( +++ සුජිත් හේවාජුලිගේ)
කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීමක් එම කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
ආන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව හමුවේ ලබන 19 වැනිදා බදාදා පෙනී සිටින්නැයි එම කමිටුව ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය.
එසේ දැනුම් දුන් පසුව ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති මහතා අමතා සිද්ධිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු නිසා කමිටුව හමුවට ඒමට වෙනත් දිනයක් ඉල්ලා ඇත.
එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇති හඳුන්නෙත්ති මහතා 19 වැනිදා හැර වෙනත් දිනයක් ලබාදීමට හැකියාවක් නැතැයි දන්වා ඇත.
ශ්‍රීලංකන් සමාගමේ වත්මන් පාලකයන් සමාගම බාරගැනීමට පෙර සිදු වූ සිද්ධියක් විගණන වාර්තා පදනම් කරගෙන සාකච්ඡා කිරීමට අමතර කාලයක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද පැමිණීමට නොහැකි නම් ඇත්ත හේතුව කියන්නැයි ද කෝප් සභාපතිවරයා ගුවන් සමාගම් ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දී ඇතැයි දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ඊයෙ කළ විමසුමකදී ඔහු පැවැසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවන දිනය කිසිවිටෙකත් වෙනස් නොකරන බවය.
මේ අතර ගුවන් සමාගමේ ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් තවත් වාර්තා ඇත්නම් ඒවා නොපමාව ලබාදෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා රජයේ විගණකාධිපතිවරයාට දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපතිවරයා හා රජයේ විගණකාධිපතිවරයා අතර සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.
ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා මැතිබසයේදී පැවැත්වේ.
මේ අතර විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානීන් ලබන 18 වැනිදාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ලබන 19 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෝප් කමිටුව ශ්‍රී ලන්කන් ඉල්ලීම ඉවත දමයි
මංජුල Friday, 14 February 2020 06:41 AM
මෙයාලා කැදවනවා ප්‍රශ්න කරනවා වාර්තා හදනවා පාර්ලිමේන්තු දානවා විවාද කරනව එත් මේ වනතුරැ කරපු දඬුවමකුත් නෑ හිරෙ ගිය කෙනෙකුත් නැහැ.
Nimal Friday, 14 February 2020 07:17 AM
කොන්ද පන ඇති කෝප් කමිටුවේ ගරු සබාපති තුමන්ට අපගේ ආචාරය.
Mahee Friday, 14 February 2020 08:49 AM
සුනිල්...., මම ජ.වි.පෙ. ට කැමති නෑ. හැබැයි, ජ.වි.පෙ. නොහිටින්නට මොවුන් පිස්සු කෙලින එකේ සීමාවක් නැහැ කියලත් මං දන්නවා. ඒ හින්දා මං ඔබට ඉතාම ඉහළින් ගරු කරනවා. රට සුරැකීමට ඔබ කරන මෙහෙය විශිෂ්ඨයි.
sam Friday, 14 February 2020 09:20 AM
මේකෙන් වෙන්නේ මේ නිලධාරීන් කෝප් කමිටුවට ඇවිත් කිසිම දෙයක් නොදන්නා බව ප්‍රකාශ කිරීමයි. මේ සිද්ධිය ගැන අධ්‍යයනය කිරීමට කාලය ඉල්ලූ නමුත්, කාලය නොලැබුණු බැවින් කිසිම දෙයක් නොදන්නා බව ප්‍රකාශ කළාම ගත හැකි ක්‍රියාමාර්ගයක් තියනවද? නීතිය සහ කොමන් සෙන්ස් දෙක අතර වෙනස හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට මීළඟ මැතිවරණයෙන් පස්සේ නිවාඩුපාඩුවේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න අවස්ථාව ලැබේවි...
දිමුත් Friday, 14 February 2020 10:46 AM
ඔය කතා, වාර්තාවලින් වැඩක් වුණාද?
Asanga Friday, 14 February 2020 11:41 AM
සුනිල් ඔබගේ තීරණය විශ්ෂ්ඨයි. කිසිම බුරුලක් නොදෙනු... මේ වගේ හොරුන්ට...