IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෞතුක භාණ්ඩ-මැණික් ගල් නීතිවිරෝධීව සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු, එච් චන්දන, ලලිත් නවරත්න සහ රෝවන් පෙරේරා)
             
‍ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් ඇතැයි සැලකෙන බුදු පිළිම, දේව ප්‍රතිමා සහ මැණිල් ගල් නීති විරෝධී ලෙසින් සිය නිවසෙහි සඟවා ගෙන සිටි පුද්ගලයෙකු  අද(28) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ආඩිගම බුද්ධි ආසිරිගම පදිංචි 34 වන වියැති අයෙකි.

හදිසියේ ලද තොරතුරක් අනුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් එම නිවසට ගොස් කළ සෝදිසියක දි මෙම කෞතුක වස්තූන් සොයාගෙන තිබේ.‍

මෙම වස්තූන් අතර රන් පැහැති බුදු පිළිම දෙකක්, රන් පැහැති දේව ප්‍රතිමා  දෙකක්, මැණික් ගල් බවට සැක කරන විවිධ වර්ගයේ පාටැති ගල් 12ක් තිබු බවද  පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒකකය කියයි.

මෙම පුරා වස්තුන් කිසියම් ස්ථානයකින් නිධානයක් ගොඩ දැමීමෙන් ලබා ගත් ඒවා බවට නිලධාරීහු සැක පළ කරති.

සැකකරු අද (28) ආනමඩුව  අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - එච්. චන්දන)

(ඡායාරූප - රෝවන් පෙරේරා)

(ඡායාරූප - ලලිත් නවරත්න)



අදහස් (3)

කෞතුක භාණ්ඩ-මැණික් ගල් නීතිවිරෝධීව සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 07:55 AM

නිධන් හෑරීම හොඳද නරකද කියා මං පවසන්නේ නැහැ. ඒත්, මේක මේ රටේ බලවත් අය ජයටම කරගෙන ගියා. ඒ අය තම බලය යොදාගෙන මේ දේවල් රහසිගතව කරගෙන ගියා. ඒත්, බලය නැති හෝ අඩු කෙනෙකු මේ වැනි දෙයක් කරනාවිට හසුවෙනවා. මං මේ දෙයට පක්ෂව කතාකරනවා නොවෙයි. වරද නම්, කොයි කව්රු කළත් වරදක්... අපේ රටේ ඉතා දක්ෂ නිලධාරීන් සිටිනවා. ඒත්, ලොකු තැන්ගැන පර්යේෂණ කරන්න ඔවුන්ට ඇති ඉඩකඩ අහුරා තියෙන්නේ විශේෂ වරප්‍රසාද යටතේයි. ඕනෑම කෙනෙකුගෙන් බලපෑමක් නැතිව ප්‍රශ්ණ කරන්න අවස්ථාවක් ඇති සමාජයක් තිබුණොත්, වැඩේ කොහොමද කියලා බලාගන්න පුළුවන් සමහරවිට. ඒ වගේ යුගයක් එයිද කියා හිතන්නට අමාරුයි...

:       0       165

NuwanThursday, 28 May 2020 10:26 AM

දැන් ඔය බඩු ටික අනිත් ලොක්කන්ගෙන් බේරාගන්නේ කොහොමද කියන එක තමා ලොකුම ගැටලුව!

:       0       28

UpulThursday, 28 May 2020 11:59 AM

ලොක්ක කිව්වේ අර අැටමාලයක් සහ කුන්තයක් අතේ තියාගෙන ඉන්න ගොයියද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 28 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 86 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 225 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 506 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 206 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 124 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site