ඩී.ජී.සුගතපාල
ගාල්ල නගරයේ වෙළඳ සලකින් කප්පම් ගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළඳසල් හිමියාගේ පහරකැමට ලක්ව තුවාල ලබා මීට ටික වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
මාගාල්ල ප්‍රදේශයේ පිදිචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ක්ප්පම්කරු පිහියක් රැගෙන විත් වෙළඳසල් හිමියාගෙන් කප්පම් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා කප්පම්කරුට පහරදි ඇත.
වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කප්පම්කරු පහරකා රෝහලේ - වෙළෙඳසල් හිමියත් පුතාත් අත්අඩංගුවට
Amila Tuesday, 26 February 2019 12:40 PM
මරු වැඩනේ දැන් පොලීසියේ අය කරන්නෙ. එයාලත් සම්බන්ද දන්නේ නෑනේ කප්පම් ගන්න? අර ව්‍යාපාරිකයෝ දෙන්නා මැරුවෙත් පොලිසියේ අයමනේ. මාධ්‍ය මහත්වරුනේ පොඩ්ඩක් හොයලා බලන්න
tommy Tuesday, 26 February 2019 01:04 PM
තමන්ගේ දෙයක් කොල්ල කන්ට පැමිණි විට, මංකොල්ල කරුට පහර දීමේ වරදට වෙළඳසල් හිමියා සහ ඔහුගේ පුතුන් දෙදෙනා පොලිස් බාරයට ගෙන ඇත. අපොයි ලංකාවේ නීතියට ගිය කල!
ජයන්ත මිලානෝ Tuesday, 26 February 2019 01:24 PM
පොලිසියෙ මෙම ක්‍රියාව අගය කල යුතුයි. මෙමගින් මංකොල්ලකරුවන්ගේ ජීවිත හානි අවම කරගත හැටි අතර ඔවුන්ට නිදහසේ කප්පම් ව්‍යාපාර කරගෙන යාහැකිය.
kule Tuesday, 26 February 2019 01:42 PM
මේ සිද්ධියෙදී වාර්තාව කියවලා නිගමනයකට එන්න නොහැකියි. මන්ද වෙළද සැල තුල සිදුවූ බහින් බස් වීමකදී පහර දී පළිගැනීමේ චේතනාවෙන් පොලීසියට එලෙස පැමිණිලි කරාද දන්නෙත් නෑ නීතියේ හැටියට කාටවත් පහරදීමට කිසි කෙනෙකුට අයිතියක් නොමැති නිසා තීරණය අධිකරණයට බාරකරමු
tommyTuesday, 26 February 2019 05:46 PM
ඒ කොහේ තියෙන නීතියක්ද?
BamunuarachchiWednesday, 27 February 2019 12:38 AM
මම ඔබ සමග එකඟයි. මේ සම්බන්දව මා කියවා ඇති නීතිමය අදහසක් ලියා ඇත
vipulaWednesday, 27 February 2019 06:23 AM
හරියට කියවල අදහස් දාන්න. කඩේට ඇවිත් තියෙන්නේ පිහියක් එක්ක.
සිරිබිරිස් Tuesday, 26 February 2019 01:59 PM
මෙය අනාගතයේ පූර්වාදර්ශයක් නොවේවා. එහෙම වුනොත් රටම විනාස වේවි
saman Tuesday, 26 February 2019 02:08 PM
කප්පම්කාරයා පොලිසියෙ කෙනෙක් වෙන්න ඇති.
සෙනෙවි Tuesday, 26 February 2019 02:19 PM
කප්පම් ගන්න රත්ගම මිනී දෙකක් මරපු පොලීසියට මේව සුළු වැඩ
මැට්ටා Tuesday, 26 February 2019 02:28 PM
එතකොට ආත්මාරක්ෂාව පිළිබඳ නීතියට මොකද වෙන්නේ මහත්තයෝ? දන්නෙ නැති නිසයි ඇහුවේ.
Bamunuarachchi Tuesday, 26 February 2019 02:49 PM
කප්පම් කරු ඇවිත් තිබෙන්නේ පිහියක් අරගෙන ඉතින් කඩහිමියාට ආත්මාරක්ෂාවට මොනවා කොරන්න බැරිද? පොලිස්සිය කියන්නේ අනේ මල්ලි යං පොලීසියට කියලා එක්කන් නාවේ කියලා. ඒගොල්ලෝ අහිංසක මිනිස්සු මරලා පුච්චලත් දානවා මෙතන අපිව මරන්න ආව මිනිහාට ගැහැව්වා කියලා කඩහිමියාව හිර කරනවා.
BamunuarachchiWednesday, 27 February 2019 12:31 AM
හැබැයි පොලිසිය පැත්තෙන් මෙහෙම ප්රශ්නය තිබෙනවා කවුරුත් ගහලා තුවාල කල හොරෙක් මංකොල්ල වුවත් පොලිස්සියට බාර ගන්න බැරිය. මොකද ඒ පහරදීමට පොලිසිය වගකිව යුතු නිසා. හොරෙකුට උනත් පහර දීමේ අයිතියක් කිසිවෙකුට නැත. ආත්මාරක්ශාවට පහර දුන්නානම් හෝ මැරුවානම් උසාවියේදී තම නිදහසට කරුණු ඉදිරිපත් කර තීන්දුවක් ලබාගන්න පුළුවන්. ආත්මාරක්ෂාව ඉක්මවා කටයුතු කිරීමට නුපුළුවන. තමන්ව මරන්න පැමිණි කෙනෙකුට ආත්මාරක්ෂාව පිණිස කකුලට වෙඩිතබා බිමවැටී සිටින විට නැවත පපුවට වෙඩිතැබීම ආත්මාරක්ෂාව ඉක්මවා යාමකි එය වරදක් බව මා කියවා ඇත.
BamunuarachchiWednesday, 27 February 2019 04:24 AM
දැන් අහන්න එපා මොන නීති පොතේද තිබෙන්නේ කියලා.
සමන්ත Tuesday, 26 February 2019 04:32 PM
මේක තමා මිනිමැරුම් වලට අත දාන්න එපා කියන්නෙ බේරපු අයට හිරේ යන්න වෙනවා
sarath perth Wednesday, 27 February 2019 12:56 AM
මුදල් අයකැමි ළඟ මිරිස් කුඩු බෝතලයක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ගන්න
sam Wednesday, 27 February 2019 02:57 AM
නියම වැඩේ - එල කිරි කරපු කෙනා - ගහපියව් කප්පම් ගන්න අවොත්
latha Wednesday, 27 February 2019 03:27 AM
සමහර දියුණු රටවල අනවසරයෙන් තම ඉඩමට අතුලුවුනොත් වෙඩි තබන්න පුළුවන්. පහරදෙන්නේ නැතුව ඔලුව අතගාල පොලිසියට එක්ක යන්න වෙන්න ඇති කියන්නේ.
Bamunuarachchi Wednesday, 27 February 2019 04:22 AM
කටාර්වල පෙට්‍රල් ෂෙඩ් වල පෙට්‍රල් උපකරණය උඩ ගල්තියාගෙන ඉන්නවා. මම ඇසුවා හේතුව. ඔවුන් කීවා සමහර කටාර් කොල්ලෝ පෙට්‍රල් ගහගෙන සල්ලි නොදී යනවා උන්ට ගහන්න කියලා.
rihan Wednesday, 27 February 2019 05:21 AM
දැන් ඔක්කම කණපිට. වැරදි කලොත් නිදහස්. හොඳ කලොත් ඇතුලෙ.
Asanka Wednesday, 27 February 2019 05:47 AM
මරලම දාන්න තිබ්බේ , කොහොමත් පොලිසියෙන් කඩ හිමියව හිරේ දාන්න කටයුතු කරන එකේ මරලම දාන්න තිබ්බේ කප්පම්කාරයව , හිරේ ඉදන් වත් සැනසෙන්න තිබ්බ මේ අවනීතිය රජකරන රටෙන් එක අපතයෙක් තුරන් කළා කියල,