IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘කුරානයේ වගන්ති කිහිපයක් වැරදි විදිහට අර්ථකථනය කරලා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

කුරානයේ ඇතැම් වගන්ති වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා කොළඹදී ප්‍රකාශ කළේය. 

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවේදී රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අනුශාසනාව කළ එම නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කුරානය සම්බන්ධයෙන් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති මහතා ඒ බව පැවැසීය.

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (31) පස්වරුවේ පැවැත්විණි. 

එහිදී රාමඤ්ඤ නිකාය වෙනුවෙන් අනුශාසනාව කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ කුරානයේ තිබෙනවා යැයි කියන මතභේදාත්මක සහ ප්‍රචණ්ඩත්වය වපුරන බව කියන වගන්නි සම්බන්ධයෙන් කරුණු පහදන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සමුළුවට රැස්ව සිටි මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටියහ. 

තමන් කුරානය විවේචනය නොකරන්නේ යැයි ද බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ යැයි ද කුරානයේ ඇතුළත් බව කියන මෙම වගන්ති සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නැයි ද තමන් වැරැදි නම් නිවැරැදි කරන්නැයි ද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

ඉස්ලාම් ආගමික අනුශාසනාවේදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති කුරානයේ වගන්ති ඇතැම් පිරිස් තමන්ගේ පටු වුවමනා සඳහා වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි කීය.

අතීතයේ පැවැති යුද්ධවලදී සහ ඒවායේ භාවිතය සඳහා කරන ලද ඉගැන්වීම් අදට වලංගු නැතැයි ද අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති පැවැසීය.

මුස්ලිම් සමාජය, මුස්ලිම් විද්වතුන් මේ සම්බන්ධයෙන් නිවැරැදි කිරීම් කළ යුතු බවත් වැරැදි ලෙස අර්ථකථනය කර ඇති කුරානයේ වගන්ති සම්බන්ධයෙන් සිංහල බසින් පොත පත ලියැවී ඇතැයි මුස්ලිම් සමාජය එම පොත්පත් අනෙක් පිරිස්වලට ලබාදෙමින් මෙම වැරැදි අවබෝධ දුරුකළ යුතු යැයි ද කීවේය. 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (26)

‘‘කුරානයේ වගන්ති කිහිපයක් වැරදි විදිහට අර්ථකථනය කරලා‘‘

ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 01 August 2019 12:21 AM

තෙල් වැඩියෙන්ම තියෙන්නේ අරාබියේ. තෙල් සම්පතින් ලැබෙන මුදල් කන්දරාවට ගිජු ඇමරිකාවත් අරාබියට කීකරුයි. එහෙවු එකේ අපේ අයියලා ගැන කිනම් කතාද. "යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරන්න" කියල තියෙනවා.

:       0       0

Ariyathilaka Thursday, 01 August 2019 01:35 AM

මේ රටේ ජනතාව සියලු දෙනාම අල්-කුරානය කියවිය යුතුයි. ඒ සදහා අල්-කුරානය සෑම භාෂාවකින් ම මුද්‍රණය කර බෙදා හැරිය යුතුයි.

:       0       0

Missaka Thursday, 01 August 2019 01:40 AM

කුරානයේ මෙම වගන්ති වැරදි ආකාරයට භාවිතා කරන්නේ මුස්ලිම් ජනයා මිස අනෙකුත් ජාතීන් නොවෙයි! මුස්ලීම් ජනතාව මෙම වැරදි සදාගත යුතුයි !!

:       0       0

SL Thursday, 01 August 2019 02:07 AM

සරලයි, කුරානයේ එවැනි දේ නැතිනම් එවැනි දේ ප්‍රචාරණය, දේශනා කිරීම, තහනම් කරන්න සහ වැරදි ලෙස යෙදවීම වෙනුවෙන් දැඩි දඬුවම් නීතිගත කරන්න. සහ සියලුම දෙනාට එකම නීතියක් දෙන්න. මුස්ලිම් අයට වෙන නීතියක්, සිංහල අයට වෙන නීතියක් දෙමල අයට වෙන නීතියක් ක්‍රියාත්මක කිරීමෙන්ම බෙදීම පටන්ගෙන තියෙන්නේ...

:       7       767

SL මැලේ Thursday, 01 August 2019 05:13 AM

රටක නීතිය පොදු විය යුතුයි කියලා සැකයක් නැහැ.. මිනිස්සු අතර ප්‍රශ්නය රටේ පොදු ප්‍රශ්නයක් නෙමෙයි නම්, පෞද්ගලික ප්‍රශ්න එ් එ් ජන කොට්ටාශවලට අවශ්‍ය පරිදි කටයුතු කර ගත්තා නම් අවුලක් නැහැනේ... හොඳම උදාහරණය තමයි, අායතනවලට පුළුවන් ගිවිසුම් ගහගෙන රටේ නීතියට අනුව කටයුතු කරන එක...

:       2       9

abaranThursday, 01 August 2019 06:04 AM

කුරානයේ තියෙන දේවල් තමයි තාමත් පිළිපදින්නේ. ඒකයි ඇත්ත...

:       201       128

gamarala Thursday, 01 August 2019 04:11 AM

ඇයි අනෙක් අයටත් මෙතුමා වගේ අදහස් පලකරලා අඩුපාඩු නිවැරදි කරගන්න මහන්සි නොගන්නේ? දඬුවමම නිවැරදි කිරීමට මගක් නොවෙයි. කළයුත්තේ අවබෝධ කර දීමයි. එහෙම බැරිනම් දඬුවම් කළාට කමක් නැහැ...

:       0       3

lamaya Thursday, 01 August 2019 04:19 AM

මොවුන්ගේ අතීතයේ ඒවා තිබ්බ කියන්නේ මොවුන්ගේ ආගමේ මිනිස්සු මරන්න, විනාස කරන්න අනුබල දීලා තියෙනවා. අනිත් කිසිම ආගමක ඔහොම මිනිස්සු මරන්න කියලා නැහැ..

:       75       70

Mohammed Rizan Thursday, 01 August 2019 04:27 AM

කුරානයේ එහෙම දේවල් තියනවා... ඒවා පිළිපදින්න කියලා නැහැ.. නමුත් අතීතයේ යුද්ධ වලට ඒවා බලපෑවා..

:       344       1341

Missaka Thursday, 01 August 2019 04:47 AM

කුරානයේ වගන්ති ක්‍රියාවට නංවන්නේ මුස්ලිම් ජනතාව මිසක් අනේ ජාතීන් නොවෙයි (අන්තවාදයද ඇතුළුව)!... එම වගන්ති වල අඩුපාඩුවක් ඇත්නම් ඒවා මේ යුගයට නොගැලපෙන්නේ නම්, ඒවා ඉවත් කරගැනීමත් මුස්ලිම් නායකයින්ගේ වගකීමක්... කරුණාකර අනෙක් ජාතීන් මත කුරානයේ තියෙන දේවල් (හලාල් වගේ) බලෙන් පැටවීම වහා නතරකිරීම කළ යුතුයි.

:       48       343

NanaThursday, 01 August 2019 08:48 AM

කුරානයේ ගොඩක් හොඳ දේවල්ද තිබේ. නමුත් ඕනෑම ආගමක සමහර කරුණ කාලය, දේශය, දේශගුණය, සංයුතිය පරිසරය අඩිය අනුව වෙනස් වීම සිදුවිය යුතුයි. අනෙක් ආගමික නායකයින්, දේශපාලකයින් එය කියවිය යුතුයි. ඉංග්‍රීසි හෝ සිංහල පරිවර්තනයක් තිබේද?

:       0       1

පහන් Thursday, 01 August 2019 05:21 AM

ඉස්ලාම් ධර්මය ගැන මගේ අදහස් දෙකක් පලකිරීමට කැමතියි. මගේ පළමු අදහස නම් අපි සෑම ආගමකටම ගරු කළ යුතුයි. නමුත් කිසියම් ආගමකින් ඝාතනය සහ හිංසාව වපුරයි නම් ඒ ගැන විරුද්ධ වීමටත් අයිතියක් තිබිය යුතුයි. ඉස්ලාම් ආගමේ ප්‍රචණඩත්වයට මූලික හේතුව කුරාණයේ වගන්ති නම් ඒවා යල් පැනගිය ඒවානම් ඉස්ලාම් උගතුන් සියලුදෙනා එක්වී ඒවා ඉවත් කර අදට ගැලපෙන ඉස්ලාම් ධර්මයක් ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. සෑම ආගමක්ම මෙය කාලීනව සිදු කරණ දෙයක්. උදා: දෙවන වතිකානු මන්ත්‍රණ සභාව, කෙසේනමුත් මෙවැනි තත්වයක් සිදුකිරීමට සාම්ප්‍රදායික ඉස්ලාම් මතදාරීන් ඉඩ නොදේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ මතවාදයන්ගේ වහළුන් ලෙස තබාගැනීමටයි. මාගේ දෙවන අදහස නම් බිලියන ගණනක් වන ඉස්ලාම් භක්තිකයින් භාවිතා කරන්නේ එකම කුරාණයයි. එහි ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කිරීම මරණයෙන් කෙලවර වන ක්‍රියාවකි. එසේ නම් අද ඉතාම සාමකාමී යයි කියනු ලබන ඉස්ලාම් භක්තිකයා මෙන්ම තලේබාන් සහ අයි.එස්. ත්‍රස්තවාදින් කරනු ලබන ඝාතන වලදීද ඔවුන් පෙන්වන්නේ එය කුරාණයට අනුකූලව සිදුකළ බවයි.

:       12       70

Asela TharangaThursday, 01 August 2019 07:58 AM

පහන් ඔබ හරියටම කියලා තියෙනවා. මේ පොතේ තියෙන ඔය වගන්ති තියෙන කන් මේ ලෝකෙට සාමයක් නැහැ. එ්ක තමයි තිත්ත වුණත් ඇත්ත...

:       1       85

sharm warn Thursday, 01 August 2019 06:02 AM

අන්න හරි.. තමන්ගේ වැරදි හදා ගන්නවා නම් අනුන්ගෙන් වැරදි වෙන්නේ නැති බව එයාලා තේරුම් ගන්නවා නම් මේ ප්‍රශ්න සේරම ඉවරයි. පහුගිය අවුරුදු 10-15ට කලින් කාලේ වෙනකල් ඒ ගොල්ලන්ට ලංකාවේ සිංහල සමාජයේ යහතින් ඉන්න පුළුවන් වුනේ ඒ කාලේ ඔය කියන වැරදි අර්ථකතනවත්, ෂරියා නීතිය වත් ඔලුවේ දාගෙන හිටියේ නැති නිසා... අදටත් එයාලා වෙනස් කියලා අනිත් අයට උලුප්පලා පෙන්වන්න දඟලන්නේ නැතිවෙනවා නම්, ඒ හරහා අපරාධ කරන්නේ නැතුව ඉන්නවා නම්.. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනුන්ගේ ඇහේ රොඩු අයින් කරන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පරාල අයින් කර ගත යුතුයි.

:       0       55

nisar Thursday, 01 August 2019 06:04 AM

සිතාමතාම පිරිසක් ඉස්ලාම් රාජ්‍යයකට අදාල කොටස් සාමාන්‍ය ජීවිතයට අදාළ කරලා පෙන්නනවා. කුරානයේ ලෝක අවසානය දක්වාම හැම යුගයටම හැම සමාජයටම ගැලපෙන විදිහට තමයි පහලවෙලා තියෙන්නේ. වෙනස් කරන්න මේක මුස්ලිම් නායකයන්ගේවත්, මුහම්මද්තුමාගේවත් නිර්මාණයක් නොවේ. ස්වභාව ධර්මයා වෙනස්කරන්න කාටවත් හැකියාවක් තිබේද? ඒ ආකාරයට මෙහි අන්තර්ගතයත් පිළිගත යුතුයි.

:       284       16

Dilan Thursday, 01 August 2019 09:25 AM

කුරාණය විශ්ව ප්‍රකාශනය කියලා පිලිගන්නේ මුස්ලිම් අය විතරයිනේ... අනිත් අයට ඒක තවත් පොතක් විතරයි. තමන් පිලිගන්න දර්ශනය අන් අයට හානියක් නොවන විදියට අදහන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒත් තමන් අදහන දර්ශනය යොදාගෙන එය පිළිනොගන්නා අය විනාශ කරන්න හෝ ඔවුන්ට බලපෑම් කරන්න කෙනෙකුට තියෙන අයිතිය මොකක්ද?

:       14       102

lankasriThursday, 01 August 2019 10:04 AM

සදා නොවෙනස්වන පරම සත්‍ය සියලු ලෝක සත්වයාටම එකකි. එය බුදු දහම පමණි. එය සියලු සත්වයාට හැම කලට ගැලපේ.

:       0       0

abaran Thursday, 01 August 2019 06:40 AM

"කුරානයේ එහෙම දේවල් තියනවා... ඒවා පිළිපදින්න කියලා නැහැ" අනෙකුත් ආගම්වල ධර්මය තිබෙන්නේ පිළිපැදීම සඳහායි.. ඒවා මුළු මහත් ජන සමාජයේ උන්නතිය, පැවැත්ම සහජීවනය ආදීන් සඳහා දේශනා කළ දේවල්ය. කුරානයේ එහෙම තිබිලත් පිළිපදින්න කියලා නැත්නම් එවැනි දහමක් කා සඳහාද?

:       0       26

athula Thursday, 01 August 2019 07:20 AM

කුරානයේ වගන්ති ඇතැම් පිරිස් තමන්ගේ පටු වුවමනා සඳහා වැරැදි ලෙස අර්ථකථනය කරන්නේ නම්, අදට ගැලපෙන ලෙස එම වගන්ති සංශෝධනය කරන්නේ නැත්තේ ඇයි..?

:       1       21

HafeelThursday, 01 August 2019 08:30 AM

මෙහෙමයි අතුල, කිසිසේත්ම අපිට කුරානයේ වෙනසක් හෝ සංශෝධන කරන්න අයිතියක් නැහැ. එහෙම කුරානයේ ආන්දෝලාත්මක වචනවල් කොතනකවත් නැහැ. මිනිස්සු වැරදි විදියට තේරුම් ගත්තේක ඔවුන්ගේ වැරැද්ද. අතීතයේ පහලවූ වචනවල් අපිට පාඩමක් හැටියට සඳහන් කල තියන්නේ. ඒකින් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ. අනික ෂරියා නීතිය අපේ බොහෝ දෙනා වැරදි විදියට තේරුම් අරන් තියන්නේ. ශරීය නීතිය සහ රටේ නීතිය වෙනස්. ශරීය නීතිය කියන්නේ මිනිහක් උදයට අවදි වුණා සිට රාත්‍රී නින්දට යනකම් සහ මිනිහක් ඉපදුන සිට මැරන්නකල් ජීවත් වෙන්න හැටි. ඒ වගේම මෙම කුරානයේ සඳහන් වෙනවා මේ ආගමේ බලහත්කරම් නැහැ කියලත්, කැමති අය පිලිපදින්න් පුළුවන්, කැමති අය අත් හරින්න පුලුවන් කියල. තවද රටට එක නීතියක් තිබිය යුතුයි කියල මෙතන සඳහන් කරල තියන්නේ. නමුත් අපේ රටේ නීතිය කාටත් පොදුවෙන් සාධාරණව ක්‍රියාත්මක වෙනවාද කියල කව්රුත් හෘද සාක්ෂිය අනුව කල්පනා කරල බලන්න. අපේ රටේ නීතිය නවන්න, කඩන්න හැටි අපි කොව්රුත් දන්නවා. හිටපු අගවිනිසුරු සරත් සිල්වා පවා කිව්ව නේද, ඔහු නඩු තීන්දු දීපු පිලිබඳව. ඒ නිසා රටට එක නීතිය පමණක් තිබුනාට මදි, ඒ නීතිය කාටත් පොදුවෙන් ක්‍රියාත්මක කලයුතුයි.

:       0       0

saman Thursday, 01 August 2019 08:33 AM

බුදුදහමේ නම් මොන අර්ථකතන දුන්නත් හිංසාවට ඉඩක් නැත. ආගමක් කියන්නේ මොකද්ද කියල අවබෝධ කරගන්න බුදුදහම අවබෝධ කරගන්න.

:       0       0

රවින් Thursday, 01 August 2019 08:53 AM

උලමාතුමෝ ! එහෙම වර්තමානයට නොගැලපෙන දේ ශුද්ධ කුරාණයේ තියනවා නම් ඒවා සංශෝධනය කළයුත්තේ කවුද? ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග ...? මෙරටදී එකක් කියා ගිහිල්ලා, තව එකක් නොකර අවශ්‍ය කටයුතු හැකි ඉක්මණින්ම සකසන්න. මේ විදියට ලෝකයේ අනිකුත් රටවලදී සිද්ධ නොවෙන්න වහාම කටයුතු කරන්න වග බලාගන්න. නියම නායකයන් එවැනි අයයි...

:       0       41

Amila Thursday, 01 August 2019 09:28 AM

විනාශකාරි දෙවල් ඉවත් කර පොදු කුරානයක් භාවිතා කරන්න.

:       0       21

ලොකුපුතා Thursday, 01 August 2019 10:21 AM

කුරානය ස්වභාව ධර්මයේ නීතිය කියනකොට බෞද්ධ අපිට හිනායනවා. පොඩි කාලෙ ඉඳලා මොලේ හෝදපු ඔය ගොල්ලන්ට එහෙම හිතුණට, අපට හිතෙන්නේ කුරානය ආදිකාලෙ අරාබි කාරයන් රටවල් යටත් කරගන්න හදපු දෙයක් කියලා. වැරදියට අරන් ත්‍රස්තවාදීන් නිපදවන ඒවට මේ ලංකාවේ ඉඩ නෑ.

:       0       0

Ajith Nissanka Friday, 02 August 2019 02:43 AM

අතීතයේ පැවැති යුද්ධවලදී සහ ඒවායේ භාවිතය සඳහා කරන ලද ඉගැන්වීම් අදට වලංගු නැත්නම් එම ඉගැන්වීම් කුරාණයෙන් ඉවත් නොකරන්නේ මොකද?

:       0       0

චාමර Monday, 27 September 2021 06:00 PM

ඉස්සර තිබ්බ වැකි දැන් වලංගු නැත්නම් තාමත් ඇයි ඒ වැකි කුරානේ තියෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 7 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 18 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 143 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2599 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1403 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1040 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site