IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුණු දැමූවන් ලවාම කුණු අද්දවති

(කේ. බුද්ධික කුමාරසිරි)

දොම්පේ පහුරුවෙල මාර්ගයේ  වෙල් යායක් අසළ සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගිය  පිය පුතු  දෙපළක් ලවාම එම අපද්‍රව්‍ය තොගය  යළි  වෙනත්  ස්ථානයකට  රැගෙන  යාමට අද(04)   අවශ්‍ය  කටයුතු  කළ බව   දොම්පේ පොලීසිය කියයි.
 
මෙම පිය පුතු දෙදෙනා අද (04) ටිපර් රියකින් පැමිණ දොම්පේ සිට මල්වාන දක්වා දිවෙන ජනරාල් හැමිල්ටන් වනසිංහ මාවතේ පහුරුවෙල වෙල්යාය අසලට  අපද්‍රව්‍ය  තොගය බැහැර කර ගිනි තැබීමට උත්සාහ කර තිබේ. එය දුටු ප්‍රදේශවාසියකු  පැමිණ  ඔවුන්ගෙන්  ප්‍රශ්න කිරීමේදී ඔවුන් එම ස්ථානයෙන් බැරව ගොස් ඇති අතර  අනතුරුව ප්‍රදේශවාසියා විසින් මේ පිළිබඳව පොලීසිය දැනුම් දී තිබේ.
 
වහා ක්‍රියාත්මක වූ පොලීසිය  රුවන්වැල්ල,  අමිතිරිගල  ප‍්‍රදේශයේදී  ඔවුන් දෙදනා අත්අඩංගුවට ගෙන ඔවුන් දෙදෙනා ලවාම එම අපද්‍රව්‍ය ඉවත් කරවීමට කටයුතු කළ බව  දොම්පේ පොලිසිය සඳහන් කළේය.

අපද්‍රව්‍ය තොගය කොළ‍ෙ, මාලිගාවත්ත වකුගඩු ඒකකයේ සිට කෑගල්ල ප‍්‍රදේශයට බාර දීම සදහා රැගෙන යන අතරතුර  මේ අයුරින්   මහ මග දමා ගොස් ඇති බව අනාවරණය වූ බව  පොලිසිය පවසයි.

අපද්‍රව්‍ය  අතර  ප්ලාස්ටර්, සේලයින් කටු, බෝතල් සහ සායනික පිහිතල ආදිය ඇතැයි ද පොලිසිය කියයි.

මාර්ගයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන අනුව පලා ගිය ටිපර් රථය හඳුනා ගෙන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සායනික අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවකුගේ නියෝගය මත මහ මග අතහැර ගොස් ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාර පියපුතු දෙපල හෙට (05) පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දොම්පේ පොලිසිය පවසයි.

 



අදහස් (14)

කුණු දැමූවන් ලවාම කුණු අද්දවති

Laksitha paris Wednesday, 04 September 2019 10:41 AM

හොඳ දඩයක් ගහන්න ඕනේ ...

:       2       142

හිරාන් Wednesday, 04 September 2019 10:42 AM

මේ කුණු මේ තාත්තගෙයි, පුතාගෙයි නොවන බව සහතිකයි. ඒ නිසා ඒවා දුන්නු පිරිස් ගැන පරික්ෂණයක් කළොත් හොඳයි.

:       15       87

MaheeWednesday, 04 September 2019 11:57 AM

ඔව්, අනුන්ගේ කුණු බව නිසැකයි. ඒ වුණාට මේ ගොල්ලන්ට තිබුණා නේද කුණු අතරමග දාන්න නියෝගදීපු එකාගේ ඒ නියෝග නොසලකා ඉන්න. නමුත් සල්ලි මිටියක් පෙන්නුවාම අනුන්ගේ කුණු අදින්න කැමැත්තෙන් එන්න ඇති. සල්ලිවලට නැත්නම් නායකයාගේ කීම හින්දා අනුන්ගේ කුණු අදින, කුණු හෝදන ආචාර්ය මහාචාර්යවරුත් ඔය ඉන්නේ...

:       0       52

විජිත් Wednesday, 04 September 2019 10:45 AM

අනිවාර්යයෙන්ම මේ පිටුපස දේශපාලුවෙක් සිටීමේ සම්භාවිතාව වැඩියි. ලංකාවේ ටිපර්රථ වලින් වැඩිම ප්‍රමාණයක් අයත්වන්නේ දේශපාලුවන්ටයි. එ්ක නිසා තමයි ටිපර්රථ පදවන "මාරයෝ" මහමග මිනී මරන්නේ... මොකද දේශපාලුවා ඇවිත් මාරයාව ඇප දීලා බේරාගන්නවා. ඔය අපද්‍රව්‍ය ඔක්කොම ටිපර් අයිතිකාරයාගේ ගෙදරට ගෙනගොස්.. මීට සම්බන්ධ කට්ටියටම "කැවිය" යුතුයි.

:       0       3

සමන් - ඕමානය Wednesday, 04 September 2019 10:47 AM

මෙය රටේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන බරපතල සිදුවීමක්. මේ පිළිබඳව දීර්ඝව සොයාබැලිය යුතුයි. "..වකුගඩු ඒකකයේ සිට කෑගල්ල ප‍්‍රදේශයට බාර දීම සඳහ රැගෙන යන අතරතුර.." මොවුන් මේවා කෑගල්ලට ගෙනගොස් සිදුකිරීමට අදහස් කලේ කුමක්ද? ගඟකට, ඇලකට, දොලකට අතහරින්නද? "මෙම සායනික අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවකුගේ නියෝගය මත මහමග අතහැර ගොස් ඇති බවද..?" මෙම කොන්ත්‍රාත්කරු එම රෝහලේ අපද්‍රව්‍ය ඉවත ගෙනයන කොන්ත්‍රාත්කරුවකු විය යුතුයි. මොහු කොන්ත්‍රාත් එක භාරගෙන ඇත්තේ මේවා බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයකට එකඟ වීමේ පදනම මත විය යුතුයි. මෙය නිසි පරිදි කෙරෙනවාද යන්න නියාමනය කිරීමේ වගකීම ඇත්තේ කාටද? එය නිසි ලෙස නොකර ඇත්තේ මන්ද? "සන්තෝසමක්" ලබාගෙන ඔවුන් අහක බලාගෙන සිටියාද? පොලිසිය මේ ගැන නිසි පරිදි පරීක්ෂණයක් කළ යුතුයි. උසාවියට ඉදිරිපත් කර, උපරිම දඬුවම් දිය යුතුයි. අනෙකුත් රෝහල් වලද, මීට සමාන සිද්ධි වෙනවාදැයි පොලිසියත්, සෞඛ්‍ය බලධාරීනුත් වහාම සොයා බැලිය යුතුයි.

:       0       3

Vajira Sirimanne Wednesday, 04 September 2019 10:48 AM

ගුඩ් වර්ක්... වෙල් ඩන්..

:       0       3

PrabhaWednesday, 04 September 2019 02:52 PM

සිංහලෙන් ඉංග්‍රීසි.. ඔබට සුබ අනාගතයක්..

:       0       0

kap Wednesday, 04 September 2019 10:59 AM

මේ දෙන්නා සායනික අපද්‍රව්‍ය ගැන දන්නේ නෑ. අඩුම ගානේ අත් වැස්මක් නැතුව මේව අතපත ගාන්න.. මේ දේවල්වල මොනතරම් විෂබීජ ඇතිද..? ලේ ගෑවුණු කටු, පිහි තල මෙතන තියෙන්න පුළුවන්.. මෝඩ මිනිස්සු.. දියුණු රටවල්වල මේ දේවල් බැහැර කිරීම ඉතා පරිස්සමින් කරන්නේ.. අපි ඉතින් තාම නොදියුණු ගෝත්‍රිකයින්නේ...

:       0       77

Anurudda Wednesday, 04 September 2019 11:07 AM

නියමයි .. හොඳ වැඩේ අප්පටයි පුතාටයි..

:       0       158

jagath Wednesday, 04 September 2019 11:46 AM

අප්පවයි, පුතයි අල්ලලා හරියන්නේ නැහැ. මේකට අල්වා ගන්නට ඕනේ නියෝග දුන් අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්කරුවාවයි.

:       0       3

chandima Wednesday, 04 September 2019 11:46 AM

පිය පුතු දෙපළට විතරක් දඩගහලා වැඩක් නැහැ. කොන්ත්‍රාත්කාරයාටත් දඩ ගහන්න ඕනෑ.

:       0       3

Nihal Wednesday, 04 September 2019 12:09 PM

අහන්න බැරි අයට දැනෙන්න ඕනේ..

:       0       32

isurandi Wednesday, 04 September 2019 01:58 PM

මෙහෙම මිනිස්සු ඉන්න රටක් කොහොමද දියුණු කරන්නේ? මේක නම් ශ්‍රී ලාංකික ජානවල ප්‍රශ්නයක්...

:       0       3

කරුණාජීව Wednesday, 04 September 2019 06:04 PM

රජය මගින් විසඳිය යුතු ප්‍රශ්න, කොන්ත්‍රාත් ක්‍රමයට විසඳන්න ගියහම මෙහෙම වෙනවා... ප්‍රතිපත්ති, සැලසුම්, ක්‍රියාත්මක කිරීම රජය මගින් සිදු කිරීමට නොහැකි බව මෙතෙක් කල් පාලනය කල රජයන් විසින් ඔප්පුකර ඇති බව පෙනෙනවා...වෙනස් විය යුතුයි ඉතා ඉක්මනින් මේ යන ක්‍රමය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 246 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 707 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1818 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2030 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 619 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 268 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site