(තරිදු ජයවර්ධන)
කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) තීරණය කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයා කුරුණෑගල දිසාවේ සිටියහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇතිවන බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.
ඒ අනුව එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය මස 27 වැනි දා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා (01) ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ අතර සිකුරාදා (2) එම ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබිණි.
ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) යළිත් රැස්වූ අවස්ථාවේ දී එම ස්ථාන මාරු වෙනස්කමකට භාජනය කර යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ කොට්ඨාසබාර පොලිස් අධිකාරී ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) අනුමැතිය ලබා දී තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා සාෆි සම්බන්ධ විමර්ශනයේ දී විනයානුකූල නොවන අයුරින් කටයුතු කර ඇති බවට තමන් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත්,ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ - පොලිස් අධිකාරීගේ ස්ථාන මාරු අනුමත කරයි
මුණසිංහ Friday, 09 August 2019 12:40 AM
එහෙනම් කොමිසම සාලිට බයවුණා නේද? ඇත්තටම සෘජු තීරණ ගන්න බැරි කොමිසම ගැන කණගාටුයි!
MD Friday, 09 August 2019 12:44 AM
ඔය කොමිෂන්, තේරීම් කාරක සභා පත්කරන අය මාරුකළොත් ගොඩක් ප්‍රශ්න අවසන් කළ හැකියි. එය කළයුතුමයි. සිංහලයට ශක්තිය, ධෛර්යය ලැබේවා..!
saman Friday, 09 August 2019 01:14 AM
ඔන්න අපේ උන්ගේ කෙරුවාව...
ලුම්බිණි Friday, 09 August 2019 02:21 AM
ජාතික පොලිස් කොමිෂන් සභාව මීළඟ රැස්වීමේදී නැවත ස්ථාන මාරු අත්හිටුවීමේ තීරණය ගනීද?
Kavidu Friday, 09 August 2019 03:58 AM
දේශපාලන හැඟීම් හිතේ තියාගෙන පොලිස් ස්ථානාධිපතිවරු වැඩ කළාම ඔහොම ස්ථාන මාරු හම්බ වෙනවා. සමහරුන්ගේ කට උත්තර අරන් තියෙන්නේ වෙන දවසක... හැබැයි පොලිස් පොතේ ලියලා තියෙන්නේ වෙන දවසක්... තව කට උත්තර අරන් තියෙන්නේ කොළඹ... හැබැයි පොතේ ලියලා තියෙන්නේ පොලිසියේ ඉඳලා ගත්තා කියලා... මෙතුමාගේ බිරිඳ එහෙමත් ඔය රෝහලේලු වැඩ කරන්නේ... ඔය සාෆි සහ ඔය දොස්තර නෝනා අතර එහෙම ප්‍රශ්න තිබුණා එහෙම කියන්නේ්...
gaasas Friday, 09 August 2019 05:41 AM
ශානි අබේසේකරද?
Perera Friday, 09 August 2019 06:04 AM
දැන් හරි. ඔක්කොම සාක්ෂි යට ගහලා නිදහස් වෙන්න පුළුවන්. කොහොමද ඒක...?
janahitha Friday, 09 August 2019 08:38 AM
ජනවාරි 1 වෙනිදාට ඔය ඔක්කොම අවලංගු වෙනවා. දේශපාලන අපරාධ පරීක්ෂණයේ අයත් ගෙදර යවනවා ජනතාව විසින්.. ජනතාවට යුක්තිය ඉටුවේවා.. එජාපයේ පොලිස් කොමිසමත් අවලංගු වෙනවා සියලු දේ අනිත්‍ය වෙනවා.. සමනල පාලනය අවසන්...
KaveeshaSaturday, 10 August 2019 03:40 AM
සමනල පාලනය අවසන් කරලා මිනීමෝරු, සුනාමි හොරු, මිග් යානා හොරු, සුදු වෑන්, 10% කොමිස් හොරු, එතනෝල් කාරයෝ, ළමා අපචාර කාරයෝ, ගුරුවරු දැනගස්සපු අය, මාල කඩපු අය, මිරිස් කුඩු ගහන අය, වැලි ජාවාරම් කාරයෝ, කුඩු කාරයෝ, සින්නක්කර හොරු රජ කරවන පවුල් පාලනයක්ද එනවා කියන්නේ...? උන් එලවලා හුඟක් කල්.. උන්ට ආයේ එන්න බැහැ...
athuraSaturday, 10 August 2019 04:53 AM
හීනයක් ගැන කියනවද? අනාවැකියක් කියනවද? නැතිනම් පිස්සුවෙන් කියවනවද?
Athula k Friday, 09 August 2019 09:39 AM
දාපු සද්දේ වැඩ කරලා වගෙයි...