IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කැලණි ගඟ පාලනය කරමින් මගී ප්‍රවාහනයට යෙදා ගන්නවා

(නිමල කොඩිතුවක්කු)

ආනගතය ගැන සිතා කටයුතු කළේ නම් මහවැලි ගඟට පෙර කැලණි ගඟ කළමනාකරණය කරමින් බහුකාර්ය යෝජනාවක් ගෙන ඒමට තිබූ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (26) පැවැසීය.

ගංවතුර පාලනය කිරීම , මගී ප්‍රවාහනය සඳහා කැලණි ගඟ යොදා ගැනීම සහ  කැලණි ගඟ අවට නව නගර ඉදිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ කැලණිය වත්තල ප‍්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා විසඳුමක් ලෙස දේශීය තාක්ෂණයෙන් සහ සැලසුම් අනුව ඉදිකෙරෙන ඔලියමුල්ල ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (26) සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීවේය.

     ‘‘පෑලියගොඩ, වත්තල, කොලොන්නාව ප‍්‍රදේශවලට පසුගිය දශක දෙකක පමණ කාලය තුළ විවිධ පළාත් වලින් පැමිණි කොළඹ නගරයේද පදිංචි මේ පළාතේ පවුල් 90,000 ක් පමණ පිරිසක් එතරම් යහපත් නොවන නිවාස පද්ධතිවල ජීවත් වෙනවා. ඒ වගේම ඒ අය නිරන්තරයෙන්ම මේ ගංවතුර උවදුරට ලක්වෙනවා.

මේකට අපි මුහුණ දෙන්න නම් මේ කැලණි ගඟ අපි පාලනය කරන්න ඕනේ. අපි අනාගතය ගැන හිතුවා නම් මහවැලි ගඟට කලින් කළමනාකරණය කරන්න, පාලනය කරන්න, බහුකාර්ය යෝජනාවක් ගේන්න තිබුණේ කැලණි ගඟට. අප විසින් අද ඒක ගෙනවිත් තිබෙනවා.

මේ කැලණි ගඟ දෙපස ගංවතුර පාලනය සඳහා පොම්පාගාර ඉදිකරන්න පැති බැමි ඉදිකරන්න, ඒ වගේම කැලණි ගඟ මගී ප‍්‍රවාහන කි‍්‍රයාවලියට දායක කර ගන්න, ඒ අවට නව නගර ඉදිකරන්න පියවර ගත යුතුයි.

ලබන වසරේ ජනවාරි මාසයේදී කඩසාප්පු 1200 ක් සමඟ මැනිං වෙළෙඳ සංකීර්ණය, කොළඹ තිබෙන සියලුම තොග වෙළෙද සැල් ඊළඟ අදියරේදී එම ස්ථානයට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එවිට මේ කලාපය බලගතු ආර්ථික කලාපයක් වෙනවා.

ඒ සමඟම සමාජ ප‍්‍රශ්න ඇතිවීමට නියමිතයි. අපට මේ අවස්ථාවේදී මේ කලාපය තුළ නිවාස ලබාදීමට නොහැකියි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කළා හේනමුල්ල නිවාස සංකීර්ණයට යන්න කියලා. නමුත් අපි ඉදිරියේදී මේ පෑළියගොඩ තෝරාගෙන තිබෙනවා,අඩුආදායම්  ජනතාවට නිවාස යෝජනා ක‍්‍රමයක් ගෙන එන්න. නාගරික සංවර්ධන අධිකාරිය මගින් මේ වසරේදී එහි වැඩකටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ ගංවතුර ගැටළුව විසඳා ගැනීමෙන් හා දුගී ජනතාවගේ නිවාස ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව ගංවතුරෙන් බැටකාපු නිරන්තරයෙන් ගැටළුවලට මුහුණ දුන් ඒ ජනතාවට සහනයක් වෙන්න  අපි  බලාපොරොත්තු වෙනවා’’ යැයි ද අමාත්‍යවරයා  පැවසීය.

 

 



අදහස් (17)

කැලණි ගඟ පාලනය කරමින් මගී ප්‍රවාහනයට යෙදා ගන්නවා

wimal Monday, 26 August 2019 01:11 PM

අවුරුදු 4ක් ඉවරයි.. ඔයාලා තවම හීන දකිනවා. ඕවා ගෝඨාභයට ලොකු දේවල් නෙවෙයි...

:       1659       1319

gamunuTuesday, 27 August 2019 05:23 AM

බලේ ඉන්න කොට මොලේ නැහැ . මොලේ තියෙනකොට බලේ නැහැ . මොලේ බලේ දෙකම තියෙනකොට ඡන්දෙ නැහැ . එහෙම නේද ? ඔය කියන කෙනා කාලයක් බලේ හිටිය නේද ? එතකොට එදා නොකළ දේ අද කරාවිද ? බලු වලිගෙ කෙලින් කරන්න බැහැ කියනවා නේද ?

:       33       17

ගොන්ගාලේ ගොඩබණ්ඩාTuesday, 27 August 2019 06:42 AM

මෙයාල කියන්නෙත් අන්දරේගේ කතා. මාලිගාව ඉදිරියේ තිබුනලු මහා ගලක්. එක ඉවත් කරන්න විදිහක් නැතුව රජුරුවෝ කල්පනා කරනකොට අන්දරේ කියුවලු මට පුළුවන් කියල. හැබැයි මාස හයක් රජ මාලිගාවේ නැවතිලා රජ බොජුන් වලදන්න දෙන්න ඕනේ කියුවලු. රජ්ජුරුවෝ කැමති වෙලා අන්දරේ මාස හයක් රජ සැප වින්දලු. මාස හයකට පස්සේ රජ්ජුරුවෝ කියුවලු දැන් මාස හය ඉවරයි මේක අයින් කරන්න කියල. හරි මම දැන් සුදානම් ඔය ඔක්කොමල එකතුවෙලා දැන් ඔය ගල උස්සලා මගේ කර උඩින් තියන්න කියුවලු. එක උස්සන්න පුළුවන් ගලක් නොවෙයිලු. මෙයාලත් රජ බොජුන් වළදමින් චන්දෙ ලගට එනකන් ඉන්නවා. කිසිම පොඩි වැඩක් කරේ නෑ. ඔක්කොම ලෝකේ ලොකුම වැඩ. මෙගා මෙගා කියමින් රටටම ඩෙගා නැටෙවුවා.

:       1       9

jude Monday, 26 August 2019 02:19 PM

රටේ පාලම් හදද්දී නම් ජල මාර්ගවල ප්‍රවාහන කටයුතු ගැන හිතපු බවක් නම් මේ වනතෙක් හිටපු කිසිම ආණ්ඩුවකින් පෙනුනේ නැහැ. කරන්න පුළුවන් නම් ඉතාම අනගි කාර්යයක්. වත්තල හරහා මට්ටක්කුලියට ප්‍රවේශවෙන පාලම යටින් ලොකු බෝට්ටුවකට ගඟ තුළට ඇතුල් වෙන්න බැහැ. ඒ නිසා සියලුම බෝට්ටු නවත්වන්නේ හැමිල්ටන් ඇලේ. හැමිල්ටන් ඇලෙත් පාලම් ගොඩක් පහත් හින්දා කිසිම ට්‍රෝලර් එකකට ඒවා යටින් යන්න බැහැ. මට්ටක්කුලියේ පාලම හදද්දී මේ ගැන කල්පනා කරලා නැහැ. මීගමුවේ ලෙල්ලම අසල තියෙන පාලම් 2 සුද්දගේ කාලේ හදපු ඒවා. ඒවා යටින් වර්තමානයේ තියෙන ලොකු බෝට්ටුවලට කලපුවට ඇතුල් වෙන්න බැහැ. මීගමුව කියන්නේ ලංකාවේ විශාලම ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටු තියෙන පළාතක්. නමුත් බෝට්ටු හිමිකරුවන්ට කිසිම පහසුකමක් රජයෙන් ලබාදීලා නැහැ. ඒ පාලම් දෙකෙන් එකක් ට්‍රෝලර් එකක් යන්න පුළුවන් විදියට උසින් හැදුවා නම් ගොඩක් ධීවර බෝට්ටුවලට කලපු නවත්වන්න පුළුවන්... නමුත් පේනතෙක් මානයක එහෙම අදහසක් කිසිම ආණ්ඩුවකට නැහැ. රට වටේම විශාල මුහුදක් තියෙනවා. නමුත් මුහුදෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයෙන් 10%ක් වත් ගන්න මේ රටේ මිනිස්සුන්ට හැකියාවක් ආණ්ඩු ලබාදෙන්නේ නැහැ.

:       0       328

king benatMonday, 26 August 2019 03:24 PM

ඔබ හරි... නමුත් මහින්දගේ කාලේ දික්ඕවිට හාබර් එකක් හැදුවා බෝට්ටු නවත්වන්න. එවලා ට්‍රෝලර් බෝට්ටු නවත්වනවා. නමුත් ගොඩක් තියෙන්නේ පිට පළාත්වලින් ගෙනාපු බෝට්ටු. දික්ඕවිට වරාය තිබුණාට මේ පැත්තේ මිනිස්සුන්ට වාසියක් වෙලා නැහැ. ඒ වගේම චීනය යටතේ හදපු එම වරායෙන් හරියටම බාගයක් වෙන්කරලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් කියලා. එම කොටසේ තියෙන්නේ ගොඩක්ම චීන ට්‍රෝලර්. අපේ රටේ කෙනෙක්ට එතන තමන්ගේ බෝට්ටුවක් නවත්වන්න දෙන්නේ නැහැ. එහෙම නවත්වනවා නම් දවසකට ඩොලර්වලින් අති විශාල මුදලක් ගෙවන්න ඕනෑ. ඒ හින්දා කිසිම කෙනෙක් එතන බෝට්ටු නවත්වන්නේ නැහැ. නමුත් මෙතන හොයලා බලන්න ඕනෑදෙයක් තියෙනවා. මම නම් හිතන්නේ ඔතන නවත්වන චීන මාළු අල්ලන ට්‍රෝලර් වලින් එහෙම ලොකු මුදලක් අය කරන්නේ නැහැ. ඔවුන්ගේ බෝට්ටු මෙතන නවත්වන්නේ නිකන් වගේ කියලයි මම නම් හිතන්නේ. අනික තමයි මේ චීන ට්‍රෝලර් ඔතන නවත්වන්නේ ලංකාවේ මුදේ මාළු අල්ලන්නයි. ඔවුන් මෙතන නවත්වන් ඉඳලා මුහුදට ගිහින් මාළු අල්ලලා මුහුදේදීම චීනෙන් එන මහා නැව්වලට මාළු ටික පටවලා ඉතුරු ටික හාබර් එකට ගේනවා. මේක මහා පරිමාණ ගේමක්.

:       23       168

ශෂීTuesday, 27 August 2019 02:16 AM

මහින්ද කරපු දෙයක් නිසා චීන බෝට්ටු දේශප්‍රේමී ඒවා. ඒවා ඇවිත් තියෙන්නේ අපිව ඇමරිකන් කුමන්ත්රණ වලින් බේරා ගන්න. ඒ අයගෙන් මුදල් ගන්න එක නීති විරෝදී . චීන්නු අපිට පට්ට ආදරෙයි.

:       2       8

chandima Monday, 26 August 2019 02:54 PM

කාලා කාලා, අන්තිමට යන්න කිට්ටුවෙලා තමයි ආපු වැඩේ මතක්වෙලා තියෙන්නේ...

:       103       448

Kumar Monday, 26 August 2019 05:23 PM

ඇමතිතුගේ අදහස බොහොම හොදයි. ලංකාවේ අය සෑම දෙයකටම දේශපාලනය ඇද ගන්නවානෙ. දැනට තිබෙන ක්‍රමය අනුව වැස්ස නැති කාලයට අඹතලේ පොම්පාගාරයට මුහුදු ජලය එන එක නේද වලකන්න ඕනෙ. වතුර රඳවා තැබීමට දැරනියාගල පැත්තේ සීතාවක ඔයේ ජලාශයක් සාදන්න අදහසක් නැද්ද. කලකට පෙර කල අධ්‍යනක මේ බව සඳහන් වී තිබුණා.

:       0       16

අප්පුහාමිTuesday, 27 August 2019 01:04 AM

ඉහත අදහස් දැක්වූ සියළු දෙනා වගේම පහත අදහස් දැක්වූ ආරි නැමැති අයත් පාට කණ්නාඩියෙන් බලා අදහස් දක්වා තියෙනවා. ඒ අතින කුමාරගේ අදහස නිවැරදියි. මෙතුමා වැනි නිර්මාණශීලි අයෙක් රටේ නායකත්වයට පත්වෙනවානම් රටේ අනාගතයට ඉතාම ශුභයි. මම හිතනවා පොම්පාගාර ඉදිකරන්නේ ගංවතුර කාලෙට ගම්බිම් යටවීම වැලැක්වීමට වැඩිවතුර පොම්ප කිරීමට කියල.

:       1       3

Ari Monday, 26 August 2019 05:35 PM

දැන් ආපහු කියවන්න පටන් අරන්. දෙගොල්ලම ඉවරයි මේ පාර.

:       26       152

Chanak los angeles Monday, 26 August 2019 07:50 PM

ඔන්න මිනිසුනේ පොරොන්දු මල්වෙඩි සැණකෙළිය ආරම්බ වෙන්නයි යන්නේ .

:       0       4

vidya Monday, 26 August 2019 09:30 PM

කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්. සාදු කාර දී ඩිපෙන්ඩරයක නැගී වරෙන් . අපි ඔරුවේ නැගල එහා මෙහා යනකොටවත් පොලිස්සියෙන් සෙකියුරිටි දාගෙන අජානේය අශ්වයෙක් යන වේගෙන් යන වාහන නැති වෙලා යයි නේද?

:       0       47

sharm warn Tuesday, 27 August 2019 04:04 AM

අහ්හ් මෙයාටත් හැලිය රත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අවුරුදු 4ක් නිදාගෙන ඉදලා දැන් එනවා අපිට ලොකු කතා කියන්න .. මෙයාට ආයෙමත් ඡන්දෙ දෙනවද ඔයාලා ?

:       10       2

vipula Tuesday, 27 August 2019 09:21 AM

ආණ්ඩුවේ කාලේ ඉවර වෙන්න කිට්ටු වෙනකොට වැඩ කරන්න පටන් ගන්නේ. අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණ තිබුනානම් මීට වැඩ වැඩක් කරයි වගේ

:       1       0

deeghajan4hu. Tuesday, 27 August 2019 10:41 AM

මෙයාට දේශපාලන මන්දපෝෂණය හැදිලා වගේ .ගණන් ගන්න එපා.

:       0       0

rohana kumara mendis Tuesday, 27 August 2019 11:05 AM

අවුරුදු 10 බලයේ උන්නු අයියට මල්ලිට කරගන්න බැරි උණු දේ දැන්ද මහා ලොකු දේවල් නෙමේ කියන්නේ. අර පෙන්නේ නැද්ද කොටුවේ පාවෙන සංකීර්ණ සාප්පු හැදුවා බල්ලෙක් වත් යන්නේ නැහැ ඒවාට. කවදාවත් යට නොවුණු බම්බලපිටිය යත් යට වෙනවා අයියෝ සල්ලි තමයි.

:       0       0

sisira Tuesday, 27 August 2019 11:09 AM

කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන් ...........

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 362 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 142 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 209 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 253 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 380 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 873 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site