(සුජිත් හේවාජූලිගේ)
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදී පැවති ශ්‍රී ලංකා- එංගලන්ත දිවා-රාත්‍රී ක්‍රිකට් තරගයේදී දෙස් විදෙස් නරඹන්නන් පිරිසකට නීති විරෝධී අන්දමින් මත්පැන් විකිණූ තරුණයන් දෙදෙනෙකු මත්පැන් ද සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ නගර සුරාබදු ස්ථානය පවසයි.
සැකකරුවන් නරඹන්නන්ට මෙසේ දී ඇත්තේ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා හා වයින් යනාදී මත්පැන් යැයි කොළඹ නගරය සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා ‘ලංකාදීපය’ට පැවසීය.
වායුසමීකරණය කළ විශේෂිත කුටියක සිට දෙස් විදෙස් සංචාරකයන් පිරිසකට ක්‍රිකට් තරගය නැරඹීමට සලස්වා මෙම මත්පැන් පිළිගැන්වූ බවත් මෙම කුටියේ සිට තරගය නැරඹීය සඳහා අයකුගෙන් රුපියල් 20,500 බැගින් අය කර තිබූ බවත් හෙළවී ඇතැයි සුරාබදු ස්ථානාධිපතිවරයා පැවසීය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන ආයතනයක් මුල් වී මෙම ජාවාරම කර ඇති බවත් සැර මත්පැන් ද සමඟින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා අවුරුදු 24 හා 26 යන වයස්වල පසුවන්නන් බවද හෙළි වී ඇත.
මෙම ක්‍රීඩංගනයට මත්පැන් ගෙනයාම තහනම් බවත් ආරක්ෂක මුර කපොලුවලින් වසන් වී මේ ස්ථානයට මත්පැන් ගෙන ගියේ කෙසේදැයි සොයා බලන බවත් චානක නානායක්කාර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ක්‍රිකට් තරඟය අතරතුර මත්පැන් අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට