කාශ්මීර අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඔවුන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු යැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාඅවධාරණයෙන් ඉල්ලීය.
අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාකිස්තාන අගමැතිවරයා එම ඉල්ලීම කළේය. කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්තානය අතර එදිරිවාදීකම් නිර්මාණය කරන ස්ථානයක් හා කරුණක් බවට පත්ව තිබේ.
එපමණක් නොව කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්තානය අතර තිබෙන මතභේදාත්මක තත්ත්වය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙන කරුණක් බවට පත්ව තිබේ. කාශ්මීර අර්බුදය එසේ යුද්ධයක් දක්වා දිග්ගැස්සුණහොත් එය සමස්ත ලෝකයටම බලපානු ඇත.
“පළමු ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සංවිධාන රැසක් ස්ථාපිත කළා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේ සංවිධානවලට කතා කරනවා ඇරෙන්න අපට කරන්න වෙනත් දෙයක්, අපට කරන්න ගොඩක් දේවල් නැහැ. ඇමෙරිකා එක්සත් ජනපදයට, චීනයට, රුසියාව හා යුරෝපා සංගමයට අපි මේ ගැන කිව්වා” යැයි පාකිස්තාන අගමැතිවරයා කීවේය.
“අවාසනාවකට හැමෝම ප්‍රශ්න දිහා බලන්නේ, විශේෂයෙන්ම ඇතැම් රටවල් දෙස බලන්නේ වෙළෙඳපොළ දිහා බලලා. ලොකු වෙළෙඳපොළවල්. ඉන්දියාව බිලියනයක ජනතාවගේ වෙළෙඳපොළක්. එහෙත් ලෝකය, ඔවුන් දැන් මැදිහත් වුණේ නැත්නම් ප්‍රතිඵල විඳින්න සිදුවෙන්නේ මේ උපමහද්වීපයට විතරක් නෙමෙයි. ලෝකයේ සම්පූර්ණ වෙළෙඳාමට මෙයින් බලපෑම් සිදුවෙනවා. මෙය හැමෝටම බලපානවා” යැයි අගමැති ඉම්රාන් ඛාන් කීවේය.
“ඉන්දියාව අඩු වැඩියෙන් හෝ කොහොමහරි සංහාරයක් කරනවා. ඔවුන් ජනතාව මත යම් විදියක වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. නාසි ජර්මනියෙන් පසු අපි එවැන්නක් දැක්කා කියලා මම හිතන්නේ නැහැ. කාශ්මීරයේ සිටින මිලියන අටක මුස්ලිම් ජනතාව දැන් සති හයක් තිස්සේ කොටුවෙලා. ඇත්තටම කිව්වොත් ඔවුන් කොටු කරලා.
ඉන්දියාව නීතිවිරෝධී ලෙස කරන අල්ලාගෙන සිටීමට යොමුවෙලා තියෙන අවධානය වෙනත් පැත්තකට යොමු කරන්න හදනවා. ඉන්දියාව කොහොම නමුත් සංහාරයක් කරනවා. ඒ වෙත යොමුවෙලා තියෙන අවධානය වෙනතකට යොමු කරන්න හදනවා. මේ තත්ත්වය නිසා කාශ්මීරය මුල් කරගනිමින් ඉන්දියාව සහ පාකිස්තානය අතර දරුණු අර්බුදයක් ඇති වෙන්න පුළුවන්.
පාකිස්තානයට ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් ඉන්දියාව කාශ්මීර අර්බුදය අමතක කරන්න උත්සාහ කරනවා. ඉන්දියාව පසුගිය පෙබරවාරි මාසයේදී කළෙත් එයමයි. කාශ්මීර තරුණයකු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලල කළා. ඉන්දීය හමුදාවේ බස් රථයක් ඉලක්ක කරගනිමින් තමයි එම ප්‍රහාරය එල්ල වුණේ. ඉන්පසු ඉන්දියාව පාකිස්තානයට චෝදනා කළා. ඔවුන් අපට බෝම්බ ගැහුවා.
එය නැවත සිදුවේවී කියලා අපි බයෙන් ඉන්නේ. ඒ නිසා ඔවුන් කාශ්මීරයේ කරන දේ නිසා යම්කිසි ආකාරයක ප්‍රතිචාර දැක්වීමක් වෙන්න පුළුවන්. එතකොට ඔවුන් පාකිස්තානයට චෝදනා කරලා කාශ්මීරයේ සිදුවන සංහාරයට ලෝක අවධානය යොමුවීම වෙනත් පැත්තකට හරවාවි.
අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අර්බුදයක්, අවුල් සහගත තත්ත්වයක් නැහැ. මම කියන්නේ පාකිස්තානය කිසිදු අවස්ථාවක යුද්ධයක් ආරම්භ කරන්නේ නැහැ. මම සාමවාදියෙක්. මම සාමයට ලැදි පුද්ගලයෙක්. මම යුද්ධයට විරුද්ධයි. මම පැහැදිලිව කියන්නේ මේකයි. න්‍යෂ්ටික අවි ආයුද තියෙන රටවල් දෙකක් යුද්ධයකට ගියොත් ඔවුන් යුද්ධයකට ගියොත් එය න්‍යෂ්ටික යුද්ධයකින් අවසන් වීමේ අවදානමක් තිබෙනවා” යැයි පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.
055
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘කාශ්මීර අර්බුදය න්‍යෂ්ටික යුද්ධයකට මුල විය හැකියි‘‘
SL Monday, 16 September 2019 05:16 AM
දුන්න තෑග්ග හින්ද ඉන්දියාවයි ,පකිස්තානෙයි ආදරයෙන් ඉන්නවා.