(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයකින් එම මන්නා පිහි සහ අත් පොරෝ පොලිසිය බාරයට ගෙන තිබිණි.
වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එය වළක්වා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය අවධානය යොමුකිරීමෙන් පසු මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්
සේන Wednesday, 07 August 2019 05:21 AM
එය සිදුවිය යුත්තක්. මොහු කිසිවෙකුගෙන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද රැගෙන ඒ වැඩේ කළාදැයි සෙවිය යුතුය. ත්රස්තවාදීන් අතට නැවත අවි දීමට තරම් අය පොලීසියට සුදුසු නැත
රවින් Wednesday, 07 August 2019 05:27 AM
මෙවැනි කාර්යයන් නිසා පවතින රජයත්, එම දෙපාර්තමේන්තුවත්, මහා ජනයාත් අපහසු තත්වයකට පත්වනවා යයි නොසිතා තමා ගැනම පමණක් සිතන අයගේ වැඩ
jagath Wednesday, 07 August 2019 05:27 AM
ආදර්ශමත් ක්‍රියාවක්...
Amara Wednesday, 07 August 2019 06:31 AM
ආපසු දුන්නට නම් කමක් නැහැ. ඕවා ඇහුණා කියලා ලැජ්ජාවක් ඇති ජාතියක් නෙමෙයිනේ...
සුදත් ශ්‍රී Wednesday, 07 August 2019 06:51 AM
ඉන්න මම මේක පැහැදිලි කරන්න. වැඩ තහනම් කීවාට මේක රාජකාරී වැඩ තහනමක්. සියලුම වරප්‍රසාද පඩි සහිතව රාජකාරියක් නොකර නිදහසේ පොලිස් ස්ථානයට වෙලා විවේකීව ඉන්නවා කියන එකයි.
Ruwan Wednesday, 07 August 2019 07:02 AM
බූරු වැඩ කරන්න එපා... !!!
janis Wednesday, 07 August 2019 07:06 AM
නීතිය නවන පොලිස් නිලධාරීන්ගෙන් මුළු රටම පිරිලා, පොලිස්පතිතුමා, අගමැතිතුමා එකතු වී රටේ නීතිය අකුරටම ජාති බේද, තරාතිරම නොබලා දඬුවම් දෙන්න. පොලිස්පති තුමාට අපේ ආචාරය... ජය වේවා ශ්‍රී ලංකා!!!
chinthakaWednesday, 07 August 2019 11:52 AM
හා හා ... අගමැතිතුමා?, නැවිල්ලෙත් රාජම නැවිල්ල, (උද නීතිය නැවිල්ල, මහබැංකු නැවිල්ල, හම්බන්තොට වරාය නැවිල්ල, රටේ ඉඩම් නොරටුන්ට නැවිල්ල...)
saman Wednesday, 07 August 2019 07:33 AM
අරුන්ට ළමයි ඉස්සරහ හරක් මරණ පුණ්‍ය උත්සවයට කඩු ටික ආපසු පල්ලි වලට දෙන්න පටන් අරන්... මෙවැනි ආගමකින් සාමයක් බලාපොරොත්තු විය හැකිද? ජනපති විරුද්ධ හින්දු කෝවිල් වල සත්ව ඝාතනයට පමණද? මේ කඩු ආපසු දීමෙන් ජනමතයක් හදනවා පල්ලි වල කඩු තියා ගත්තේ හරක් මරණ පුණ්‍ය කර්මය සඳහා පමණක්ම බව...
NaanaWednesday, 07 August 2019 11:14 AM
ඔයාලා මස් කරන්නේ නැහැනේ..
ishaqWednesday, 07 August 2019 01:29 PM
බෙලි කපන්න ළමයින්ට උගන්වන තැනක්ද මේ?
ඇත්ත සත්‍යපාල Wednesday, 07 August 2019 07:33 AM
ලෝකයේ කිසිම රටක් මෙතරම් විහිලු සපයලා නැතුව ඇති. මේ සහජීවනය කියන උගුලේ වැටිලා කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද කියන දේවලුත් පටලවාගෙන... මේ යන විදිහට අහුවෙන බෝම්බත් ගලවලා වෙඩි බෙහෙත් ටික හෝදලා ඒක ඇතුලේ තිබුණු බයිසිකල් බෝල ඇන ආදිය ආපසු දෙන්න වෙයි...
ravi Wednesday, 07 August 2019 08:43 AM
මේකට , "තොයිලය" කියලත් කියන්න පුළුවන් නේද..?
sarath perth Wednesday, 07 August 2019 09:34 AM
මුළුරටම ආරාජිකවෙලා යහපාලනය දොරෙ ගලනවා..
athuraWednesday, 07 August 2019 10:39 AM
ඕක ඉතින් හිටපු ලොක්කා ජනේලේ එල්ලුණු දවසේ ඉඳලා එයාගේ එහෙයියෝ කියන කතාවක්නේ...
BamunuarachchiWednesday, 07 August 2019 11:26 AM
හලෝ ඔහෙට මලබද්දේ හැදුණත් හිටපු ලොක්කද පලි?
athuraThursday, 08 August 2019 04:02 AM
බමුණා ඔයාට හැදිලා තියන බද්ද ගැන මේක කියවන හුඟදෙනෙක් දන්නවා...
saliyaThursday, 08 August 2019 09:49 AM
ඔව් බමුණා කියන්නේ රටට, ජාතියට ආදරේ කෙනෙක්...!
Asanka Wednesday, 07 August 2019 10:34 AM
මරු පොලිසිය,.. හමුදාවෙන් පල්ලියේ තිබිලා ඇල්ලුවේ කඩු, නමුත් උසාවියට නඩු භාණ්ඩ ලෙස පොලිසිය ඉදිරිපත් කරලා තියෙන්නේ මන්නා පිහි සහ අත් පොරෝ, ඉතින් මන්නා පිහි සහ අත් පොරෝ ළඟ තියන් ඉන්න බැහැ කියලා නීතියක් නැහැනේ. මේකත් අර බෝම්බ කම්හලේ සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියට ඉදිරිපත් කරලා ඇපඅරන් දුන්නා වගේ වැඩක්... සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම මස් කෑල්ලට, සල්ලි මිටියට යටවෙලාද?