IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගලින් හමුවූ පොසිලය පුරා විද්‍යාවේ පරීක්ෂාවට

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ වැසිකිළි වලක් කැනීමේදී හමුවූ ඉපැරැණි පොසිලය අද ( 10 ) පෙරවරුවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ පරීක්ෂාවට ලක් වූහ .

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් අනුව කැණීම් අංශයේ නිලධාරිනි සුදේනී රණසිංහ සහ ගවේෂණ නිලධාරිනි උදේනී වික්‍රමසිංහ මහත්මීහු එම පොසිලය පරීක්ෂාවට ලක් කළහ . 

පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී හමුවුනු මෙම පොසිලය දැඩි ලෙස ඝනීභවනය වී ඇති බවද දැකගන්නට ලැබුණු පොසිල කොටස් අනුව මෙය උරගයෙකුගේ විය හැකි යැයි සැක කරන බවද පැවසූ පුරා විද්‍යා නිලධාරීහු  ඉදිරියේදී මෙම ස්ථානය කැණීමට ලක් කරන බවද පැවසූහ .

එහිදී ස්ථිර වශයෙන්ම මෙම පොසිලය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත හැකි බවද එතෙක් හානියක් නොවන ආකාරයට වැලි ස්ථරයක් යොදා එම පොසිලය ආරක්ෂිතව තැබීමට ⁣පියවර ගත් බවද කැණීම් නිලධාරිනි සුදේනී රණසිංහ මහත්මිය පැවසුවාය  .

තෝරයාය නාරම්පනාව පදිංචි මිල්ටන් සෝමරත්න මහතාගේ නිවසේ වැසිකිළි වලක් කැපීමේදී මෙම පොසිලය හමුවී තිබේ.

 

 

 



අදහස් (1)

කුරුණෑගලින් හමුවූ පොසිලය පුරා විද්‍යාවේ පරීක්ෂාවට

mangala Tuesday, 12 May 2020 12:53 AM

වැඩේ හරියට කරයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 100 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 259 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 671 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 954 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 348 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 170 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site