IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කලුදිය පොකුණ‘පුජා භූමියේ මාර්ගය ගිලා බැසීමෙන් සංචාරකයෝ අපහසුතාවයට

(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල කණ්ඩලම  පිහිටි ඓතිහාසික ‘කලුදිය පොකුණ‘  පූජා භූමියට ඇතුළු වීමට ඇති මාර්ගය මාස දහයක් පමණ කාලයක් ගිලා බැස ඇතත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ අපහසුතාවයට පත්ව සිටිති.


රහතන් වහන්සේලා 500 නමක් වැඩ සිටි මෙම ඓතිහාසික කලුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරක සහිත භූමිය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩලම කුඹුක්කඳන්වල ප්‍රදේශයේ පිහිටා තිබේ.


මනරම් පොකුණු දෙකක්,  චෛත්‍ය ගර්භ කිහිපයක් හා සියයකට ආසන්න ගල්ගුහා සහිත මෙම භූමිය අක්කර සියයකට වඩා අති විශාල භූමියක මෙය  පිහිටා ඇත.


 මේවා නැරඹිම සඳහා සීගිරිය, කණ්ඩලම ආදී ප්‍රදේශවල සංචාරයෙහි යෙදෙන දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.


එහෙත් මෙම ස්ථානයට ළඟාවීමට ඇති එකම මාර්ගයේ බෝක්කුවක් කඩාවැටීම හේතුවෙන්  දැනට මාස දහයක පමණ කාලයක සිට එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇත. 


ඇතැම් සංචාරකයන් අතරමග වාහන නවතා පාගමනින් ගොස් මෙම පෞරාණික ස්ථානය  දැක බලා ගන්නා බව එහි සේවය කරන පුරාවිද්‍යා සේවකයෝ පවසති. 


සේවකයන් පවසනුයේ  මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.


තුන්වැනි  සේන රජතුමා විසින් නිර්මාණ කළ කලුදිය පොකුණ ඓතිහාසික ස්ථානයක් බව එහි සෙල්ලිපිවල සඳහන් ව තිබේ. 


මෙය දැඩි විනයක් සහිත ස්ථානයක් බවත්, මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා සේවකයන් රැසක් සිටි බවත්, ඔවුන් සිය සේවා කාර්යයන් නිසි ලෙස නොකළහොත් ඊට දඬුවම් වශයෙන් මෛත්‍රී බුදුන් දැකීමට නොහැකි වන බවත් එම සෙල්ලිපිවල සටහන් කර ඇත.


විනාශ වූ පාලම නැවත සකසා මාර්ගය අලුත්වැඩියා කර දී කලුදිය පොකුණ නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ ගමන් පහසුව සපයන්නැයි පුරාවිද්‍යා නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලා සිටිති.


 



අදහස් (0)

‘කලුදිය පොකුණ‘පුජා භූමියේ මාර්ගය ගිලා බැසීමෙන් සංචාරකයෝ අපහසුතාවයට

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 88 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 347 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1086 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2528 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1699 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 997 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site