(ටී.කේ.ජී.කපිල)
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර, ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ .
ඔවුන් සේවය සඳහා ගොස් සිටියදී, නිවෙස් හිමියන්ගෙන් වූ හිරිහැර තවදුරටත් ඉවසාගත නොහැකිව එම නිවෙස්වලින් පැන යමින් සිටියදී, එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර, ඉතිරි 33 දෙනා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි අය වූහ.
ඔවුහු අද(14) දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවෝ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඔවුහු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ගුවන් තොටුපළ කාර්යාලයේ මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියහ.
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46 ක් ආපසු එවති
eresh S kumara Friday, 14 February 2020 06:04 AM
අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් යන්නේ කුරුණෑගල සහ අනුරාධපුර රැකියා නියෝජිත කාර්යාල හරහා. ඒ කාර්යාල වලිනුත් ගෘහ සේවයට යන ස්ථාන ගැන සොයා බලනවා නම් මෙච්චර දුරදිග යන්නේ නෑ. අනිත් කාරණය තමයි මනා පුහුණුවකින් පසුව අලුතෙන් යන ගෘහ සේවිකාවන්ට මෙතරම් ගැටළු නෑ . බොහෝදුරට නිවෙස්වලින් පනින්නේ රට ගැන හොදට දන්නා කියන අය තමයි