර ගාතේ දාලා වඳිනවා සාටක පවුලට... ජීවිතේ බේරාගෙන ලොස් ඇන්ජලීස් වලට චුතවෙන්න ජීවිතේ බේරා දුන්නාට.

:       24       20

Chanak Los angelesSaturday, 06 April 2019 04:44 PM

සාටකලා වඳින්න ඕනේ සරත් ෆොන්සේකාටයි .

:       0       40

BamunuarachchiSunday, 07 April 2019 10:09 AM

කවුද? අර කලවැද්දෝ පස්සේ දුවන හාදයාද? මෑන්ස්ට ජොබ් එක දුන්නෙත් ඝෝඨාභය මැතිතුමානේ... ඒ ජොබ් එක නොලැබුණා නම් මෑන් නිකම්ම නිකන් ෆොන්සේකාලු කියලා කියනවා ඇහුණා.

:       0       0

BamunuarachchiSaturday, 06 April 2019 11:02 AM

1956-57 කාලයේ කෙනෙකුට රැකියාවක් දීලා රැකියාව ලැබුණු පුද්ගලයා තෑගී කල මහන මැෂිමක් බාර ගත්තා කියල බණ්ඩාරනායක මහතාගේ පැමිණිල්ලකට ඉස්සෙල්ලාම අල්ලස් කොමිෂමකින් වරදකරුවී දඬුවම් ලැබුවේ ඒ පක්ෂයේම මන්ත්‍රීවරයෙක්. කොහොමද ඒ වැඩ.. රට කාලකන්නි කලේ 1977 බලයට ආ හැතිකරයයි.

:       0       0

Chanak Los angelesSaturday, 06 April 2019 03:09 PM

හොරුන්ට මැතිතුමා කියලත් කියන වචනයක් සිංහල භාෂාවේ තිබෙනවාද ?

:       0       0

Bamunuarachchi Saturday, 06 April 2019 09:18 AM

අහන්න ඕනෙද? ඉතින් කෝ එතැනින් එහාට කව්රුත් කතා කලේ නැහැනේ. කව්රුත් ඩේසි ආච්චිගේ මැණික් මල්ල පිළිඅරගෙන කේස්එක එතනින් ක්ලෝස් කළා. කෝ දැන් ඩේසි ආච්චි කෙනෙක් ගැන කව්රුත් කතා නැහැනේ. ඉතින් මොකක්ද ඔහෙට තිබෙන අමාරුව.

:       0       0

Chanak Los angelesSaturday, 06 April 2019 02:30 PM

ඒක නිසානේ හිටපු අගවිනිසුරු අනේ මට සමාවෙන්න මේ මිනිහා බේරුවට කියා කියා රට වටේ ගියේ ? තවත් ඕනෙද ?

:       0       24

Chanak Los angelesSaturday, 06 April 2019 05:23 PM

ඩේසි ආච්චි ගැන කියනකොට ඔහේට රිදෙන්නේ ඇයි? ඔහේද එයාලට කඩේ දුවන්නේ ?

:       0       24

BamunuarachchiSunday, 07 April 2019 10:17 AM

ඔහේ මොකටද ඩේසි ආච්චි පස්සේ දුවගෙන ආවේ?

:       0       0

Chanak Los angeles Saturday, 06 April 2019 03:17 PM

සාටකයන් කර තිබෙන දුෂණ වංචා ලියන්න ගියොත් ස්ටීවන් ජොබ් හදපු ඇපල් මුදුකාන්ගයත් ඉඩ මදි වෙනවා .

:       0       27

BamunuarachchiMonday, 08 April 2019 02:44 PM

ඔප්පු කරපු එක හොරකමක් කියනවා ආසාවට අහගෙන ඉන්න...

:       0       0

BamunuarachchiMonday, 08 April 2019 02:48 PM

මෘදුකාන්තේ මදිවෙනවා නම් රනිල් මේ අවුරුදු 4 මෙරටට කරපු එක හොඳදෙයක් කියනවා බලන්න. බැංකු මංකොල්ලේ වුණත් කමක් නැහැ. ඔහෙලගේ කටින්ම කියැවෙනවා නම්...

:       0       0

Chanak Los angeles Saturday, 06 April 2019 11:59 PM

මෙයා විහිළු සපයනවා . පස්ස දොරෙන් අගමැති පුටුවට රිංගපු ඔය මැතිතුමාව අපි පැය 24 ක් යන්න කලින් එලියට දැම්මා කියල මතක් කරලා දෙන්න ඕනෙද ? නලා කාරයන්ට වගේ නොවෙයි අපිට කල නොහැක්කක් නොමැත .

:       0       32

Chanak Los angeles Sunday, 07 April 2019 12:08 AM

ඔක්කොම වෙලාවට සෙට් වුණාම ලංකා ඉතිහාසයේ දීර්ග කාලීනම දඬුවම එතුමාට බුක්ති විඳින්න හම්බ වෙයි . එතකන් එතුමාගේ රෙදි හෝද හොදා ඉන්න පුළුවනි .

:       0       29

BamunuarachchiSunday, 07 April 2019 10:14 AM

මොකද ඩයිවර් වැඩේ හොඳ නැතුවද රෙදි හෝදන්න හොයන්නේ? හලෝ රෙදි හෝදන එක හොඳයි ඔහෙලා කරන්නේ රනිල්ගේ ටොයිලට් එක ටිෂූ කොලේක පිහිදාන එකනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1260 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 573 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 487 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 291 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 512 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 481 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1501 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site