IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිරිවෙහෙර විහාරයේදී ගිනි තබාගැනීමෙන් විහාරස්ථානයට හානි

(කේ. ඩී . දේවප්‍රිය, එම්. කේ. නන්දසේන සහ දිලීප් ජයසේකර) 

 
කතරගම  දේවාල භූමියේ පිහිටි පුරාණ කිරි විහාරය තුළදී අද (03) පුද්ගලයකු ගිනි තබා ගැනීම හේතුවෙන් විහාරස්ථානයට සුළු හානි වී ඇත.
 
කිරිවිහාරස්ථානය වෙත පැමිණි එම පුද්ගලයා පෙට්‍රල් යොදාගෙන දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත් ගිනි තබා ගත් අවස්ථාවේ එහි සිටි කපු මහතුන් හා බැතිමතුන් ජලය ඉස ඔහුව බේරාගෙන ඇති බවත් පැවසේ. 
 
තුවාල ලැබූ තැනැත්තා කතරගම දිසා රෝහලටත් ඉන් පසු දෙබරවැව මූලික රෝහලටත් මාරු කර යවා ඇත.
 
රෝහල් ගත් කර ඇත්තේ තිස්සමහරාම රන්මිණි තැන්න  පදිංචි අබේසිංහ ලියන ආරචිචගේ සුමණසිරි (59) හැවිරිදි පුද්ගලයෙකි.
 
කතරගම දේවාලයේ ජල බවුසර් යොදා ගින්න මැඩ පැවැත් වූ බව  රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසීය.
 
ගින්නෙන් කිරිවිහාරස්ථානයේ බිත්තිවලට හා වහලේ  සිතුවම්වලට සුළු හානි සිදුවී ඇත.
 
මෙම හේතුව මත කතරගම දේවාලය වැඳ පුදා ගැනීම පැමිණෙන බැතිමතුන්ට කිසිදු බාධාවක් නොවන බවත් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙරෙ රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්දහිමියෝ පැවසූහ. 

(ඡායාරූප -  කේ. ඩී . දේවප්‍රිය)

( ඡායාරූප - දිලීප් ජයසේකර) 



අදහස් (10)

කිරිවෙහෙර විහාරයේදී ගිනි තබාගැනීමෙන් විහාරස්ථානයට හානි

ravi Sunday, 03 March 2019 10:30 AM

දෙවියන්ටත්, බුදුන්ටත්.... මරාගෙන මැරෙන ප්‍රහාර?

:       0       70

පිටිගල මිලානෝ Sunday, 03 March 2019 10:45 AM

ප්‍රමාණයට වඩා ආවේශ වෙලා වගේ... දෙවියනි, ඔබ කොහෙද? ඇයි මේ අහිංසකයව බේරාගත්තේ නැත්තේ? අහක හිටපු මිනිස්සු නේද මේ මිනිහව බේරා ගත්තේ?

:       142       119

Nuwan Sunday, 03 March 2019 11:11 AM

ඒ මිනිස්සු මැව්වේ දෙයියොම තමයි...

:       48       27

ජයන්ත මිලානෝ Sunday, 03 March 2019 11:09 AM

පිටිගල මහත්තයා, මිනිසුන් විසින් හදපු මැටිපිළිම කොහොමද ඇවිදින්නේ...? ඇස් ඇරලා බලන්න..

:       37       60

anura jayavardanapuraSunday, 03 March 2019 11:44 AM

පිළිම ඇතුව හෝ නැතිව මිලානෝ වල නම් දෙවියන් වහන්සේ මෙවැනි දිවිනසා ගැනීම් වළක්වනවා.

:       61       25

Lankaputha Sunday, 03 March 2019 11:50 AM

දෙවියන්ට හිත වෙනස් කරගන්නටවත් නොහැකි බව පෙනුණි.

:       0       0

janis Sunday, 03 March 2019 01:52 PM

දෙවියනි ඔබ කොහිද?

:       0       1

Nil Sunday, 03 March 2019 02:13 PM

බෞද්ධයෝ බහුතරයක් බුදුදහම හරියට දන්නේ නැහැ... දෙවියො කියන්නෙ මනසින් උසස් අය.. ඔවුන් මේ කාමලෝකෙ එක්ක සම්බන්ධයක් දක්වන්නේ නෑ.. මිනිස්සුන්ට කිට්ටුවෙන්නෙ වත් නැහැ කියලා ආමගන්ධ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා.. දෙවියෝ ඉන්නවා නම් හැමදේම බේරගන්න කර්මඵලවාදය ප්‍රතික්ෂේප වෙනවා.. නියාම ධර්ම ප්‍රතික්ෂේප වෙනව‍ා.. සත්වයා කර්මය දායාද කොට පවතියි කියලයි බුදු දහමේ කියන්නේ. මේ ලෝකෙ බුදු දහම හැර අන් සියලු ආගම් දෙවියන් මත යැපෙන්නේ.. දෙවියන්ගෙන් සියල්ල පතන්නේ... එහෙනම් මේක සුරපුරයක් වෙන්න ඕනෑ..

:       1       147

බද්රානි Sunday, 03 March 2019 02:34 PM

පන්සලද ඇතුළෙද? පල්ලියේ ඇතුළෙද? කියලා බලලා නැහැ. දෙවියන් මෝඩයාට අවශ්‍ය දඬුවම දීලා තියනවා. සියදිවි අහිමිකරගත් ඒ පාපතරයා වෙනුවෙන් සුසුම්ලන ඔහුගේ මිත්‍රයින්වත් දෙවියන් විසින් හෝ ගිනි තබා විනාශ කරන්නේ නම් එදාට අනිවාර්යයෙන්ම මේ ලෝකය සුන්දර තැනක් වේවි...!!!

:       10       76

Nihal Sunday, 03 March 2019 03:16 PM

දෙවියෝ මවපු මැට්ටෙන් දෙවියෝ (මැවුම් කරු) මවපු නිසා කෝප වෙලා ඉන්නේ

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 7 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 39 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 372 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2947 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1639 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1165 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site