IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කුරුණෑගලින් හමුවූයේ පොසිලයක් නොව හුනුගල් ස්ථරයක්

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල තෝරයාය නාරම්පොළ ප්‍රදේශයේ කැණීමකදී හමුවූයේ පොසිලයක් හෝ සත්ත්වයකුගේ ඉපැරැණි අස්ථි කොටස් නොව කාලයක් තිස්සේ ⁣පස් තට්ටු අතර ඝනීභවනය වීමකට ලක්වූ හුනුගල් පාෂාණ ස්ථරයක් බවට විද්‍යාගාර පරීක්ෂණ වලින් තහවුරු වූ බව  පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයේ පුරාවිද්‍යා විශේෂඥ කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා ප්‍රකාශ කළේය.

පොළොව මතුපිට තිබූ හුනුගල් පාෂාණ විවිධ පාරිසරික සාධක මත පොළොව ගැඹුරේ තැම්පත් වීමෙන් නිර්මාණය වූ හුනුගල් පාෂාණ තට්ටුවක් මෙසේ හමුවී ඇති බව ඒ මහතා සඳහන් කළේය .

වැසි ජලයත් සමග පැමිණ ඇති හුනුගල් පාෂාණ මෙම ස්ථානයේ මේ ආකාරයට තැම්පත් වී ඇති බවද ඒවා වවුල්පනේ හුනුගල් ගුහාවේ නිර්මාණය වී ඇති හුනුගල් ස්ථර හා සමාන බවද පුරාවිද්‍යා කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා පැවසීය .

නාරම්පොළ පදිංචි මිල්ටන් සෝමරත්න මහතාගේ නිවසේ වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 10 ක් පමණ ගැඹුරේදී පස් අතර තිබී හමුවූ මෙය ඉපැරණි පොසිලයක් හෝ සත්ත්වයෙකුගේ අස්ථි කොටස් විය හැකි බවට මුලින් අනුමාන කෙරිණි .

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි අධිකාරි මහත්වරුන්ගේ උපදෙස් අනුව කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා මෙම පරික්ෂාව සිදු කළහ .



අදහස් (2)

කුරුණෑගලින් හමුවූයේ පොසිලයක් නොව හුනුගල් ස්ථරයක්

Hela rakus Monday, 25 May 2020 09:51 AM

මගේ පරීක්ෂණවලින් මේක රාවණා රජතුමාගේ කාලයට අයිති යෝධයෙකුගේ පොසිලයක් බව තහවුරු වුණා...

:       87       3

දයාන්ජය Monday, 25 May 2020 10:11 AM

'මේක මානව අස්ථි නොවේ. හුණුගල්වලම කොටස් වගේ පේන්නේ'... යනුවෙන් ප්‍රතිචාරයක් පල වුනා. සමන්ත යන අයෙක් එය ලියා තිබුණා.. ඒ මුල්ම හෙළිදරව්වට... ඔහුට හෝ ඇයට හොඳ විෂය දැනුමක් ඇති... ඉතින්, ඔබ ගැන ආඩම්බරයි. අගය කිරීම උදෙසා මෙය ලියා එවමි...

:       0       78

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 77 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 172 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 221 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 375 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 130 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1589 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site