IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කලා ඔයේ ජල මට්ටම ඉහළට : වනජීවී නිලධාරීන් ඉවතට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලයේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි .

දිගින් දිගටම පවතින අධික වර්ෂාව හා රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ක්‍රොස්වේ සපත්තු පාලම ආසන්නයේ 21 දින වන විට අඩි 8 කට ආසන්න ජල කදක් ගලා යමින් පවතින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මේ හේතුවෙන් ක්‍රොස්වේ නාවික හමුදා අනු කණ්ඩයේ සිටි භට පිරිස් ආසන්නයේ පිහිටි ගඟේ වාඩිය කඳවුරට කැදවා ඇති අතර විල්පත්තුව එළුවන්කුලම පිවිසුමේ පිහිටි වන ජීවි කාර්යාලයේ රාජකාරි කළ නිළධාරින් ද පොම්පරිප්පු හා මුල්ලිකුලම් වනජිවී කාර්යාල වෙත කැදවා ඇති බව කියයි.

කෙසේ නමුත් දිගින් දිගටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම පැරණි මන්නාරම මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු තහනම් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය. 



අදහස් (0)

කලා ඔයේ ජල මට්ටම ඉහළට : වනජීවී නිලධාරීන් ඉවතට

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site