IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නියෝගයට එරෙහි විරෝධතාවක්



 
( පුෂ්පකුමාර ජයරත්න )
 
කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
 
  කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට හිතවත් විශාල පිරිසක් කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට පැවති මෙම විරෝධය එක්ව සිටියහ.
 
" නීතිපති සමගි ජන බලවේගයට කඩේ යයි , වරෙන්තු නැති වරදකට නීතිපති වරෙන්තු ඉල්ලුවේ ඇයි ?, රජයේ නිලධාරීන් බිය වද්දන නීතිපති මාෆියාවට එරෙහි වෙමු , පුරාවිද්‍යා කොමසාරිස්ගේ දෙබිඩි පිළිවෙත හෙළා දකිමු   පුරාවිද්‍යා රක්ෂිතයක්නම් ගණිකා මඩම් දමනතුරු නිහඬ වුණේ ඇයි " ආදි වැකි සඳහන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස පැයකට අධික කාලයක් පැවති වැසි තත්ත්වයද නොතකමින් විරෝධතාවයෙහි නිරත වූහ.
 
රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා ඇතුළු එම කාර්යමණ්ඩලයේ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය සිකුරාදා (7) කුරුණෑගල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
 
ඒ අනුව අද දිනයේ ඔවුන් පස්දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණයට බාරනොවී අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා විය. 
 



අදහස් (34)

කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නියෝගයට එරෙහි විරෝධතාවක්

Saneera Monday, 10 August 2020 04:51 AM

ලංකාවේ තාම ලෝකෙ ඉන්න හොදම වහල්ලු ඉන්නෙ පුදුම දුකක් තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන.

:       0       732

Malika Monday, 10 August 2020 04:58 AM

ජය වේවා. දැන්මම වැඩ පටන් අරන්. අපේ රටට, නීතියට දෙවියන්ගේම පිහිටයි.

:       2       542

ලොකුබණ්ඩාර Monday, 10 August 2020 05:49 AM

දේශපාලන බත් බැලයින් තවමත් වහල්කම් කරන හැටි හරි අපූරුවට පේනවා. සිස්ටම් චේන්ජ් එකක් මේ කපේදි වෙන්නෙ නෑ කවුරු බලයට ආවත්.

:       0       557

kamal Monday, 10 August 2020 05:55 AM

අත්අඩංගුවට ගත්තගමන් රෝහල් ගතකරාවී. මොකටද ඔය විරෝධතා.

:       0       246

සපුමල්.(Sapumal.)Monday, 10 August 2020 07:10 AM

රෝහල් ගතකරත්, නොකරත් ඒ මිනිසුන් විරෝධතා කළ යුතුයි නේද? මොකටද විරෝධතා කියන්නේ... ඒ මිනිසුන් ඉල්ලන්නේ සැබෑ නීතියයි...

:       0       0

ranjith Monday, 10 August 2020 05:56 AM

මිනිස්සු නීතිය අතට ගැනීම රටට යහපත් දෙයක්ද.?

:       0       180

Lakmal Monday, 10 August 2020 06:15 AM

රුපියල් දහ දාහක් වියදම් කරාම මේ වගේ ටිකක් එකතු කර ගන්න පුලුවන්.

:       0       33

saman Monday, 10 August 2020 06:19 AM

උපරිම දඬුවම දිය යුතුයි. නූගතුන් රජවීම වැළැක්විය යුතුයි.

:       0       0

Rata Perata Monday, 10 August 2020 06:25 AM

පුරාවස්තුව කඩපු කෙනාගේ රෝමකූපයක්වත් හොලවන්න දෙන්නේ නැහැ කියපු කෙනා ඉහළින්ම දිනවපු අය ඉන්න පැත්තේ... මේ උද්ඝෝෂණ ගැන කවර කථාද?

:       0       15

එම්. විජය බණ්ඩාර Monday, 10 August 2020 07:22 AM

කොහොමත් ලංකාව හැදෙන්න සංස්කෘතික පරිවර්තනයක්, සංස්කෘතික පිපිරීමක් වෙන්න ඕනෑ. රනිල් 2002 ශ්‍රී ලංකා වැඩ පිළිවෙළ ගෙනැල්ල කරන්න හැදුවේ ඒක. නමුත් අපේ සංස්කෘතික නහරේ කපන ඔපරේෂන් එක බටහිර ගැති නායකයෙක් අතින් වෙන එකට සිංහලයා කැමති නෑ. අනිත් එක බටහිර ගැති නායකයෙක් සංස්කෘතියට අත තිබ්බොත් ඒක බටහිර වුවමනාවන්ට වුණු දෙයක් කියලා අපිට සැක හිතෙනවා. අකමැත්තෙන් වුණත් ඒ සංස්කෘතික නහරෙ කපන ඔපරේෂන් එක මහින්ද මැතිතුමා අතින් කෙරෙන්න නියමිතයි. සංවර්ධනය කරද්දී ඉතිහාසය, සංස්කෘතිය ලේයර් විදියට එක උඩ එක තියාගෙන යනවා මිසක් සැලඩ් එකක් විදියට තියාගන්න ගියොත් ඒ රට දියුණු කරන්න බෑ.. කුරුණෑගල රාජ සභා මණ්ඩපේ ඩෝසර් කරන වැඩේදී සිංහලයා කිසිම බයක් සැකක් නැතුව තියටර් එකට ගිහින් නිර්වින්දනය වුණා. දැන් තියෙන්නේ ඔපරේෂන් එක කරන්න. සිංහලය ඇත්තටම සංස්කෘතියට ඔය තරම් ආදරේ නම් මෙහෙම උද්ඝෝෂණ කරාවිද? නෑ ඇත්තටම සිංහලයාට සංස්කෘතිය එපාවෙලා තියෙන්නේ...

:       0       0

අමර Monday, 10 August 2020 07:23 AM

සිංහල රජ සමයට අයිති දේ වැනසුවාම හුරේ දාන්නේ ඇයි?

:       0       0

මාරයා Monday, 10 August 2020 07:38 AM

වැරැද්දට සහයදීම, අනුබල දීම දෙකම වැරද්දක්, මේ විරෝධතාවේ ඉන්න ඔක්කොම අත්අඩංගුවට එම නීතිය යටතේ ගන්න.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 10 August 2020 07:46 AM

මේ කුරුණෑගල මිනිස්සු වලිගේ පාගා ගත්තාට මෙතන කිසිදු දේශපාලනයක් නැහැ. මේක අධිකරණ ක්‍රියාමාර්ගය ක්. රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීතිපති ඒ ගැන ක්‍රියා නොකොට ඒක ක්‍රියාත්මක කරන්න කුරුණෑගල මිනිස්සුන්ට දෙන්න වෙන්න ඇති කියන්නේ. මෙහෙමත් අමන මිනිසුන්.

:       0       0

Bandu Monday, 10 August 2020 07:49 AM

මේ වගේ අය ඉන්නකම් අපේ රටවල් වලට කවදාවත් නැගිටින්නට බෑ.

:       0       0

lal Monday, 10 August 2020 07:50 AM

නිතිපතිට පක්ෂයක් නැහැ. නිතිපත් ඉන්නේ රටක මේ වගේ අපරාධ වුනහම නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. රටේ පුරාවිද්‍යත්මක දේවල් ඩෝසර් කරලා දැන් අහනවා නිතිපති විපක්ෂයේද කියලා. මේ අය හිතන් ඉන්නේ නිතිපතිට පක්ෂයක් අනුව වැඩ කළ යුතුයි කියලා

:       0       1

Dayan Monday, 10 August 2020 07:55 AM

ජොනීගේ නීතිය කුරුණගලෙහි පවතී.

:       0       1

sugath Monday, 10 August 2020 07:57 AM

මම හිතනවා ඕවා කළා කියලා ජනාධිපතිතුමාගෙන් මොවුන්ට සමාවක් ලැබෙයි කියලා.

:       0       1

pradeepa Monday, 10 August 2020 07:58 AM

බහුතර ජනතාව කියනවානම් අත්අඩංගුවට ගන්න එපා කියලා අපි ඒකට ඉඩ දෙමු.

:       0       1

SL Monday, 10 August 2020 08:06 AM

නගරාධිපති ගෙ ත්‍රි-වීල් බජාරෙක ද මේ?

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 10 August 2020 08:08 AM

කව්ද කාටද කඩේ යන්නෙ කියන එක නෙමේ ගැටලුව.... මේ ප්‍රාථමික දේශපාලනය දැන්වත් මේ රටින් තුරන් කරලා දමන එකයි විය යුත්තෙ....

:       0       1

Nuwan Monday, 10 August 2020 08:28 AM

උඹලකඩ විකුනන්න ඇවිත් ලංකාවේ පදිංචි වුණු අය.. දැකලා නැතිනම් බලාගන්න මෙහෙම ජාතියකුත් ලංකාවේ ඉන්නවා.

:       0       0

දිමුත් Monday, 10 August 2020 08:31 AM

මේ දේශපාලු ගොට්ටන්නේ..

:       0       1

විජිත් Monday, 10 August 2020 08:34 AM

බයියන්, ටෝයියන්, න්‍යෂ්ඨයින් සහ බ්‍රෂ්ටයින් දැකගන්න කදිම අවස්ථාවක්.. ඉතා දියුණු රටවල සත්ව උද්‍යානවල පමණක් සිටින මොවුන් මේ ධර්මද්වීපයේ ලක්ෂ 69 කට අසන්න ප්‍රමාණයක් මැරී නොමැරී මෙන් දේශපාලුවන්ගේ ඉඳුල් කමින් ජීවත් වේ.

:       0       29

janahitha Monday, 10 August 2020 09:53 AM

බුවනෙක භාහු රජු දන්නෙත් නැතුව ඇති එයාගේ නමට මෙහෙම ගොඩනැගිලි තියෙනවද කියලා.

:       0       0

මෝ Monday, 10 August 2020 10:33 AM

ඉතාම නින්දිතයි. මෙය අධිකරනයට අපහාස කිරීමක්. ඇමති මඩුල්ල පත්වීමටත් පෙර සිදුවීම් මෙසේ නම් මේ රජයත් යන්නේ පෙර මගමයි. ජනාධිපති තුමනි අප විශ්වාස කලේ ඔබතුමා පමනි.

:       0       10

ලුම්බිණි Monday, 10 August 2020 10:53 AM

මෙහෙම අයත් එක්ක අපි කොහොමද රටක් හදන්නේ?

:       0       0

වැල්ලව සුමංගල හිමි කුරුණෑගල Monday, 10 August 2020 11:29 AM

මේ නගරාධිපති අපේ කුරුණෑගලට පිළිලයක්.

:       0       0

Lankan Monday, 10 August 2020 11:47 AM

කුරුණෑගල ජනයා පිළිබඳ මෙම විශිෂ්ට උදාහරණය. ඒවාට පුරාණ වටිනාකමක් නැත.

:       0       0

Prasad Monday, 10 August 2020 12:06 PM

2/3 දීලා රටේ ජනතාවට හුලං වගේ...

:       0       5

විජේ Monday, 10 August 2020 12:56 PM

අනේ නිකං පිස්සු කරන්නේ නැතුව පලයල්ලා යන්න. මේක එක්කෝ එතනෝල් ජොනීගේ වැඩක්.., නැත්තං සිරිගේ වැඩක්...

:       0       0

Keppetipola Monday, 10 August 2020 01:41 PM

දැන්මම වැඩ පටන් අරන් වගේ. ගෝඨාභයට වැඩක් කරන්න දෙන්නෙ නැති පාටයි.

:       0       0

සත්‍යාපල - මාතර Monday, 10 August 2020 01:52 PM

කොතරම් බලවත් ආණ්ඩුවක් වුනත්, අධිකරණයේ ස්වාධිනත්වයට අතගසනු එපා. මහන්ද මහත්තය වරක් පැරදුනෙත් ඕන නැති නාඩගං කරන්න ගිහිං. අමතක කරන්න එපා, නැවතත් ඡන්දයක් එනවා. ඒක හිතාගෙන වැඩ කරන්න.

:       0       8

විජිත් Monday, 10 August 2020 03:20 PM

"බයියන් සහ ටෝයියන්ගේ සංදර්ශන දැන් ඉතින් හැමදාම ඔබට නොමිලේම නරඹන්නට හැකිවේවි..."

:       0       0

Perera Tuesday, 11 August 2020 03:43 AM

නීතියේ ආධිපත්‍ය පිරිහුණ රටක් බවට මෙවැනි විරෝධතා තහවුරු කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 114 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 103 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 411 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 499 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 390 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1752 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 273 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site