IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා රටතුළට පැමිණීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන්න

(නාලක සංජීව දහනායක)

කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වැළැක්වීම නතර කිරීම සඳහා විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායට අද (06) උපදෙස් දුන්නේය.

ඉදිරියේදී නිරෝධායන ක්‍රියාවලිය ඇරඹීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන, සම්පත් දායකයන්, පහසුකම් සහ අවශ්‍ය උපකරණ සපයා දීමට සූදානම් වන ලෙසද කීය.

කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (6) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ රජය හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආසියානු කලාපයෙන්ම කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රට බවට ලංකාව පත්ව තිබෙන බවය.

මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් දින 14 කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු බව කොරෝනා මර්ධන කාර්ය සාධකය ජනාධිපතිවරයාට මෙහිදී නිර්දේශ කළේය.

කොරෝනා ආසාදිත කිසිඳු ලංකිකයෙක් හමුවී නැති බව කී ජනාධිපතිවරයා යම් රෝග ලක්‍ෂණයක් ඇත්නම් සැඟවී නොසිට පරීක්‍ෂා කිරීම් කරගන්නා ලෙස විදේස්ගතව සිට මෙරටට පැමිණෙන ජනතාවගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

 

 

 



අදහස් (9)

කොරෝනා රටතුළට පැමිණීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයන් අනුගමනය කරන්න

සඳුන් Friday, 06 March 2020 01:05 PM

මේ නිරෝධායන ලිස්ට් එකේ චීනය නැත්තේ ඇයි?

:       161       57

Kamal koyralaFriday, 06 March 2020 05:26 PM

චීනේ නැතේ... මේක චීන කොලනියක් නිසා

:       145       51

de silva Friday, 06 March 2020 04:04 PM

විද්‍යාත්මක ක්‍රමය නම් ලෝකයේ කොරෝනා රෝගීන් වැඩිපුරම ඉන්න රටවන චීනේ පැත්තකට දමලා අනිත් රටවල ඉඳලා එන මිනිස්සු නිරෝධායනයට යොමු කිරීමයි.. මේක දැකලා මට හිනා යනවා.

:       369       257

kamalFriday, 06 March 2020 09:55 PM

චීනයේ මුදල්වල කොරෝනා ගෑවිලා නැති නිසා, මුදල් විතරක් ගුවන් මගින් එවන්න කියන්න. කට්ටිය එන්න ඕනෑ නැහැ...

:       0       2

ranaSaturday, 07 March 2020 03:43 AM

අලුත් ණය ළමයන් ණය, දන්නේ නැද්ද අපිට දැන් චීනා සරණං ගච්ඡාමි නේ..? අනිත් රටවලට අපේ උද්දච්ඡකම පෙන්නනවනේ නේ...!

:       1       12

de silva Friday, 06 March 2020 08:35 PM

පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන රෝහණ බැද්දගේ මහත්මයා අපි මලදිවයිනේ තානාපති කරලා ඇරියේත් විද්‍යාත්මකව තෝරලා...

:       0       1

Nandasena Saturday, 07 March 2020 02:09 AM

ජනාධිපති අණ කරන්න ඕනෑ මේ විදියට. (අ) වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රට තුළ තහනම් (ආ) කොරෝන ගැන කතා කරන එක තහනම් (ඇ) කොරෝන නීති (ඉහත දක්වා ඇති) කඩන අය ජාති ද්‍රෝහීන් වශයෙන් දඬුවම් දෙන්න ඕනෑ...

:       31       52

Nuwan Saturday, 07 March 2020 08:14 AM

ආපු දවසේ ඉඳලාම විද්‍යාත්මක විසඳුම් ගැන තමයි කියවන්නේ. හැබැයි මහ ජනතාවට ලැබුණු විසඳුමක් නම් නැහැ. කට විතරයි වැඩ නැහැ..

:       30       114

Kumar Sunday, 08 March 2020 03:06 AM

දන් කොරෝනා වෛරසය ලංකාව තුළ තිබෙනවා. චීනයේ වෛද්‍යවරයා ලොවට ප්‍රචාරය කරන්න කලින් මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණි චීන දේශ සංචාරකයෝ ඒ වෛරසය ලංකාවට ගෙනෙන්න ඇති. මේ වෛරසය වැඩිපුරම බලපාන්නේ වයස 50 ට වැඩි ශරීරය තුළ ප්‍රතිශක්තිය අඩු අයටලු. මේ ඇමෙරිකාවේ මතයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 148 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 145 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 205 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 143 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 557 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 942 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site