රියාද්හිදීය (රොයිටර්)
මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ සම්බන්ධයක් නැතැයි ද නිලධාරීන් පස් දෙනකුට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ යැයි ද එරට නීතිපතිවරයා අද (15) ප්‍රකාශ කළේය.
ජමාල් කශොග්ජි ඝාතනයට එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ යැයි ද නීතිපතිවරයා සඳහන් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක් කෙරුණු අතර ඊට සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් සම්බන්ධ යැයි චෝදනා එල්ල විය.
මාධ්‍යවේදී කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞදි අරාබියේ නීතිපතිවරයා තුර්කියට පැමිණි අතර හෙතෙම පසුගිය කාලයේදී තුර්කි බලධාරීන් හා එක්වෙමින් පරීක්ෂණ පැවැත්වීය.
සෞදි අරාබියේ බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ජෙනරල් අහ්මෙද් අල් ඇසිරි ජමාල් කශොග්ජි ඝාතනයට අණ දී ඇතැයි වාර්තා සඳහන් කරයි.
ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධයෙන් සෞදිය අරාබියට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වූ අතර ඝාතනය සම්බන්ධයෙන් පූර්ණ විනිවිද පරීක්ෂණයක් පවත්වැන්නැයි ද ජාත්‍යන්තරය අවධාරණය කළේය.
ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ යැයි පැවසෙන 21 දෙනකු මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින අතර ඔවුන්ගෙන් 11 දෙනකුට එරෙහි අධි චෝදනා ගොනු කර ඇතැයි ද පැවසේ.
ජමාල් කශොග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිවිසුමකට අත්සන් කරන්නැයි සෞදි අරාබිය තුර්කියෙන් ඉල්ලා ඇති අතර ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි තුර්කිය ප්‍රකාශ කර ඇත.
ජමාල් කශොග්ජිගේ ඝාතනයට සම්බන්ධ හඬපට සහ තවත් තොරතුරු රැසක් තුර්කිය ඇමෙරිකා එක්සත් ජනපදයටත්, සෞදි අරාබිය සහ තවත් බටහිර රටවල් කිහිපයකටත් ලබාදීමට පියවර ගෙන තිබිණි.
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කශොග්ජිගේ ඝාතනයට පස් දෙනකුට මරණ දඬුවම
ඇත්ත සත්‍යපාල Thursday, 15 November 2018 11:27 PM
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ තීරුලිපි රචකයකු වූ ජමාල් කශොග්ජි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන්ගේ අණ කිරීම මත සහාසික ලෙස මරා දැමු බව ලෝකයම පිළිගත්තද බටහිර රටවල් මොහොමද් බින් සල්මාන් සමග ඉතා හිතවත්ව කටයුතු කරයි. අපේ රටේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම ගැන බටහිර රටවල් හොටු පෙරමින් හඩා වැටෙන අයුරු බටහිර අපට කෙතරම් ආදරේයිදැයි කියලා තේරෙනවා.
maalaka Friday, 16 November 2018 12:45 AM
ඉහලම නියෝගය දෙන ලොක්කෝ බේරෙනවා, සොක්කෝ මැරෙනවා. ලංකාවේ වගේමයි. සොක්කෝ හිතන්නේ ලොක්කෝ ඒගොල්ලන්ව බේරා ගෙන වැඩියෙන් සලකාවි කියලා. එත් අන්තිමට මැරෙන්නේ සොක්කොයි, දුක් විදින්නේ, අනාත වෙන්නේ පවුලයි.
හිරාන් Friday, 16 November 2018 12:47 AM
මේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාටම නිසි දඩුවම් ලබා දිමට සිදු වනු ඇතැයි ලෝව පුරා සියලුම මාධ්‍යවේධීන් බලා සිටිනවා.
පෙරුමාල් Friday, 16 November 2018 04:27 AM
ලංකාවෙ සිද්ධ වෙන්නෙත් ඔය ටික තමයි.