IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල මහ නගර සබේ වැඩ නවතී

 

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගයට විරෝධය පළ කරමින් කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීමෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.

කුරුණෑගල මහ නගර සභාවේ උසස්ම නිලධාරියාගේ සිට කම්කරුවන් දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලයම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ.

මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගරය පිරිසිදු කිරීම්, කසළ බැහැර කිරීම්, ගිනි නිවීම් සේවාව,  මහ නගර සභාවෙන් සැපයෙන සියලු සේවාවන් සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.

කුරුණෑගල නාගරික සුපිරි වෙළඳ සංකීර්ණය සහ කුරුණෑගල නාගරික පුස්තකාලය ද ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර පසුව ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත දහවල් 11.00 ට පමණ වෙළඳ සංකීර්ණය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කෙරිණි.



අදහස් (39)

කුරුණෑගල මහ නගර සබේ වැඩ නවතී

nalin Tuesday, 11 August 2020 07:28 AM

පුදුම දේවල්නේ ලංකාවේ දේශපාලනය කියන්නේ. වැරැද්දක් කරලා ඒකට වරෙන්තු කරපුවාම ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. මෙව්වා ඉතින් ඔක්කොම ලොක්කාගේ ඉඳලා කරන ප්ලෑන් තමයි. නැතිනම් ඔහොම කරන්න පුළුවන්ද?

:       0       322

මාලකTuesday, 11 August 2020 10:30 AM

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මාධ්‍ය මගින් මේව ප්‍රචාරය කරන එක. දැන් ආණ්ඩුවට වැඩ කරන්න දෙන්න. බුවනෙකබාහු රාජසභා මණ්ඩපය එපා කියලා ලංකාවෙ ජනතාවගෙන් 2/3 ක් කියනවානම් ඒකට හිසනමන්න වෙනවා.

:       444       177

Prasa Tuesday, 11 August 2020 07:37 AM

මේ වගේ බ්ලැක්මේල් වැඩ කරන ප්‍රාදේශීය සභා සෙට් එකක් එක්ක කොහෙද රට දියුණු කරන්නේ? මොවුන්ගේ සභාපති සහ ඕවා සංවිධානය කරන සෙට් එක එලවා දාලා , ඔවුන්ට යටින් සපෝර්ට් කරන මන්ත්‍රී කාරයින්වයි හරියට කන්ට්‍රෝල් කරගන්න ජනාධිපතිතුමනි... මෙවා මාර වැඩ, සභාපති වරදක් කරලානම් හෝ නැතුවනම් වුණත්, උසාවියට ඉදිරිපත් වෙලා එයින් නීතියට අනුකූල වන ආකාරයට කටයුතු කළ යුතුයි. මේක, ඉතා වැරදි පූර්වාදර්ශයක්... මෙහෙම සභාපතිවරුන් රට කනවා, එක්කෝ කරපු වැඩේට මන්ත්‍රීයත් සම්බන්ධ ඇති, මෙහෙම සද්දෙ දාලා තගා එකෙන් වැඩේ කරන්න හදන්නේ... රට පරණ කාලකන්නි තැනට ඇදන් යන්න එපා... මේ අලුතින් රට හදන්න ආරම්භක දවස්වලම...

:       5       543

dhamneth Tuesday, 11 August 2020 07:56 AM

අපේ රටේ මිනිසුන් උගත්ද? බුද්ධිමත්ද? මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියන එක අපේ දේශපාලකයින් බොහෝමයක් අහලාවති නැතිව වගෙයි පෙනෙන්නේ.

:       3       309

Bishan Tuesday, 11 August 2020 07:58 AM

මේ තමයි බමුණුආරච්චිලා බලාපොරොත්තු වුණු පාලනය. වර්ජනයක් කරලා නීතියක් වෙනස් කරන්න පුලුවන්නම්. එ්ක මහින්ද යුගයක්ම තමයි.

:       2       483

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 11 August 2020 08:07 AM

කුරුණෑගල මහ නගර සභාවේ කට්ටිය මෙහෙම කළා කියලා දැන් රටේ නීතිය වෙනස් කරලා, අධිකරණ ඔක්කොම වහලා, විනිසුරුතුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩල ඔක්කොම ටික ගෙදර යාවි එහෙනම්... අනේද කියන්නේ...

:       1       410

විජිත් Tuesday, 11 August 2020 03:35 PM

සමිත, මේ පාලකයින්ගේ අතීතය බැලුවම, අනාගතය ගැන හිතාගන්න පුලුවනිනේ. පසුගිය මාස2 ම මම මේ හොරුන්ගේ අතීතය ගැන ඇත්ත කිව නමුත් ඊට වඩා රටේ බයියන්ට, "පොරොන්දු දේශපාලනය " ලොකුවුණා. හොරා හැමදාමත් අදින්නේ හොරාටමයි. නඩුකාරයා ලඟට ගිහිල්ලා " අනේ ස්වාමිනි මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට නියෝගයක් කරන්න.." කියලා අධිකරණයේ හඬා වැටුණු ජනාධිපති කෙනෙක් පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද..? පසුව හමුවෙමු.

:       4       193

Ananda Tuesday, 11 August 2020 08:11 AM

බලනකොට රටේ වැඩි දෙනෙක් කත් අදින්නේ රටේ දේවල් විනාශ කරන අයටනේ. අනේ මන්දා කුරුණෑගල..

:       0       303

ධනා Tuesday, 11 August 2020 08:24 AM

සියලුම සේවකයන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුයි..

:       0       221

Kamal KoyralaTuesday, 11 August 2020 10:05 AM

මෙය අධිකරණයට අපහස කිරීමක් සහ නීතියට අභියෝග කිරීමක ආරම්භය.

:       183       183

හනීෆාTuesday, 11 August 2020 02:36 PM

මටත් හිතෙනවා නාගරික කොමසාරිස්, නාගරික ලේකම් වැනි ඉහළ තනතුරු දරන්නන් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයේ අය අධිකරණයට අපහාස කරනවා කියලා. මෙය අධිකරණයට අපහාසයක් නොවේ නම් අධිකරණයට අපහාස කරනවා කියන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න. එහෙම නැත්නම් කියන්න මෙම නගර සභාවේ ඉන්නේ අනවසර ඉදිකිරීම් භාරව සිටි මගේ ඥාතියාගේ ඥාතීන්ද කියලා....

:       0       16

හේමසිරි මහපටුනගේ Tuesday, 11 August 2020 03:25 PM

ඔබට දැන්ද තේරෙන්නේ....? ඔබ වැනි අය වරින්වර ලංකාදීප ඔන්ලයින් වලට එනවා. නමුත් පැවැත්මක් නැහැ. හැමෝගෙන්ම කුණු බැනුම් අහලා නම වෙනස් කරගන්නවා. මේ පිටුව අවංක, උගත්, බුද්ධිමත් රටවැසියන් හට පමණයි. රස්තියාදුකාරයින්ට වෙන තැනක් ඇති.

:       0       66

සේනානායක Tuesday, 11 August 2020 03:42 PM

ආයෙත් ඉස්පිරිතාලෙන් පැනලා ඇවිත් වගේ. ඔබ වැනි 5පාස් අයට මේ ආණ්ඩුවෙන් ඕනෑතරම් ජොබ් තියෙනවා...

:       0       35

විජිත් Tuesday, 11 August 2020 08:37 AM

ටොයියන් සහ බයියන් නිතරම සිතන්නේ එහෙම නැතිනම් ඔවුන්ට කියාදීලා තිබෙන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. මේ නූගත් බයියන් මේ රට කුඩුවලින්, අරක්කු වලින්, හොරුන්ගෙන් පාලනය කරන්න හිතාගෙන ඉන්නවා ඇති. තම ඉතිහාසයත් අන්ත දූෂිත බව දන්න රටේ පාලකයින් බයියන්ට යටත් වීම හැර, වෙනත් යමක් රටේ මහජනතාව වෙනුවෙන් කරයිද..? අපි මේ සංදර්ශනයේ අවසානය වනතෙක් බලා ඉඳිමුද.?

:       1       509

Kamal KoyralaTuesday, 11 August 2020 10:07 AM

2/3 දුන්නනේ දැන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න

:       205       98

nipuna Tuesday, 11 August 2020 08:46 AM

අත්අඩංගුවට ගන්න යන්නේ අධිකරණ නියෝගයක් මගින් නම් මෙම වර්ජනය අධිකරණයට අපහාස කිරීමක්..

:       0       265

Lakmal Tuesday, 11 August 2020 08:49 AM

අධිකරණයට අපහාස කිරීමේ වරදට සියලු දෙනා සිරගත කළ යුතුය.

:       1       372

Wca Tuesday, 11 August 2020 09:21 AM

එක මයිල් ගහකට අත තියෙන්න දෙන්නෙ නෑ කිව්වේ.

:       0       85

හතේ මහත්තයා Tuesday, 11 August 2020 09:33 AM

පැතූ වෙනස සැපද? එක්රටක්, එක් නීතියක්..

:       1       97

BamunuarachchiTuesday, 11 August 2020 02:03 PM

ඇයි සජිත් ආවානම් කොරයි කියලද හිතන්නේ?

:       118       2

හතේ මහත්තයා Wednesday, 12 August 2020 05:31 AM

ඔන්න ඔතන තමයි ඔයාට වැරදුණ තැන. අපිට නම් රාජපක්ෂලා, ප්‍රේමදාසලා, බණ්ඩාරනායකලා කවුරු වුණත් එකයි. ඔයා වගේ වහල්කම් කරන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක වෙන එක විතරයි. මිනිස්සු ඡන්දයක් දීල‍ා පත් කරගන්නේ හිතුමතේ එයාලට පිස්සු කෙලින්න නෙමෙයි. තමන්ගේ ප්‍රශ්නගැටළුවලට මැදිහත් වීමක් කරන්න පුලුවන් නියෝජිතයින්ව... නම බමුණුආරච්චි වුණාට සිතුම් පැතුම් වහල් නම් රටට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. තව දෙයක්.. පොහොට්ටුවට ඡන්දය දුන් බහුතරයක් ඒ ඡන්දය දුන්නේ රාජපක්ෂ සාධකය නිසා... හැබැයි ඒ අය මේ වගේ අමන වැඩවලට අනුමැතියක් දුන්නා කියලා හිතනවා නම් තව අවුරුදු 5කින් මේ අයටත් මිනිස්සු කතිරයෙන්ම පාඩමක් උගන්වයි.

:       0       40

BamunuarachchiSaturday, 15 August 2020 03:08 AM

හලෝ ජනාධිපති පත්වෙලා මාස 07ක් වුණාට රජය පත්වෙලා දින 04යි. රාජපක්ෂලා, ප්‍රේමදාසලා, බණ්ඩාරනායකලා ගැන කතා කරන්නේ ජෙප්පන් හොඳ හින්දද? නැතිනම් ජෙප්පන් කියලා ජාතියක් නැහැයි කියලා හිතලාද? රජජපක්ෂලා, බණ්ඩාරනායකලා, ප්‍රේදාසලාගෙන් රටට වැඩක් කෙරුවේ කවුද? ඒ නිසයි 2/3 බලයක් ලැබුණේ. ජෙප්පෝ මොනවද රටට කෙරුවේ? 1989 කාලේ එහෙම මතක ඇතිනේ... ඒ කාලේ ඔබ ඉපදිලා සිටියේ නැතිනම් මම ඉතිහාසය ගැන කියලා දෙන්නම්.

:       0       0

සෑම් Tuesday, 11 August 2020 09:38 AM

කොහොමද නීතියට දාන තර්ජනය? බලයට ඇවිල්ලා දවස් 3 යි. සුබ පෙර නිමිති.

:       0       118

Rohana Tuesday, 11 August 2020 09:48 AM

ඡන්දෙන් තෝරා එවන්න එපා කියපු අයගෙන් සැලකියයුතු පිරිසක් නැවත පාර්ලිමෙන්තුවට ජනතා කැමැත්තෙන් තෝරා පත්කරගෙන නොවැ. මේ අවුල්වලට මුල ඒකයි.

:       0       56

සත්‍යපාල Tuesday, 11 August 2020 10:01 AM

මොලේ උඩ ඉන්න මිනිසුන්ගේ තරම .රටකට වෙච්ච් දේ.

:       0       34

Anura Tuesday, 11 August 2020 10:02 AM

මෙය වැරදි පූර්වාදර්ශයක් නීතිය සැමදෙනාටම එක භා සමාන විය යුතුයි අනිවාර්යෙන්ම මෙය දේශපාලනඥයන්ගේ උසිගැන්වීම උඩ කළ දෙයක්

:       0       25

kamal Koyrala Tuesday, 11 August 2020 10:09 AM

දැන් බලාගන්න පුළුවන් ජවසම්පන්න විපක්ෂයේ වැඩ.

:       115       3

රමණි පෙරේරා Tuesday, 11 August 2020 03:36 PM

හැබෑට ඔහෙට මොලේ අමාරුවක් තියෙනවාද? දැන් නමත් වෙනස් කරගෙන ආවත් ඔබ අංගොඩින් පැන්න කමල් බව අපි කවුරුත් ඔබගේ බොළඳ, හිස් , කමෙන්ට්ස් වලින් දන්නවා. ඔබ මේ අපතේ අරින්නේ තවත් කෙනෙකුගේ වැදගත් අදහසකට ඇති ඉඩක් බව දැනගන්න...

:       0       104

බද්රානි Tuesday, 11 August 2020 10:50 AM

මම නම් මහා නගර සභාවේ සේවකයින්ගේ තීරණය එක හෙලා අනුමත කරනවා. කුණු ගොඩවල් වලට කැමති කුරුනෑගල ජනතාවගේ කුණු මොකටද පිරිසිදු කරන්නේ? ඇතා ගලත් කළු ගල් ව්‍යාපෘතියකට යොදවන්න කියා ගරු, නගරාධිපති තුමාගෙන් මම ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිමි.. ඔබ තුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනා යුතු පුද්ගලයෙක් බව තමයි මට නම් හැඟෙන්නේ...

:       12       302

K Perera Tuesday, 11 August 2020 10:50 AM

මොනවා කරන්නද රටේ අවාසනාව.

:       0       4

ananda Tuesday, 11 August 2020 10:58 AM

මම හිතමින් ඉන්නේ දිලීප පීරිස් මහත්තයාට මොකද වෙන්නේ කියලයි.

:       0       8

Champa Tuesday, 11 August 2020 11:51 AM

හොඳයි වැඩේ. අධිකරණය මේ විදිහට හෑල්ලු කරන්න, අවමන් කරන්න රජයේ සේවකයන්ට පුළුවන්ද? ජේ.ආර් ගේ, ප්‍රේමදාසගේ කාලෙටත් වඩා අන්තවන ලකුණු තමයි පේන්නේ...

:       0       7

Bamunuarachchi Tuesday, 11 August 2020 02:02 PM

රටේ ජනතාව මොරදෙනවා බුවනෙක සභාව කඩපු මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න කියලා... ඇතුලේ ඉන්න අය කියනවා එපා කියලා... මෙහෙමත් අය ඉන්නවද?

:       0       7

Ganga Tuesday, 11 August 2020 04:13 PM

මෙය ඇත්තටම නොවිය යුතු දෙයක්... රටට දෙන වැරැදි ආදර්ශයක්. නගර සභාවක කුමන සේවකයාත් වැටුප් ලබන්නේ ජනතාවගේ මුදලින්... ඇත්තටම අසනීප නම් ඒකට ලෙඩ නිවාඩු ගැනීම සාධාරණයි. එම නිවාඩු ඇත්තේ එමනිසයි.. ඒත් සේවකයන් ලෙඩ නිවාඩු දැම්මා කියන එක රජයේ කාර්යාල වසා දැමීමට හේතුවක් නොවේ. ඒ අයට ගෙවල්වලට වෙලා ඉන්න ඕනේ හින්දා... ඔවුන් නැවත වැඩට ආවමවත් එම නිවාඩු සටහන් කරන එකක් නැහැ. ඔක්කොම එකට ගත්ත හින්දා ඒක සාමාන්‍ය දවසක් ලෙසට සලකාවි. මෙච්චර කාලයක් ඔය විදිහටම අනිත් දෙපාර්තමේන්තුවලත් වැඩ වුණා. මෙමගින් වෙන්නේ රටේ ප්‍රශ්න වැඩිවෙන එක විතරයි. රජය අපකීර්තියට පත්වීම විතරයි. නීතියෙන් කරන්න තිබෙන දේ එයාට කරන්න දීලා සේවකයන් එයාලගේ වැඩ හරියට කරනවා නම් කිසිම කෙනෙක්ට බයවෙන්න දෙයක් නැහැ... වැරැද්දක් නැතිනම්...

:       0       2

Malika Wednesday, 12 August 2020 01:58 AM

මේවා කාගේ වැරදිද? මේ මිනිස්සු මේ දේවල් කරන්නේ කාගේ හරි කීමකට වගේම සමහරවිට ඒ අයගේ තර්ජන වලට බියෙන් වෙන්න ඇති. රස්සාවල් බේරගන්නත් වෙන්න පුලුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දින්නේ කොහොමද කියලා දන්නෝ දනිති. ඡන්දයට පෙර මේ ගොඩනැගිල්ල කැඩුවේ ඡන්දෙන් පසුව මේ ක්‍රියා මාර්ගය ගන්නම බලාගෙන වෙන්න ඇති. ඒකනේ ඇඟට අත තියන්න නොදෙන බව කිව්වේ. රටේ මහජනතාවනි, දැන්වත් ඇස් ඇරලා බුද්ධියෙන් බලන්න.

:       0       0

මෝ Wednesday, 12 August 2020 09:50 AM

මේක ඉතාම දරුණු ලෙස අධිකරණයට අපහාස කිරීමක්. පුදුමය කියන්නේ මුලු නගර සභාවම මේ වරෙන්තුකරු පිටුපස සිටීමයි. ඉතාම පැහැදිලි කරුණ නම් දේශපාලුවා අධිකරණයට හෝ නීතියට කිසිදා යටත් නොවන වගයි. මේකද රටේ ජනතාව බලාපොරොත්තු වූ නීතියේ පිළිසරණ? එකමඑක මිනිහෙක් නිසා මුලු රටත් සමස්ත අධිකරණයත් අසරණ වෙලා. ලංකාව කිසිදාක මොන ජගතා ආවත් ගොඩදැමිය නොහැකි බවට මෙන්න සාක්කි...

:       0       0

Dasun Wednesday, 12 August 2020 10:06 AM

දිනක වැටුප වහාම කපාහරින්න...

:       0       33

ranjith Wednesday, 12 August 2020 10:58 PM

ජනවරම තක්කඩියන් ආරක්ෂා කරන්න භාවිතා කරන්න එපා... ඉන්න හිතෙන රටකුයි ජනතාව පැතුවේ...

:       0       0

Bamunuarachchi Saturday, 15 August 2020 03:15 AM

හලෝ වහල්ලු නොවන මිනිස්සු කවුද කියලා පැහැදිලි කරනවද? ඔහෙලා ජවිපයේ වහල්ලු නොවේද? 2/3 ලැබී ආණ්ඩුවක් පිහිටුවලා දින 4 ‘‘ පැතූ වෙනස සැපද?‘‘ කියලා අහන අයත් ඉන්නවද? ඔය මොන ආණ්ඩුවත් ජෙප්පන්ට වඩා හොඳයි කියලා ජනතාව පෙන්වා දී තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 297 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 378 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 626 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 567 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 91 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 588 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1681 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site