IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි

(අංජුල මහික වීරරත්න)

කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී.

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් ඉහත දැනුම්දීම කලින්ම කළේ යැයි ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.

කුමන පසුබිම්ක් යටතේ වුවද අද (01)  දිනයේ පැවති දායක සභා රැස්වීම්ට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඉහත කරුණු සඳහන් කළේ කැලණි රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධූරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බවට පළවූ වාර්තා සහ සමාජ ජාලා පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

දේපල සම්බන්ධයෙන් කැලණි රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා සියල්ලකින්ම නිදොස් වීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේ දී ම පැහැදිලිව ම දැනුම් දුන් බව ද එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් කියාසිටියේය.



අදහස් (33)

කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි

sirimal Sunday, 01 September 2019 04:54 PM

අර නාලිකාව "බ්‍රේකින් නිව්ස්" එකක් දැම්මේ නැද්ද ? සමහරවිට ඡන්දෙ ඉවර වෙනකල්ම මේ ප්‍රවෘතිය පට්ට ගහයි මගේ හිතේ.

:       18       206

Raveendra Sunday, 01 September 2019 05:46 PM

මිනිසුන් මේ ඇම්ඩන්ට සූත්තර පුංචා කියන්නේ නිකන්ද?

:       1021       1214

SankaMonday, 02 September 2019 06:52 AM

රවින්ද්‍ර ඔයා හරියට හරි...මෙයාව කැලණියේ දායක සභාවෙන් විතරක් නෙමෙය්,පක්ෂයේ නායක කමෙනුත් නෙරපල දාන්න ඕනේ.මොකද UNP එක අද වෙනකොට වලපල්ලට ගිහිල්ල තියෙන්නේ.පක්ෂයේ කරුමෙට පහල වෙච්ච නායකයෙක්.

:       282       574

parakumMonday, 02 September 2019 08:39 AM

මේ අදහස තවත් පොහොට්ටුකාරයෙකුගේ තද කරගෙන සිටි වෛරය, ක්‍රෝධය එළියට පැන්න විට කියැවුණු එකක් නේද?

:       358       198

Nishan Sunday, 01 September 2019 10:26 PM

හාමුදුරුවන්ට මොකටද දේපල? රාජපක්ස හොරුන්ව පන්සලට වැද්ද ගත්තේ හොරකමට උපදෙස් ගන්න වෙන්න ඇති.

:       286       518

Chathuri Monday, 02 September 2019 12:14 AM

ගිහියන්ට වැඩිය පැවිදි පක්ෂයට දේපල තණහාව තියෙනවද . කාටද මේවා , පවුලේ කට්ටියටද . ගෙවල් නැති දුප්පත් ජනතාව කොයිතරම් ඉන්නවද . නායක හාමුදුරුවන්ට පුවත් පත් බැලුවනම් බලාගන්න පුළුවන් , අලි ගම්මාන වල වැසියන් ජිවත් වෙන හැටි මොකටද ඔහොම ධනය රැස් කරගෙන

:       45       128

මුණසිංහ Monday, 02 September 2019 12:42 AM

හරි! තමන් එහෙම නම් දූෂණ ෙචා්දනා තිබෙන රජයෙන් ද අස් විය යුතු යි.

:       120       161

දායකයා Monday, 02 September 2019 01:08 AM

අපගේ ප්‍රදේශයේ පුරාණ විහාරයක දායක සභාවක් පවත්වන්නේ නැහැ. කෝරළයක අධිකරණ සංඝනායක තනතුරක් දරණ නායක හාමුදුරුවන් කියන්නේ බුද්ධ සාසන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අනුව දායක සභාවේ සභාපති හාමුරුදුවොලු. පන්සලේ හාමුදුරුවන් දායකයෙක් නොවේ කිව්වට පිලිගන්නේ නැහැ ඉතින් දායක සභාව නමින් රජයෙන් ලැබෙන සියළු මුදල් වලින් කිසිවක් සිදුකරන්නේ නැහැ. ඒවාට වෙන්නේ මොනවාද කවුරුත් දන්නේත් නැහැ. පංසලත් එන්න එන්නම පරිහානියට පත්වෙනවා.

:       65       4

gamarala Monday, 02 September 2019 01:51 AM

ඊ ලගට ඔය තනතුර. ඇයි කල් ඇතිව. කිවුවේ නැත්තේ. ආගමට නිගරු කරන්න එපා.

:       0       33

gamarala Monday, 02 September 2019 01:51 AM

ඊ ලගට ඔය තනතුර. ඇයි කල් ඇතිව. කිවුවේ නැත්තේ. ආගමට නිගරු කරන්න එපා.

:       0       12

ලුම්බිණි Monday, 02 September 2019 02:34 AM

රනිල් වික්‍රමසිංහ මහතා කර තිබෙන්නේ හරි දෙයක්.

:       667       778

ගල්කටස් Monday, 02 September 2019 02:41 AM

මහා සංඝරත්නයට අපහස කිරීම මෙම අයගෙ සිරිතයි.එයට නායකත්වය සපයන්නෙ අගමැතිතුමා බව දැන් පැහැදිලියි.කෙසේ වෙතත් අප කුමන පක්ෂයක කුමන ආගමක වුනත් දෙශපාලුවන් ආගමික නායකයන්ට පරිබව කිරීම හෙලා දැකිය යුතුයි . ජාතින් වශයෙන් මදිවට එකම ආගම මිනිසුන්වත් මෙලෙස වෙන් කරන්න දගලන්නෙ අැයි.අරමුණ සිංහල බෙෘද්ධ ජනතාව විනාශ කර දැමීම විය හැක.නමුත් ඔවුන්ට එය කල හැකිද..බෙෘද්ධයන්ගෙන් 80

:       372       704

sharm warn Monday, 02 September 2019 03:00 AM

ඇත්තටම මට හරිම සැකයි මෙයාද ඉස්සර කිතුල් ගහට ගියේ කියලා ..මොන මගුලක් වුනත් ගානට උත්තර නම් තියෙනවා .. වැඩ බැරි උනත් ගම .....

:       43       224

jayath Monday, 02 September 2019 03:02 AM

ඕක හමයි මේ රටේ තියෙන මජර දේශපාලනය . ඔය විනිවිදභාවය , ඔය අවංකකම , බන්දුම්කරේ ට සම්බන්ද උදවියට , කෘෂිකර්ම අමාත්යන්ශේ ගොඩනැගිල්ලෙන් බිලියනගණන් වංචා කරපු උන්ට පෙන්නුවේ නැත්තේ ඇයි

:       17       214

lalithm Monday, 02 September 2019 03:08 AM

ඇම්ඩන් විහාරධිපතිද? අගමැතිද? විහාරධිපතිවරුන්ට චෝදනා එල්ල වෙනකොට දැවිල්ල අල්ලන අයත් ඉන්නවා. නිදොස් වීම වැදගත්.

:       147       108

indikaMonday, 02 September 2019 03:55 AM

ඔය නිදොස් වීම මහා බැංකුවටත් අදාලද ??

:       10       160

Keppetipola Monday, 02 September 2019 03:08 AM

මේ රනිල් වික්‍රමසිංහ නමැති චරිතය මෙච්චර පිරිසිදු චරිතයක් නම් තමා වගකීමෙන් පත් කල මහා බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා සියලු චෝදනා වලින් නිදොස් වන තුරු අග්‍රාමාත්‍ය දුරයෙන් ඉවත් විය යුතයි. එය එසේ නොකරන්නේ ඇයි? මෙවැනි සිනි බෝල කතා කියා තවදුරටත් ජනතාව රවටන එක මහා පාපයක් කියා රනිල් තේරුම් ගත යුතයි.

:       263       782

Rata PerataMonday, 02 September 2019 06:20 AM

රාජපක්ෂලා තරම් නම් පිරිසිදු නැතුව ඇති.

:       270       156

thushara Monday, 02 September 2019 04:01 AM

මහා බැංකුව මංකොල්ල කාපු අර්ජුන් මහේන්ද්‍රන් සියලු චෝදනා වලින් නිදොස් වන තුරු අග්‍රාමාත්‍ය දූරයෙන් වහාම අස්විය යුතුය. එත් එහෙම සිදු උනේ නැ. මේ ආණ්ඩුවේ මොනතරම් වංචා දුෂණ සිදු වෙනවද .එත් ඒවා ගානක්වත් නැහැ. පන්සල අල්ලාගෙන දගලනවා.

:       9       189

ටි ඉන්දික Monday, 02 September 2019 04:04 AM

රනිල්ගේ පරම්පරාව නැත්නම් කැලණිය අදත් වල් වැදුන පන්සලක් පමණි. කොමන්ට්දාන මහත්වරු කැලණි පන්සලලේ ඉතිහාසය කියවන්න... පල්ලි 300 හාරසිය හදපු අය වගේ නොවේ බුදු දහමට අගනාම සේවයක් කළ පරපුරක්.

:       306       341

චමින්දMonday, 02 September 2019 12:48 PM

ඉන්දික මහතාගේ අදහස ඉතාම නිවැරදියි. නමුත් පක්ෂ කණ්ණාඩියක් පැළඳ සිටින ඩිස්ලයික් කල්ලියට කියන්න කැමතියි කැළණි විහාරය ගැන විස්තර සොයා බලන්න. විහාරය පවතින තත්වයට සකස්කලේ හෙලේනා විජයවර්ධන මැතිණියයි. මම අසා ඇතිපරිදි එතුමිය රනිල් මැතිතුමාගේ මව් පාර්ශවයේ ධනපතිනියක්. හැම දෙයක්ම දේශපාලනයෙන් බලන්න එපා..

:       0       9

නොකවුට් Monday, 02 September 2019 05:41 AM

බැදුම්කරේ ලිහලා බලමුද

:       12       104

THILAKASIRI Monday, 02 September 2019 06:23 AM

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ට එල්ල වී තිබෙන චෝදනා වල වගකීම සම්බන්ධයෙන් දායක සභාවේ සභාපති ලෙස අගමැතිවරයාට බැඳීමක් ඇතිකර ගත නොහැකි බැවින් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බවත් කුමන පසුබිම්ක් යටතේ වුවද 01.09.2019 දිනයේ පැවති දායක සභා රැස්වීම්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූයේ නැතැයි ද සුළු පිරිසක් ගත් තීරණය සම්බන්ධයෙන් අගමැතිවරයා කිසි ලෙසකින්වත් දැනුවත්ව නැතැයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි. ජන විඥාණය අගමැති කෙරෙහි කලකිරවන සැම සිදුවීමක්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගන අදෘශ්‍යමාන හස්ත කිහිපයකින් මෙහෙයවන බවනම් ඉතා පැහැදිලිය.හදිසි නිතිය පැනවු විට පමණක් ඒකාධිපති වන ජේආර් හැදු ව්‍යවස්ථාව පවා සදා ඒකාධිපති කර රජවෙන්න හැදු නායකයෝ සිටිත්දී කව්රු කෙසේ කිවත් උසාවි පොලිසි හමුදා රජයේ ආයතන යනාදී රාජ්‍යයාන්ත්‍රණය ස්වාධින කොමිෂන් කර ජනපති සතුව තිබු ඒකාධිපති බලතල ජනපති අගමැති කතානායක අතර බෙදීයන අයුරු 19 සම්මතකරගැනීම අගමැති තුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් රාජ්‍යතන්ත්‍රඥාණය මෙහෙයවා කල බැරෑරුම් කර්තව්‍යයකි.

:       80       115

wimal Monday, 02 September 2019 07:03 AM

පන්සල් කොහොමත් 95% රාජපක්සලගේ පැත්තේ. දැන් ඉදලම ඈත් වෙන එක හරි තීරණයක්.

:       4       18

sirimalMonday, 02 September 2019 08:38 AM

ලංකාවේ පන්සල් වලින් 95% කම රාජපක්ෂලාගේ පැත්තේ නම් 5 %ක්ද බුදුහාමුදුරුවන්ගේ පැත්තේ අපේ විමල් උපාසක මහත්තයෝ?

:       0       80

parakumMonday, 02 September 2019 08:56 AM

ඒ මාධ්‍ය සංදර්ශනය නම් සාර්ථකයි වගේ.

:       0       21

Don Monday, 02 September 2019 07:21 AM

පන්සල වටේටම දේශපාලන පක්ෂයක කටටුට් ගහල. ශාසනේට කිසිම වැඩක් වෙන්නේ නැහැ .

:       0       11

thilakasiri Monday, 02 September 2019 07:47 AM

බුදුන්වහන්සේ හෝ වෙන කවුරු කිව්වත් පොතක ලියා තිබුනත් විමසා බලා හරියයි වැටහේනම් පමණක් පිළිගත යුතුය යන බුද්ධ වචනයද යම්තාක් ශ්‍රාවකයෝ ඇත්ද ඔවුන් අතර මම පළමුවැනියායයි කිමද බුදුන්වහන්සේගේ පුර්ණ වශයෙන් පිළිබිඹු කරයි. ඒකාධිපති රජකම අතහැර පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදීව උපාය කෞශල්‍ය හා සියුම් ප්‍රඥාව මෙහෙයවා බොහෝ ජනයාගේ හිත සුව පිණිස කටයුතු කළ බුදුන්වහන්සේට විරුද්ධව තම පිරිස අතරින් ඇතිවූ දේවදත්ත ගිහි පැවිදි 5000ක පිරිසක් සමග උන්වහන්සේට කළ අපහාස උපහාස පහර ගැසීමද, ගල්පෙරලා උන්වහන්සේව ඝාතනයකර හෝ තමා බුදුවෙන්න ගිහින් අපාගත වූ හැටිද සළකා බලත්දී රනිල් වැනි නුතන ලෝකයෙහි වසන ප්‍රජාතන්ත්‍රවාදී ලෞකිකයෙකුට ඒකාධිපති මානසිකත්වයෙන් පහරගසන ලෞකික ගිහි පැවිද්දන් සිටීම අරුමයක්ද? බුදුන් දේශනාකර ඇති ඒ කලන න්‍යායට අනුව යනවා හැර වෙන මග යාමෙන් හතර අපාගත විමෙන් වළකින්නට බැරිය යන අරුතයි උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ කිව්වේ. කලණ න්‍යාය අනුව යාම කැලණිය වඳීම යනුයි. වටිනාකම් මෙන්ම දුර්වල කම් ඇති ලෞකික ගිහි පැවිද්දන් තනි ඒකාධිපතියෙකු බිහිකිරීමට දරණ ප්‍රයත්න සියල්ල දේවදත්තලාගේ ක්‍රියා වැනිය.

:       1       114

Lanka Monday, 02 September 2019 08:29 AM

මේ ගැන දේශපාලන පක්ෂයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ මොකද? මෙය එක්සත් ජාතික පක්ෂයට අදාලද ?

:       1       8

Bandara Monday, 02 September 2019 10:20 AM

ටයර් එකක් උඩ යන්න ආසද?

:       0       58

thilakasiri Monday, 02 September 2019 10:25 AM

20වැනි ශත වර්ෂයෙහි මුල් භාගයෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ගේ මිත්තනිය හෙලේනා විජයවර්ධන මැතිණිය පෘතුගීසි ආක්‍රමණයට පසු ප්‍රථම වතාවට කැලණිය පන්සල පිළිසකර කර එදා පටන් කැළණි පන්සල රැකබලාගත් එම පරපුරේ වත්මන් අගමැතිතුමාට නොදන්වාම ඉවත් කර තිබේ නම් එය බුදුදහමටත් කරන නිගාවකි. පන්සල් වලින්ම බුදුදහම විනාශ කරමින් සිටින මේ කාලයේ භික්ෂු සංඝයා කෙරෙහි බෞද්ධයින්ගේ විශ්වාසය නැතත් විෂඝෝර සර්පයින් ගෙට වැදුණු විට ගේ හැර නොයන්නා සේ පන්සල අරිඅටගි මග හා පටිච්චසමුප්පාදය ඔස්සේ රාග, ද්වේශ, මෝහ නමැති අවිද්‍යාවෙන් මිදී ප්‍රභාශ්වර චිත්තය බිහිකර ප්‍රථම ද්විතිය තෘතිය චතුත්ත ධ්‍යාන ලබාගැනීමට හැකි ආරාම බවට පත්කරගැනිමයි නියම බෞද්ධයින්ගේ අදහස. අද සමහරු භික්ෂු සංඝයා ලෙස පෙනිසිටිමින් නොයෙක් ව්‍යාපාර කරමින් දේශපාලන නායකයින් වෙනුවෙන් ද්වේශය වගුරමින් කතා කරන හැටි ඇහුණාම බෞද්ධයෝම එය ප්‍රතික්ෂේප කරනු දැක තිබේ. පැවිද්දාගේ කතාව හා ක්‍රියාව ශාන්ත යන ජන විඥානය නිසා ගිහියන්ට වඩා පැවිද්දන් කරන වරදට සමාජ ප්‍රතිචාරය දරුණුය.

:       0       215

Lanka Monday, 02 September 2019 11:03 AM

පැරකුම්, මෙයා පොහොට්ටුවක් නෙවෙයි, ගම් උදාවක් විය හැකියි...

:       1       0

siri Monday, 02 September 2019 11:13 AM

ජනාධිපති අපේක්ෂකත්වය බාර අරගෙන මුලින්ම කැලණිය වන්දනාවේ ගිය උන්නැහේට දායක සභාවේ සභාපතිකම දෙන්නයි තියෙන්නේ. එතකොට තකට තක තියෙයි.

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 312 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1355 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site