IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනී යනවා

(***රංජන් කටුගම්පොළ සහ ***තිළිණි ද සිල්වා)

 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත් යම් හෙයකින් මෙම පෙත්සම  විභාගයට  අවසර දී පෙත්සම  විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් දුනහොත් මැතිවරණ පැවැත්වීමට වසර ගණනාවක් යන බවත් මින්  කියැවෙන්නේ මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ආචාර්ය  ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පැවසීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච  පුද්ගල විනිසුරු මඩුල්ලේ  සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක  අලුවිහාරේ, සිසිර ද අබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ පසිත් මලල්ගොඩ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
පෙත්සම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කාර ආචාර්ය ගුණදාස  අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා තවදුරටත් මෙසේ පැවසීය.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ වෙනස්  පාර්ශවකරුවන්ගේ වුවමනා එපාකම් මතය. මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ දේශපාලන වාසි ලබාගැනීමේ  අරමුණින් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාගේ කරුණු දැක්වීමට  මා එකඟ වනවා.
දැන් අපි බලමු මෙම පෙත්සම් ඉදිරියේ ඇති අය කවුද කියලා. මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු යන දෙදෙනා ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලියපු අයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත්  මද්දුම බණ්ඩාර සහ කුමාර වෙල්ගම ජනාධිපතිවරයාගේ දේශපාලන එදිරිවාදීන්. රවුෆ් හකීම්  සහ ආරියවංශ දිසානායකත් ජනාධිපතිගේ දේශපාලන විරුද්ධවාදීන්.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකිනෙක වෙනස් මත දරනවා. ඔවුන් දෙකට බෙදී අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනවා. මහාචාර්ය හූල් කියනවා නිවාඩු දිනවල නාමයෝජනා බාර ගැනීම වැරදියි කියලා. හැබැයි ඔහු නිවාඩු  දිනවල නාමයෝජනා බාරගැනීමට එකඟ වුණා. පස්සේ ඒක වැරදියි කියලා උසාවි එනවා.

මේ අවස්ථාවේදී ජනාධිපති  නීතිඥවරයා ඉංග්‍රීසි පුවත්පතක පිටුවක්  අධිකරණයට ඉදිරිපත් කරයි.

 මෙම ලිපියේ මැතිවරණ කොමිසමේ  සභාපතිවරයාගේ ප්‍රකාශයක් සඳහන් වනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව මැතිවරණ පැවැත්වීමට කටයුතු යොදන බව ඔහු කියනවා.

අපි මෙහෙම හිතමු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කර  පෙත්සම විභාගය අවසන් වනතුරු අතුරු නියෝගයක් නිකුත් කළහොත් වසර ගණනාවකට මැතිවරණය තියන්න වන්නේ  නැහැ.  මැතිවරණ කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනෙනවා.

අතරමැදි පෙත්සම්කරුවකු වන මල්වතු  පාර්ශවයේ දකුණු ලක ප්‍රධාන අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් අධිකරණයට ඉදිරියේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මෙසේ පැවසීය.

ඉදිරිපත් කර ඇති පෙත්සම් කිසිවකින් වග උත්තරකාර පාර්ශවය හිතාමතාම ද්වේශ සහගත අන්දමින් නීති විරෝධි ක්‍රියාවක් සිදුකර ඇති බවට කිසිදු සඳහනක් කර නැහැ.

වගඋත්තරකරුවන් සිය පියවර ගෙන ඇත්තේ තමන්ට පාලනය කළ නොහැකි ක්‍රියාවක් හේතුවෙන් බව සියලු පෙත්සම්කරුවන් පිළිගෙන තියෙනවා.  

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ  නිත්‍යානුකූල අන්දමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (1) වගන්තිය අනුව නව පාර්ලිමේන්තුව රැස්වන තුරු ජනාධිපතිවරයාට සහ අමාත්‍ය  මණ්ඩලයට රට පාලනය කිරීමේ පූර්ණ බලය තිබෙනවා.
 රට තුළ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මැතිවරණය නිසි දින පැවැත්වීමට නොහැකි වූ බව පෙත්ම්කරුවන්ට සිය පෙත්සම්වලින් පෙන්වා දෙනවා.


එසේ නම් නීත්‍යානුකූල ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ප්‍රකාශය  බලශූන්‍ය කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ කෙසේද?
නිවැරැදි දිනයට පාර්ලිමේන්තු මහ මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසමට පෙත්සම්කරුවන් චෝදනා එල්ල කරනවා. මේ අවස්ථාවේදී අධිකරණයේ අවධානය එක්තරා වැදගත් මූලධර්මයක් වෙත යොමු කරනවා. එය අවශ්‍යතාවේ පොදු නීතිය පිළිබඳව මූලධර්මය Common Law Doctrine of necessity) මේ පිළිබඳ වැදගත් නඩු තීන්දු කිහිපයක් පාකිස්ථාන් ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රකාශ කර තිබෙනවා. බෞම් නස්රාන් බූවෝට එදිරිව හමුදා මාණ්ඩලික ප්‍රධානි පයාස් සහිර් අලිෂා එදිරිව ජනරාල් ප්‍රවේෂ් මුෂාරෆ්  නඩු තීන්දුව මේ අනුව යුද හමුදාව රාජ්‍ය බලය ලබාගැනීම සාධාරණය කළා. ඒකට හේතුව ඒ අවස්ථාවේදී ප්‍රබලව රට තුළ පැතිර ගොස් තිබූ දුෂණය ආර්ථිකය කඩා වැටීම හා ඒකාධිපතිපාලනයයි. මෙම හේතු මගින්  හමුදා  ක්‍රියාමාර්ගය සාධාරණිකරණය කළා. මෙතැනත් ඇතිවී ඇත්තේ එම  තත්ත්වයක්. කොවිඩ් හේතුවෙන් මැතිවරණය කල්ගියා.


සාමාන්‍යයෙන්  මූලික අයිතිවාසිකම්  පෙත්සමක් මාස 2ක් ඇතුලත විභාග කළ නොහැකිය. ඒ නිසා පෙත්සම නිෂ්ප්‍රභ කරනවාද, එහෙම  වන්නේ නැහැනේ. මෙතැනත් ඇත්තේ එවැනි තත්ත්වයක්. මාස 3ක් ඉක්ම ගියයි කියලා ජනාධිපතිගේ ප්‍රකාශය අවලංගු කළ හැකිද
අතර මැදි පෙත්සම්කාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙසේ පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි.

එය අනිවාර්ය නැහැ. එම වගන්තිය අනිවාර්යය නොමැති නිසා තමයි පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (3) වගන්තිය අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ දින වෙනස් කිරීමේ බලය ලබා දී තිබෙන්නේ. අද වාගේ කොවිඩ්  වසංගතයක් ඇති වී තිබෙන තත්ත්වයක් තුළ මැතිවරණය පැවැත්වීමේ දින වෙනස් කිරීමේ බලය මැතිවරණ කොමිසමට තිබෙනවා.

ජනාධිපතිවරයා පළමුවන වරට මැතිවරණ දින නියම කරන්නේ අමාත්‍ය කාර්යයක් හැටියටයි. ඔහු සිය ව්‍යවස්ථාපිත කාර්යය සිදු කරනවා පමණයි. එය වෙනස් කිරීමේ අභිමතානුසාරි බලයක් නැහැ.

අතරමැදි පෙත්සම්කරුවකු වන මහාචාර්ය සුදත්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා මෙසේ පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය සිදුකර  මාස 3ක් ඉක්ම ගොස් ඇති බැවින් එම ප්‍රකාශය අවලංගු කළ යුතු බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිනවා.

අපි මෙහෙම හිතමු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාස 2ක් ඇතුළත විභාග කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීම අනිවාර්ය නැහැ.

හැබැයි අනිවාර්යෙන්ම සිදු කළ යුතු වගන්තින්ද ව්‍යවස්ථාවේ සඳහන් වනවා.

ඉන් එකත් තමයි විධායක ජනාධිපතිධූරය හිස්වී සති දෙකක් ඇතුලත එය පිරවිය යුතුය. එම කාලය තුළ යම් අකරතැබ්බයක් සිදුවුවහොත් ඒ සඳහා ගත යුතු පියවර එහි සඳහන් වනවා.

අනෙක් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කාර්යය තමයි දින 14 ක් ඇතුළත ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත්කළ යුතු බව. එසේ කිරීමට නොහැකි වුවහොත් ඊටද ප්‍රතිපාදන තිබෙනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් කළ යුතු දේ එහි සඳහන්  නැහැ. ඊට විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේයි. ඒ පියවර ගත යුත්තේ මැතිවරණ කොමිසමයි.

දේශපාලන ප්‍රශ්නයකට අධිකරණය මැදිහත් නොවිය යුතු බවට එක්සත් රාජධානියේ නඩු තීන්දුවක පැහැදිලිව සඳහන් වනවා.
දැන් අපි බලමු කොවිඩ් 19 වසංගතය ලෝකයේ පැතිරී ඇති ආකාරය, ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානියේ සියයට 14 ක් වැනි ඉහළ ප්‍රතිශතයක රෝගීන් ප්‍රමාණයක් මියයනවා. එක්සත් රාජධානියේ සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙක් මියගියා. දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය කොහොමද? ශ්‍රී ලංකාවේ රෝගීන් මියගොස් සිටින්නේ 10 දෙනෙකු පමණයි. එය සියයට 0.8 කටත් වඩා අඩු ප්‍රතිශතයක්. අපි කොවිඩ් මනාව පාලනය කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමට ඉතා හොඳ වාතාවරණයක් තිබෙනවා.

නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනකු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රාජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.

ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.

කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.

ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට  මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධි බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

එමඟින් මූලික අයිතිවසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.
එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.

එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
වැඩිදුර විභාගය අද (29) පැවැත්වේ.



අදහස් (4)

කොමිසම වක්‍රාකාරයෙන් පෙත්සම්කරුවන්ට සහයෝගය දක්වන බව පෙනී යනවා

Cisco Friday, 29 May 2020 09:40 AM

කොහොමත් මැතිවරණ තියන්න එපා කියනඑක එක පැත්තක අයගේ කැමැත්ත. මතකනේ පසුගිය පාලන සමයේ මොන හේතුවක් හදාගෙන හරි මැතිවරණ තියෙන එක නැවැත්තුවා. මේ රටට අවශ්‍ය මැතිවරණ තුනයි. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය. මෙයින් දෙකක් එනම් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකවර තැබිය හැකියි. එහෙම නැතිව මේ කරන විකාර නම් කිසි වැඩකට නැති ජනමතයට එරෙහිව යන ක්‍රමයක්.

:       165       48

K pERERA Friday, 29 May 2020 11:13 AM

එතකොට පළාත් සභා මැතිවරණය! අමතක වුණාද? ඒක කෙසේවුණත් කොරෝනා ඉවර වෙනකම් අපිට මැතිවරණයක් දැන් අවශ්‍ය නැහැ...

:       0       19

lalithmFriday, 29 May 2020 12:48 PM

පලා බබා මොනවටද? ඒ අය මොනවද රටට කරන්නේ...? අපේ සල්ලිටික කන එක විතරයි.

:       0       2

ganga Monday, 01 June 2020 03:46 PM

බෙදුනු තීන්දුව 4.1 ද? 3.2 ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 850 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 352 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 798 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 790 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 306 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 491 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1429 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site