( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තම නායකත්වයෙන් යුතු "අපේ ජන බල පක්ෂය" කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (13) රිට් පෙත්සමක් ගොනු කරනු ලැබූහ
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නලින් අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කාර ඥානසාර හිමියන් සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ අන්තර්ගත දිවුරුම් පෙත්සමක පවතින බව කියන දෝෂයක් හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා කටයුතු කළ බවත් ,මැතිවරණ නීතියට අනුව එවැනි කරුණු සම්බන්ධයෙන් නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට තේරීම්භාර නිලධාරීන්ට බලයක් නොමැති බවය
මේ හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති.
එමෙන්ම පෙත්සම් විභාගය අවසන් වනතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, ප්‍රතික්ෂේප කළ සිය නාම යෝජනා පත්‍රය යළි බර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම මඟින් ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම බලරහිත කරන්නයි ඥානසාර හිමියන්ගෙන් පෙත්සමක්
Samitha Senaka Aluthgamage. Wednesday, 13 May 2020 11:58 AM
අනේ දෙවියනේ !!! අපේ ශාසනයට ගිය කලක්. ලෝක සත්වයාගේ යහපත වෙනුවෙන් සිදුහත් කුමාරයා සක්විති රජකම අතහැරියා. ඒත්, අද තත්වය... බුද්ධ චීවරය කිලිටි නොකොට ගිහියන් ලෙස දේශපාලනය කරන්න බැරි ඇයි? ඒ අතින් බලනවිට වෙනත් ආගම් වල පූජ්‍ය පක්ෂය අපේ අයට වඩා ඉදිරියෙන්...
Mahesh Wednesday, 13 May 2020 12:10 PM
සාධාරණයක් වියයුතුය. ව්‍යවස්ථාව කඩපු සිරිසේනට කොහොමද ඡන්ද ඉල්ලන්න ඉඩ දුන්නේ? ඔහු දින්නත් ව්‍යවස්ථාව කඩපු නිසා මන්ත්‍රී ධුරය අහෝසි වෙන්න ඕනෑ...